IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාජ්‍ය වෙසක් උත්සවය අදින් ඇරඹේ

ඡායාරූප - ළහිරු හර්ෂණ
 
මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දී අද (17) ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, ගාමිණී ජයවික්‍රම යන ඇමැතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ජාතික වෙසක් උත්සවය 17 සහ 18 යන දෙදින තුළ තෙල්වත්ත රත්පත් විහාරස්ථානයේ දී පැවැත්වේ.

 



අදහස් (8)

රාජ්‍ය වෙසක් උත්සවය අදින් ඇරඹේ

Raveendra Friday, 17 May 2019 02:54 PM

සුදෝ සුදට හිටියත් පෙනුමෙන් අපි පිරිසිදුව... අසුචි පිරිසිදු වැඩිය අපේ ඇතුලටත් වඩා ... දොහොත් මුදුන් තියා වැන්දත් බුදු හිමිට.. හිතයට කැකෑරෙන්නේ රජ පුටුව ගැන..

:       2       50

Raveendra Friday, 17 May 2019 03:05 PM

කවුරු වුනත් සංවරවම ඉන්නවනේ...// මොනදේ කරත් බැහැ හංගන්නට අනිකාට ..// මුනේ ලිය වෙලා තියෙන්නේ ජඩකමනේ..// කවදා රට ගොඩ ඒද නොම දන්නේ...//

:       3       41

chathuri Friday, 17 May 2019 03:46 PM

හාමුදුරුවන්ගෙන් අවසරයි කිව්වා. ඇති රටට නායකයෙක් හැටියට තීරණ අරන් වැඩ කරන්න. හිතට බයක් තියෙනවා නම් හාමුදුරුවන්ට කියලා යන්ත්‍රයක් හරි දමාගන්න... කලින් රජ්ජුරුවෝ මොනවද නොකෙරුවේ? දේවාල ඉවර කෙරුවා මිනීඔලු පැළඳගෙන, අපේ රටේ ජනතාව නායකයෝ හිතන තරම් දරුණු නැහැ අහිංසකයි... නමුත් නායකයින්ට වැඩිය බුද්ධිමත්..., නායකයින්ට තීරණ ගන්න බැරි තරම් කොන්ද පණ නැති තත්වයක් තියෙන්නේ... අල්ලසට, පගාවට, වැඩ කරනකොට ඔහොම වෙනවා... කතාව දෝලාවෙන් නැතිව, වැඩ පෙන්වන්න දෝලාවෙන්, රට කරන්න බැරිනම් දීලා යන්න දුක් දෙන්නේ නැතිව කලින් ආපු පාප් වහන්සේත් ඉල්ලා අස් වුණා. දෙවියන්වහන්සේගේ දුන් වගකීම දරන්න. අමාරු ඇති ඒ. නිසා කෑදරකම නැතිව අයින් වුණා. නමට ඉඳලා වැඩක් නැහැ... තනි තීරණ ගන්න ශක්තියක් නැතිනම්, එ්කනේ.... පොහොට්ටුවේ අය කියන්නේ.. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා...

:       0       18

Raveendra Friday, 17 May 2019 03:51 PM

අවසාන ඡායාරූපය දැකීමේදී අපගේ මතකය දිව යනවා මොහිදීන් බෙග් මහත්මයාගේ සුන්දර මෙන්ම අර්ථවත් ගීතයකට. එය පාඨක ඔබ සැමගේ රසවින්දනයට මෙසේ දක්වන්නෙමු. " සිනහවෙන් හෝ කතාවෙන් " බැහැ මනින්නට මිනිසා...// හිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා..// " එකට එක්වී එකට කා බී " එකට සැතපිලා ..// උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා..//

:       1       75

victor Friday, 17 May 2019 08:29 PM

බුදු වදන... " කම්මනා වසලෝ හෝති... කම්මනා හෝති බ්‍රාහ්මනෝ..." . ගෞතම බුදුන්... අපේ ගරු ජනාධිපති ගැන කරන ලද ප්‍රකාශය... උපුටා ගැනීම " වසල සුත්‍රය"

:       0       0

chandima Saturday, 18 May 2019 02:13 AM

අර මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වෙසක් දවසේ පින් පැමිණවීම් කලොත් නරකද?

:       0       0

menna Saturday, 18 May 2019 06:23 AM

සමහර අදහස් බැලුවාම, ලංකාවේ රාජ්‍ය නායකයා වෙන පුද්ගලයාට හොඳට බැනුම් අහලා පුරුද්දක් තියෙන පුද්ගලයෙක් නොවුනොත් ඔහුට එම තත්වය දරා ගැනීමට අපහසුයි කියා මට හිතෙන්නේ... කවුරු හරි නායකත්වය නොදැරුවොත් එ්කත් ප්‍රශ්නයක්... මිනිසුන්ගෙන් බැනුම් අහන්නත් ඕනේ. හාමුදුරුවන්ගේ බණත් අහන්න ඕනේ. අන්තර්ජාතික සංගම්වල කතාත් අහන්න ඕනේ. රටේ නායකයාට මනස හොඳින් තබාගෙන කටයුතු කිරීමේ වාතාවරණයක් ලංකාව තුළ තිබේද? රටේ නායකයාගේ මනස හොඳින් තබාගෙන වැඩ කළ හැකි ක්‍රමයක් තිබුණොත් රටට හොඳක් වෙයි කියලා හිතනවා. රටේ නායකයා ජනතාව නියෝජනය කරන බැවින් බනින පුද්ගලයින්ට රට ගැන අප්‍රසාදයක් ඇතිවෙනවා මෙන්ම තවත් වචනයකින් කිව්වොත් ඔහුට ඔහු ගැනම අප්‍රසාදයක් ඇතිවී තියෙන්නේ. ඒ කියන්නේ ලංකවේ සතුටින් ජීවත් වෙන එක ලේසි වැඩක් නොවේ.

:       0       0

chathuriSaturday, 18 May 2019 11:20 AM

අපේ රටේ නායකයින්ට කොපමණ බැන්නත්, මොවුන්ට ගාණක් නැහැ. ලැජ්ජාවකුත් නැහැ. බලයේ ඉන්නයි, බලයට එන්නයි පොරකන්නේ. මොකද මේක නිධානයක් හොරා කන්න නියම පොට් එක... හිටපු කෙනාට කොයිතරම් දුෂණ නඩු තියෙනවද? මුළු පවුලටම.... එ්ත් දඟලන්නේ බලය අතට ගන්න... සාමාන්‍ය වාසියට පොඩිදේටත් ආතතිය... නමුත් මේ අයියලට මේ කියන කිසිම දෙයක් නැහැ. මොකද හිතන්න මොලයක් නැතිකම.. දෙවියෝ මොවුන්ට තවත් පව් පුරවන්න තමයි මෙහෙම කරවන්නේ ඔලුවෙන්. හිටගෙන වැන්දත් දවසට තුන් පාරක් යන්නේ අපායට. දිවය ලෝකයක් කරන්න පුළුවන් කුඩාරටක්. මේක, මේ හොරා නඩේ අපායක් කරලා තියෙන්නේ. මොවුන්ට දෙවියන්ගෙන් කිසිම සමාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site