
(නුවන් කුමාර)
රාජාංගණය,තලාව,මීගලෑව,තඹුත්තේගම,පහළගම,ගල්නෑව ආදි ප්‍රදේශවල කෙසෙල් හා පැපොල් අලෙවි කර ගත නොහැකිව එම වගාකරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
කොරෝනා ව්‍යාප්තිය හා සංචරණ සීමා නිසා කෙසෙල් හා පැපොල් මිලට ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණෙන බව ද ඔවුහු පවසති. ඇතැම් අවස්ථාවට නියමිත මිලක් නොලැබෙන බව ද ගොවීහු සඳහන් කරති.
ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 8කට ,සීනි කෙසෙල් කිලෝව රුපියල් 10ක් වැනි මිලකටත් පැපොල් කිලෝව රුපියල් 12ක් දක්වා පහත වැටී ඇත.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන පැපොල් හා කෙසෙල් අළෙවි කරගැනීමට නොහැකි නිසා සමහර ගොවියන් නැවතත් ඒවා තම නිවෙස් වලට රැගෙන ගොස් විනාශ කර අතර තවත් සමහර ඇතැම් ගොවියන් ආර්ථික මධ්‍යස්ථානයේම දමා ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ජාතික අපරාධයක්ද? මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න බැරිද? මේ අමාරු වෙලාවේ...!!!
කිසිම සැලසුමක් නැතිව නීති දානකොට ගොවියා අපහසුතාවයට පත්වෙනවා...
එහෙ විකුණාගන්න බැහැ. අපිට ගෙඩියක්වත් හොයාගන්න වත් නැහැ කෙසෙල්...
මේ විශ්වයේ බලය පෙන්නුම් කරන සමයයි. සාධාරණව, ධාර්මිකව ජීවත් නොවන්නවුන්ට දඬුවම් පමුණුවන සමයයි. මෙය අහිංසක මිනිස්සුන්ට වස විෂ කැවීමට සැලැස්වීමේ දඬුවම් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මුදල් ඉපැයීම පිණිස ජඩ වැඩ නොකොට, සාධාරණව, ධාර්මිකව ජීවත් නොවන්නවුන් ඉදිරියේදී තවත් දඬුවම් විඳීමට සූදානමින් සිටිය යුතුයි.
අපූරු කැන් ටික... කොමිස් කුළුණ වටේ එල්ලන්න නම් මරේ මරු...
ඇයි මේ ගොවියන්ට බැරි? නගර පළාත්වල කොයිතරම් ගණන්ද? කීපදෙනෙක් එකතු වෙලා වාහනයක් කුලියට අරගෙන ඔය ඵලදාව නගරයට ගෙනත් දෙන කෙළින්ම පාරිභෝගික අතට ඔහොම තුට්ටු දෙකට දෙන්න එපා...
සෞභාග්‍යයේ දැක්ම...!!!
සමහර සුපර් මාර්කට්වල කෙසෙල් ගිනි ගණන්.. මෙහෙ විකුණගන්න බැරිව කුණු වෙලා, නාස්ති වෙනවා. හරිහමන් කළමනාකරණයක් නැතිකම....
බඩ යන දෙශපාලනයේ තරම්... එලවලු, පලතුරු ටික හරියට එකතු කරලා බෙදා ගන්නට බැරි නරි දෙශපාලනයේ තරම....නගරවල එළවළු, පලතුරු නැතුව මිනිස්සු වේලෙනවා.
ගොවි නිෂ්පාදන සාධාරණ මිලකට ගෙන පාරිභෝගිකයින්ට සහන මිලකට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඇතැම් ඇමතිවරු නන් දොඩවති. කථාව දෝලාවෙන් ගමන පයින්.
කරුණාකර ක්‍රමවේදය කුමක්දැයි වියත්මග මගින් හඳුන්වා දෙන්න.
සර්ට බනින්න එපා. අපි තමයි හොඳට කරලා තියෙන්නේ..ඒක කවුරුත් කියන්නේ නැහැ.
කෙසෙල් දිහා බැලු බැල්මටම පේනවා දලු කෙසෙල්කැන් කපලා බලෙන් ඉදවන දියර ගහලා තියෙන බව... නමුත් රජයක වගකීම රටේ හයිවේ හැදීම පමණක් නොව, මේවා ගැනද රජය වගකිව යුතුයි..