IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රාජාංගනයේ කෙසෙල් පැපොල් වතුවලම කුණු වෙයි

(නුවන් කුමාර)

රාජාංගණය,තලාව,මීගලෑව,තඹුත්තේගම,පහළගම,ගල්නෑව ආදි ප්‍රදේශවල  කෙසෙල් හා පැපොල් අලෙවි කර ගත නොහැකිව එම වගාකරුවෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

කොරෝනා ව්‍යාප්තිය හා සංචරණ සීමා නිසා  කෙසෙල් හා පැපොල් මිලට ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණෙන බව ද ඔවුහු පවසති. ඇතැම් අවස්ථාවට නියමිත මිලක් නොලැබෙන බව ද ගොවීහු සඳහන් කරති.

ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 8කට ,සීනි කෙසෙල් කිලෝව රුපියල් 10ක් වැනි මිලකටත් පැපොල් කිලෝව රුපියල් 12ක් දක්වා පහත වැටී ඇත.  

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන පැපොල් හා කෙසෙල් අළෙවි කරගැනීමට නොහැකි නිසා සමහර ගොවියන් නැවතත් ඒවා තම නිවෙස් වලට රැගෙන ගොස් විනාශ කර අතර තවත් සමහර ඇතැම් ගොවියන්  ආර්ථික මධ්‍යස්ථානයේම දමා ගොස් ඇත.

 

 



අදහස් (14)

රාජාංගනයේ කෙසෙල් පැපොල් වතුවලම කුණු වෙයි

lola Tuesday, 01 June 2021 01:37 AM

මොන ජාතික අපරාධයක්ද? මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න බැරිද? මේ අමාරු වෙලාවේ...!!!

:       7       5

Nihal de silva Tuesday, 01 June 2021 02:23 AM

කිසිම සැලසුමක් නැතිව නීති දානකොට ගොවියා අපහසුතාවයට පත්වෙනවා...

:       2       9

සිරිබිරිස් Tuesday, 01 June 2021 03:03 AM

එහෙ විකුණාගන්න බැහැ. අපිට ගෙඩියක්වත් හොයාගන්න වත් නැහැ කෙසෙල්...

:       1       8

විශ්වය....ගම්පහ. Tuesday, 01 June 2021 03:08 AM

මේ විශ්වයේ බලය පෙන්නුම් කරන සමයයි. සාධාරණව, ධාර්මිකව ජීවත් නොවන්නවුන්ට දඬුවම් පමුණුවන සමයයි. මෙය අහිංසක මිනිස්සුන්ට වස විෂ කැවීමට සැලැස්වීමේ දඬුවම් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මුදල් ඉපැයීම පිණිස ජඩ වැඩ නොකොට, සාධාරණව, ධාර්මිකව ජීවත් නොවන්නවුන් ඉදිරියේදී තවත් දඬුවම් විඳීමට සූදානමින් සිටිය යුතුයි.

:       3       7

Kamal Tuesday, 01 June 2021 04:15 AM

අපූරු කැන් ටික... කොමිස් කුළුණ වටේ එල්ලන්න නම් මරේ මරු...

:       2       11

mihira Tuesday, 01 June 2021 04:26 AM

ඇයි මේ ගොවියන්ට බැරි? නගර පළාත්වල කොයිතරම් ගණන්ද? කීපදෙනෙක් එකතු වෙලා වාහනයක් කුලියට අරගෙන ඔය ඵලදාව නගරයට ගෙනත් දෙන කෙළින්ම පාරිභෝගික අතට ඔහොම තුට්ටු දෙකට දෙන්න එපා...

:       0       15

kamalTuesday, 01 June 2021 07:05 AM

මහත්තයෝ ගොවින්ට දොස්නොකියා නගරේ ඉනන ඔබ වගේ කිප දෙනකුට ඒකතුවෙලා මේදේ කරනන බැරිද

:       0       1

Rata Perata Tuesday, 01 June 2021 05:58 AM

සෞභාග්‍යයේ දැක්ම...!!! 

:       3       10

විපරමා Tuesday, 01 June 2021 06:31 AM

සමහර සුපර් මාර්කට්වල කෙසෙල් ගිනි ගණන්.. මෙහෙ විකුණගන්න බැරිව කුණු වෙලා, නාස්ති වෙනවා. හරිහමන් කළමනාකරණයක් නැතිකම....

:       0       3

Kalpa Tuesday, 01 June 2021 06:38 AM

බඩ යන දෙශපාලනයේ තරම්... එලවලු, පලතුරු ටික හරියට එකතු කරලා බෙදා ගන්නට බැරි නරි දෙශපාලනයේ තරම....නගරවල එළවළු, පලතුරු නැතුව මිනිස්සු වේලෙනවා.

:       0       3

ඤාණදාස රන්මුතු Tuesday, 01 June 2021 06:47 AM

ගොවි නිෂ්පාදන සාධාරණ මිලකට ගෙන පාරිභෝගිකයින්ට සහන මිලකට ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඇතැම් ඇමතිවරු නන් දොඩවති. කථාව දෝලාවෙන් ගමන පයින්.

:       1       4

Voters Tuesday, 01 June 2021 07:26 AM

කරුණාකර ක්‍රමවේදය කුමක්දැයි වියත්මග මගින් හඳුන්වා දෙන්න.

:       1       3

fairoos Tuesday, 01 June 2021 07:34 AM

සර්ට බනින්න එපා. අපි තමයි හොඳට කරලා තියෙන්නේ..ඒක කවුරුත් කියන්නේ නැහැ.

:       1       3

vikum Tuesday, 01 June 2021 07:52 AM

කෙසෙල් දිහා බැලු බැල්මටම පේනවා දලු කෙසෙල්කැන් කපලා බලෙන් ඉදවන දියර ගහලා තියෙන බව... නමුත් රජයක වගකීම රටේ හයිවේ හැදීම පමණක් නොව, මේවා ගැනද රජය වගකිව යුතුයි..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site