
(අංජුල මහික වීරරත්න)
වසංගත රෝ බියෙන් පීඩිත සියලු ලෝවාසී ජනතාවට ආශිර්වාද පතා අනුරාධපුර ඵෙතිහාසික ස්වර්ණමාලී මහසෑය අභියසදී දින හතක් පුරා රතන සූත්‍ර සජ්ඣායනයක් ඇරඹූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන සංවිධාන කර තිබේ. මෙම මස 20 වන දින දක්වා සෑම දිනකම පස්වරු 5.30 සිට පසුදා පහන් වනතුරු පවත්වන මෙම රතන සූත්‍ර සජ්ඣායනය ස්වර්ණමාලී මහසෑ බටහිර දොරටුව අභියස සිදුකෙරෙයි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියපත පදනම එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කල හැකි දෙයක් නැත. තම තමන් අදහන ආගම සිහිකර,සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය පිළිපදිමින්, නිවසට වී සිටීම එකම විසඳුම වෙනවා .පාලනාධිකාරය දැඩි පිළිවෙතක් අනුගමනය කලොත් මෙය වලක්වා ගත හැක .මරණ මංචකයේ සිට ආර්ථිකය , මුදල් ගැන කතා කරන බමුණන් රටින් පිටුවහල් (ටික කලකට )කල යුතුමය .
කරන්න ඕන දේවල් කරන්නේ නැතුව රාජ්‍ය අනුග්‍රහයෙන් බහු බුත කරනවා
හරි....නියමයි....දැන් එන්නත් කරන එක නවත්වන්න. බුදුදහමේ උගන්වන්නේ බුද්ධිය උපරිම කරගෙන ලෝකයේ ස්වභාවය හදුනාගෙන ජීවත්වේමට මිසක් මෙවැනි පුහු දේවල් කර කාලයත් දනයත් නාස්ති කිරීමට නොවේ. බුදුන්වහන්සේ නිර්දය ලෙස බැහැර කල බොහෝ දේ අද හාමුදුරුවරු තන්හාවෙන් අල්ලාගනී. වරද මෙතැනය.
මෛත්‍රිිය, කරුණාව , පරහිතකාමී බව , සසර දුක හඳුනාගෙන , සියල්ල අත හැර බව දුකින් මිදීම මේ සියල්ල කැටි වූ තැන ඇත්තේ සමස්ථ සත්ත්ව වර්ගයා කෙරෙහි පැතිරෙණ සෙතක්මය. සාදු ! සාදු !
දැන් මෙච්චර කල් පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම වැහුවා .කොරෝනා වලට බයේ .දැන් මේ විකාර කරනවා
මම උදේ සවස නිහඬව බුදුන් වැඳ භාවනා කරන විශ්‍රාමිකයෙක්. රටට සෙත්පතායැයි පන්සලෙන් කරන මහා කාලගෝට්ටිය මාගේ නිවන් සුවපතා සිදුකරන ආගමික වතාවත්වලට මහත් බාධාවකි . පින් ඇති පාලකයෝ මේ පිලිබඳව සොයා බලත්වා..
" රෝබිය දුරු කරනු මැනේ .. රන් මැලි සෑ සාමිනේ .. විෂ වෛරස නසා අනේ .. සලසනු සෙත පා සෙනේ .. "
සාදු සාදු සාදු සාදු
පින්තුරවලින් පේනවනේ මේක රජයේ මුදල් වලින් කරපු දෙයක් බව
ඔය කතාවම එදා විශාලා මහනුවර තුන්බිය දුරුකරන්න අපේ බුදු රජාණන්වහන්සේ රතන සුත්‍රය දේශනා කරන්න යන දවසේ කොහෙද යන හාල්පාරුවෙක් එදා රජකම් කරපු ,ලිච්චවී රජදරුවන්ට කිව්වලු .හැබැයි තුන්බියත් දුරු උනාලු .නිකන් කහින්නේ නැතිව ඉඳපන් .හොඳ දෙයට හොඳයි කියන්නේ නැතිව
මිත්‍යාව තවත් අත්හැර නොමැති බව මෙයින් පෙනෙයි! - කරුණාකර බුදු දහම වැනි දර්ශනයකට අපහස කරන්න එපා! - බුදු දහම යනු ලෙඩ සුව කරන විජ්ජාවක් නොවේ!
මේවගේ ප්‍රාතිහාර්යමය හාස්කම් තියෙන්නේ ලංකාවේ විතරයි .බුද්ධ ධර්මය මෙලොවට බිහි වුන ඉන්දියාවේත් නැහැ මෙහෙම විකාර
රුවන්වැලි සෑ වහන්සේගේ, කොත්වහන්සේ ,ඉවත් කරන වෙලාවේදි ඇන්ටනාවක් සවිකරන ලද බවක් මාධ්‍යයේ පලවුනා. ඒක ඇත්ත නම් කුමටද කියන්න
ඕක විතරක් කරලා ඇති ද? නරකද ඒ දවස්වල හොඳයි කියලා කියාපු පැණියෙනුත් ටික ටික දීලා දැම්මානම්?
මේ මොන පිස්සුවක්ද .ගල් වලින් හදපු දේවල් වලට පුලුවන්ද රෝ භිය දුරු කරන්න .මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පිස්සු .ගස් ,ගල් දැන් සිමෙන්ති ගල් .පිස්සෝ තමයි .
අබේරත්න , වඳුරා දකින දකින දේ පහුරු ගාන්නේ අවබෝධයෙන් නොවන සේ, උප්පැන්නෙන් සහ පරම්පරාවෙන් පමණක් බොදු නුවන් වූ පන්සිල් පදවත් නොදන්නා මිසදිටුවන් රැලක් සමාජ මාධ්‍ය ජාල තුලින් නිතරම බෞද්ධ ජනතාව සහ එම චාරිත්‍ර වාරිත්‍ර දිනපතාම අපහාසයට ලක්කරනු පෙනේ.මේ කාලකන්නි නොදන්නා එකම දේ "බීජ කොතරම් හොඳ වුනත් ගල්තලාවක රෝපණය නොවන බවයි " විවේචනය සහ අපහාස උපහාස අතර වෙනස නොදැන මඩ ගහන මේ මෝඩයින්ට කියන්නේ " බල්ලෝ බුරයි තවලම ඉදිරියට ඇදෙයි " යන කියමනයි.
කොරෝනා වලට බෙහෙතක් ලෝකයේ කවුරුන් හෝ සොයා ගත්තද.. ඔය මෙනවා කිව්වත්, එන්නත පස්සෙන් වැටී ගෙන පොර කා ගෙන විදගත්ත අය සනීපයෙන්ද.. උන, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ට එන්නත් දුන්නේ කවද්ද.. ඉඟුරු, කොත්තමල්ලි බීම, දිනකට දෙතුන් වර හුමාලය ඇල්ලීම, දෙහි ඉඟුරු තම්බා මීපැණ මුසු කර බීම හොඳම ඖෂධය බව නොදන්නේ කවුද..
රෝ බිය දුරු වේවා.!
රෝගය හැදෙන්නේ ශරීරයේ, රෝබිය හැදෙන්නේ මනසේ. රෝගයට බෙහෙත එන්නත, රෝ බියට බෙහෙත සැනසීම. පොඩි දෙයක්වත් තේරුම් ගන්න අබ ඇටයක් තරම් වත් මොලයක් නැද්ද?
රන් මැලි සෑ ආනුභාවයෙන් රෝ බිය දුරුවේවා.!