











(රොමේෂ් මධුෂංඛ)
තෛපොංගල් උදාවෙන් පසුව පවත්වන වාර්ෂික සරුංගල් සැණකෙළිය යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනය ඇතුළු මුහුදු තීරයේදී යාපනය ජනතාවගේ සහභාගීත්වයෙන් මෙවර ද පැවත්වුණි.
කරත්ත, මාළිගා, සත්ත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයේ ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සැණකෙළිය වෙනුවෙන් සකස් කර තිබිණ.
වෙහෙසට පත් ගොවි සහ ධීවර ප්‍රාජාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස මෙම සරුංගල් සැණකෙලිය පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සරුංගල් සැණකෙළිය සංවිධානය කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
251
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
397
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනය අහස සරුංගල් සැණකෙළියෙන් හැඩ වෙයි
Nuwan Thursday, 17 January 2019 06:42 AM
කොයි තරම් සුන්දරද මේ දසුන් , එදා මිසයිල රොකට් ඇරපු තරුණයෝ අද සරුංගල් යවනවා ....මිනිස්කමේ අගය සියල්ලෝ තෙරුම්ගනිත්වා
V.warnakulasuriya Thursday, 17 January 2019 07:16 AM
මේක බටහිර කුමන්ත්‍රණයක්.
sumal Thursday, 17 January 2019 12:28 PM
වි.වර්ණකුලසුරිය ඔබ වැරදියි. මේක මහින්දගේ කුමන්ත්‍රණයක්...බටහිර කියනදේවල් අහන්නේ නැතුව යුද්දේ ඉවර කරන්න කියල අණ දුන්න, දැන් ඒ මිනිස්සු සරුංගල් යවනවා...මේක මහින්දගේ ප්‍රබල කුමන්ත්‍රණයක්.
Bamunuarachchi Thursday, 17 January 2019 02:57 PM
මහින්ද මහතානනී ඔබ මෙ ජනතාවට සරුංගල් යවන්න තරම් නිදහසක් ලබා දුන්න කියා උන්ටම අමතකයි නේද?
Bamunuarachchi Thursday, 17 January 2019 03:02 PM
කාටද ආඩම්බර. අලිමංකඩ තිබෙන්නේ පාමන්කඩවත් කිලිනොච්චිය තිබෙන්නේ මැදවච්චියේ නොවන බවවත් ඒ ගොබ්බයින්ට තේරෙනවා ඇති. යාපනයේ සරුංගල් අරින මිනිසුනේ ඔබලාගේ ඔය සතුටේ නිර්මාතෘවරයා සිහිකර පල්ලා!
Raveendra Thursday, 17 January 2019 05:41 PM
හරිම සුන්දර දර්ශන කීපයක්.
Bamunuarachchi Friday, 18 January 2019 01:46 AM
sumal ඕවා කටින් කීවාට සමහර ගොබ්බ්යින්ට තේරෙන්නේ නැත. හොම්බටම අැනලා කියාදෙන්න ඕනෑ.
V.warnakulasuriyaFriday, 18 January 2019 12:12 PM
අපිටත් ඕන කරනවා හොම්බට ඇනලා හිර ගෙවල්වලට යවන්න ඕන කොටසක්... වන්දනාවේ යෙදෙන වහල්ලු නිසා එය ඉටු නොවීම කණගාටුවට කරුණකි.