නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (3) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
එහිදී හමුදාපතිවරයා අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර අමාත්‍යවරයා ද සමරු සිහිවටනයක් පිරිනමා සුහද සාකච්ඡාවක නිරතවිය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුද හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි
Nuwan Tuesday, 03 September 2019 07:01 AM
රටේ ආරක්ෂාව ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක් ආරක්ෂක ඇමති, ආරක්ෂාව සහ යුද්ධ ගැන පරිණත කෙනා හමුදාපති. ඉතින් රටක ආරක්ෂාව ගැන මොන කතාද? ලංකාවේ දේශපාලනේ ගැන තවත් උදාහරණයක් තමා මේක. නමුත් කතාව රට සිංගප්පුරුවක් කරන්න. මීට කලින් හිටපු අයත් මේ වගේම වැඩ තමා කලේ.
sugath Tuesday, 03 September 2019 07:10 AM
ආරක්ෂාව ගැන ඉගෙන ගන්න නියම කෙනා මුණගැහිලා තියෙනවා . ඇමතිතුමා මේ අවස්තාව අතහරින්න එපා .
sirimal Tuesday, 03 September 2019 08:24 AM
මේ කතාව අන්තර් ජාලයේ දුටුවෙමි. "බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු රාජකාරියෙන් බැහැරකර කාලතුවක්කු රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි බ්‍රිගේඩියර් අනුරශාන්ත හේවාවිතාරණ යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වරයා ලෙස පත් කර තිබේ.පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමනිසා ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස්ට ඉල්ලා අස්වන්නට විය.එම තනතුරට පත් කරන ලද්දේ විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් කුලතුංගය. ඔහු පාබල හමුදාවේ සේවය කළ අයෙකි. එය "වොලිබෝල් ගසමින් සිටි අයෙකු ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගහන වෙලාවක අපේ කණ්ඩායමේ නායකයා කළා" වැනිය.ශවේන්ද්‍ර තමාගේ ලේකම්වරයා ලෙස පත් කර ගත්තේ කර්නල් හෙෂාන් සිල්වාය.හෙෂාන් සිල්වා යනු ගෝඨාභයගේ හිටපු අධි සහායකය.හමුදා නිලධාරියෙකු තමාගේ ‘අධි සහායක’ ලෙස පත් කර ගන්නේ තමාගේ රහස් රකින තමාට හිතවත්ම නිලධාරියාය. ශවේන්ද්‍ර සිල්වා තමාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කර ගත්තේ බ්‍රිගේඩියර් රන්ජන් ළමාහේවාය.ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳැවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධව දැනට ඇප මත සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ සොහොයුරා ය." මේවා ඇත්තද බොරුද කියා අපිනම් දන්නේ නැත.