IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මහවැස්සෙන් බෙලිඅත්ත යටවෙයි

(අනීෂා මානගේ)

බෙලිඅත්ත ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල්, නිවාස සහ අතුරු මාර්ග රාශියක් ජලයෙන් යටවී තිබේ.

බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ සහ නගරය අවට වෙළෙඳසැල් සහ නිවාස 25ක් පමණ මෙලෙස ජලයෙන් යටවී පැවතිණි.

බෙලිඅත්ත මිහිඳු මාවත අඩි 3ක් පමණ ජලයෙන් යටවී පැවති ආකාරය දක්නට හැකිවිය.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා ඇතුළු සභාවෙ සේවකයන් ජේසීබී යන්ත්‍ර යොදා ජලය බැස යාමට හැකිවන පරිදි අවහිර වූ ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර ඇත.

 



අදහස් (11)

මහවැස්සෙන් බෙලිඅත්ත යටවෙයි

Shehan Saturday, 09 November 2019 12:19 PM

අයියල මල්ලිලා රට හදන්න යනවා... තමන්ගේ ආසනේවත් හරියට පිළිවෙලක් කරන්න බැරුව...

:       1244       2140

janahitha Saturday, 09 November 2019 01:26 PM

ආසනේ නැහැනේ. ඒකනේ ඉල්ලන්නේ. වතුර බස්සවන්න පුළුවන් මර්වින් සිල්වා හිටිය නම්......

:       6       39

SLMonday, 11 November 2019 03:19 PM

පැය භාගයක් වැස්සත් කොළඹ යටවෙනවානේ..! එතකොට රනිල්ට බනින්නේ නැත්ද?

:       7       8

දෙනෙත් Saturday, 09 November 2019 12:42 PM

මල්ලි ආවොත් අයියගේ බෙලිඅත්ත හදලා දෙයිනේ. රටේ අවුරුදු 10ක් ජනාධිපති වෙලා හිටපු මනුස්සයෙක්ගේ මැතිවරණ බලප්‍රදේශය... පැයක් වැස්සොත් වතුර බහින්නේ නෑ..

:       53       55

mihira Saturday, 09 November 2019 02:42 PM

කතාව රට හදන්න. ඔන්න පේනවනේ ගමේ හැටි.

:       45       18

Kumara Saturday, 09 November 2019 04:22 PM

මැදමුලන වලව්වත් යටවෙලාද?

:       3       56

බද්රානි Saturday, 09 November 2019 04:57 PM

ඒ පැත්තේ අය කරන වැඩවල හැටියට ඔහොම වෙලා බේරුනොත් ඇති? ඒ අයට නම් මොකද? පව් ඉතින් ගමේ කියලා ඔවුන්ගේ අකටයුතුකම් අනුමත කරන අහිංසක, දුප්පත් මිනිස්සු.

:       11       5

කුමාර Saturday, 09 November 2019 05:57 PM

හොඳට බලන්න අධිවේගී පාර හදන්න ඇති පහත බිම් ගොඩ කරලා. වතුර බහින්න විදියක් නැහැ.

:       36       11

de silva Sunday, 10 November 2019 05:23 AM

ෂෙහාන් මහත්මයා. මම රාජපක්ෂලාගේ පවුල්වාදී දේශපාලනයට විරුද්ධ වුනත් අනිවාර්යයෙන් කියන්න ඕනේ රාජපක්ෂ පවුල බෙලිඅත්තට සහ එම අවට ප්‍රදේශ වලට විශාල සේවයක් කරලා තිබෙනවා.

:       58       85

ShehanSunday, 10 November 2019 02:28 PM

කරන්න එපැයි ඉතින් 1947 ඉඳලා පාර්ලිමේන්තුවේ උන්නාන්සේ රාජපක්ෂලා. ඒ මදිවට ධුර දෙකක් රටේ ප්‍රධානියා වෙලත් උන්නනේ.... සුදු අලි හැදුව එක තමයි වුනේ ගොඩක්ම. අවුරුදු 20 කට කලින් හම්බන්තොට රටේ තිබුන දුප්පත්ම දිස්ත්‍රික්කයක්.... තාමත් එ්කේ වැඩි වෙනසක් වෙලා නෑ. භෞතික සම්පත වගේම මානව සම්පතත් දියුණු කරා නම් 2014 අර විදියට පඹයෙක්ට පැරදිලා ජනෙල් පඩියේ එල්ලීගෙන ඉන්න වෙන්නේ නෑ. මිනිස්සු ආදරේ කරපු නායකයෙක් තමන්ට ආදරේ කරන මිනිස්සුන්ටම බොරු කරලා වංචා කරාම වෙන්නේ ඕක තමයි. ඔය තරම් බින්දුවට වැටිලත් අලුත් පක්ෂයක් හදාගෙන මේ තරම් දුරට එන්න පුළුවන්... කියන්නේ දේශපාලනයේ තීක්ෂණ බුද්ධියක් තියෙන මනුස්සයෙක් නිසානේ... ඇයි බැරි පිරිසිදු දේශපාලනයක් කරන්න දැන්වත්? හොරුයි කුඩු කාරයෝ ටිකයි වට කරගන්නේ නැතුව. මම නිමල් ලංසා, රත්තරන් වගේ මිනිස්සු මගේ දේශපාලනේට ආයිත් ගාවගන්නේ නෑ කියලා වැඩේ පටන් ගත්තා නම් දැන් ඔය 50-50 තියෙන ඡන්දෙ 75-25 කරගන්න තිබ්බ ලේසියෙන්ම... මමත් හම්බන්තොට ඉපදිලා සැලකිය යුතු කාලයක් එහෙ හැදුණු කෙනෙක් විදියට කියන්නේ මේ... 90% කරලා තියෙන්නේ භෞතික සංවර්ධනයක් විතරයි ඔය කියන රාජපක්ෂ පවුල... ඒකට සාපේක්ෂව යන මානව සංවර්ධනයක් වෙලාම නෑ...

:       33       143

Sumith Sunday, 10 November 2019 08:14 AM

යහපාලනේ දෝරෙ ගලනවා.

:       76       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1870 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1507 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site