(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල්, නිවාස සහ අතුරු මාර්ග රාශියක් ජලයෙන් යටවී තිබේ.
බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ සහ නගරය අවට වෙළෙඳසැල් සහ නිවාස 25ක් පමණ මෙලෙස ජලයෙන් යටවී පැවතිණි.
බෙලිඅත්ත මිහිඳු මාවත අඩි 3ක් පමණ ජලයෙන් යටවී පැවති ආකාරය දක්නට හැකිවිය.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා ඇතුළු සභාවෙ සේවකයන් ජේසීබී යන්ත්‍ර යොදා ජලය බැස යාමට හැකිවන පරිදි අවහිර වූ ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියල මල්ලිලා රට හදන්න යනවා... තමන්ගේ ආසනේවත් හරියට පිළිවෙලක් කරන්න බැරුව...
මල්ලි ආවොත් අයියගේ බෙලිඅත්ත හදලා දෙයිනේ. රටේ අවුරුදු 10ක් ජනාධිපති වෙලා හිටපු මනුස්සයෙක්ගේ මැතිවරණ බලප්‍රදේශය... පැයක් වැස්සොත් වතුර බහින්නේ නෑ..
කතාව රට හදන්න. ඔන්න පේනවනේ ගමේ හැටි.
මැදමුලන වලව්වත් යටවෙලාද?
ඒ පැත්තේ අය කරන වැඩවල හැටියට ඔහොම වෙලා බේරුනොත් ඇති? ඒ අයට නම් මොකද? පව් ඉතින් ගමේ කියලා ඔවුන්ගේ අකටයුතුකම් අනුමත කරන අහිංසක, දුප්පත් මිනිස්සු.
හොඳට බලන්න අධිවේගී පාර හදන්න ඇති පහත බිම් ගොඩ කරලා. වතුර බහින්න විදියක් නැහැ.
ෂෙහාන් මහත්මයා. මම රාජපක්ෂලාගේ පවුල්වාදී දේශපාලනයට විරුද්ධ වුනත් අනිවාර්යයෙන් කියන්න ඕනේ රාජපක්ෂ පවුල බෙලිඅත්තට සහ එම අවට ප්‍රදේශ වලට විශාල සේවයක් කරලා තිබෙනවා.
යහපාලනේ දෝරෙ ගලනවා.