
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා එන්නත් ලබා දීමේදී පුත්තලමට අඩු සැලකිලි දක්වන බව කියමින් අලුත්ම ආකාරයේ උද්ඝෝෂනයක් මහවැව නගරයේදී පැවැත්විණි.
කොරෝනා වසංගතය නිසා පොදු ස්ථානවලට එක්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම අනතුරු දායක බැවින් මිනිස් අනුරූ වල පොස්ටර් එල්ලා ( ඩමි) එම විරෝධතාව සංවිධානය කළේය.
මෙම මිනිස් අනුරූ විරෝධතාවය මහවැව නගර මධ්‍යයේ පිහිටි හෝරා ස්ථම්භය වටා සකසා තිබුණි .
එම අනුරුවල කෝවිඩ් එන්නත් ප්‍රමාද විමට දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට චෝදනා එල්ල කර පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබේනු දැක ගත හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහලා තියන විදිහට නම්, පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉතාම පිළිවෙලකට එන්නත් කරණය සිදුවෙනවා. එත්, සමහර අවස්ථාවලදී , "පුත්තලම් බුරුවෙක්" එන්නත් කරන මධ්‍යස්ථානවලට කඩා වදිනවා කියලත් ආරංචියි. සමහරවිට ඔක්සිජන් සොයාගෙන එනවද කියන්න දන්නේ නැහැ??
පුත්තලම් බූරුවන්ව පත් කරපු අපිටමයි මඩු වලිගෙන් ගහගන්න වෙලා තියෙන්නේ...
මාස්කුත් දාලා...!!!
මිනිස්සු පාරට බැස්සොත් ගුටි ඒ නිසා ඩමි දාලා
පුත්තලම් බූරුවෝ පත් කරපු මන්ත්‍රීවරු හරිම බිසී මේව ගැන හොයන්න වෙලාවක් නෑ. වැලි වලින් කප්පම් ගන්න තියෙනව. පස් වලින් කප්පම් ගන්න තියෙනව. හෙන්චයියන්ට ඉඩම් බෙදන්න තියෙනව.
සනී කියලා පුත්තලම් බූරුවෙක් ඉන්නවාද?
පළමුව අප මෙම උද්ගෝෂණ මෝස්තරය කලාව නවමගකට මෙන්ම එය නිර්මාණශීලි ලෙස තම විරෝධතාවය ඉදිරිපත්කිරීම හදවතින්ම ගරු කරන්නෙමු.මක්නිසාදයත් කාලකන්නි රතුහැට්ටකාරයන්ට මෙන්ම උන්ගේ ඇම්බැට්ටයන් වන අන්තරේ අන්දරේලාට පෝස්ටර් ඇදීමට මෙන්ම මහජනතාවට අවහිර වන ලෙස අසංවර, රස්තුයාදුකාරයන් ලෙස හැසිරීම , මහජන දේපොළ හානිකිරිම මෙමගින් සහමුලින්ම තිත තියා ඇති බැවිනි. අවංකව මධ්‍යස්තව හිතන පතන ඥාණය තිබෙන මිනිසුන් මෙහි සදහන් කරුණු පිලිබදව තම අවදානය යොමුකරනු නියතය.එසේ කරනුයේ මිනිසුන්ට මෙම විරෝධතාවයෙන් කරදරයක් අවහිරයක් නොවෙන බැවිනි. අවංක ඉල්ලීම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට කරදරවන ලෙස හැසිරෙන උද්ඝෝෂකයන්ට අහිංසක මහජනතාව සාපකරනවාය.එයයි යතාර්ථය. අවාසනාවකට කලුකුමාරයා ප්‍රමුක රතුචිත්තකාරයන් මෙන්ම උගත් පුතානොද මෙය නොදැන සිටීම කනගාටුවකි.
ඔක්සිජන් කන්නද කියලා අහන අයව පාර්ලිමේන්තු යවපු පුත්තලම් බූරුවෝ දැන්වත් පිළිගත්තු එක හොඳයි ඔවුන් පුත්තලම් බූරුවෝ බව.
ආදර්ශයට ගත හැකි හොඳ ක්‍රියාවක්... මහජනයාටත් කරදරයක් නැහැ. පොලිසියටත් ඔලුවේ කැක්කුම පොඩ්ඩක් අඩුවෙයි.. පණිවිඩයත් අවශ්‍ය තැන්වලට යයි. ඒකනේ වෙන්න ඕනේ.
රට පුරාම තත්වය නරක අතට හැරිල කියල වෛද්‍ය අංශ කියනව. ජීවිතේට ආසාවක් තියෙනව නම් ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගිහින් එන්නත ගන්නත් උදේ හවා කියනව. නමුත් වැඩේ තියෙන්නෙ පුත්තලම් දිස්ත්‍රීක්කයේ එහෙම තැනක් තියෙනවද කියලයි. එහෙම තියෙනව නම් පුත්තලම සාලියවැව පැත්තෙ ජනතාව එන්නත්කරණ තැන් හොය හොයා අනුරාධපුර පැත්තෙ යයිද? බලධාරින් හැකි ඉක්මනින් පුත්තලම් දිස්ත්‍රීක්කයේ මෙතෙක් එන්නත් නොකරපු ජනතාව කෙරෙහිත් අවධානය යොමු කරන්න.
කාලයට ගැලපෙන හොද විරෝධය පළ කිරීමක්. බෝවීමත් නැහැ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අවශ්‍යත් නැහැ. ගුරු සංගම්වලටත් අනුගමනය කරන්නයි කියමු. පුත්තලම ජනතාව බුද්ධිමත් කියලයි කියන්න තියෙන්නෙ.
මුන්ට මොලේ තියෙනවා විශ්ව විද්‍යාල වල උගන්නන උන්ටයි, ගුරුවරුන්ටයි, විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න උන්ටයි වඩා.