
(සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර)
දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට හා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ ආබාධිත රණවිරුවන්ට සෙත් පැතීම සඳහා මහවැලි අධිකාරිය සංවිධානය කරනලද දානමය පුණ්‍යකර්මයක් අද (19) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවැලි කේන්ද්‍රය කළගුණ සැලකීම ගැන ස්තුතියි. යුද්ධය දිනුවට පස්සේ රණවිරුවන් වැටුප් ඉල්ලා පාරේ රස්තියාදු කරන්න තරම් අපේ පාලකයෝ කෙලෙහි ගුණ අමතක කළා. අපි වැඩ කරන්නේ පැය ගානට- ජීවිත තර්ජන නැතුව. ඔවුන් වැඩ කලේ පැය ගානට නොවේ. ජීවිත පරදුවට තබලා නේද? එය අපේ වගේ තවත් රැකියාවක් ලෙස සැලකීම වැරදියි.
යුධ ජය සමරනවාට වඩා මේවගේ පින්කම් වටිනවා.
ජිවිත පරදුවට තබා ක්‍රියාන්විතයේ යෙදී සිටියදී අත පය අහිමිව ඇස් දෙක පවා අහිමිව අපගේ ජිවිත රැකදුන් අද දින වෙනකොට අසරණවූ රණවිරුවෝ කී දහසක් ජිවත් වෙනවද ? ඔවුනට ජිවත් වීමට ඔවුන්ගේ මාසික වැටුප ඉල්ලා මහමඟ ඉන්නවද ? අද දින රණවිරුවන්ගේ අදරණීයයන් පාරවල් ගානේ ලත වෙනවා. දිවිපිදු රණවිරුවන් හට පින්දීම හොඳයි . අසාධාරණයට ලක්වී සිටින දැනට ජීවත්වෙන අපගේ අභීත රණවිරුවන්ට කෘතගුණ සැලකීමක් විදියට ඔවුන් හා ඔවුන්ගේ අදරණීයයන් ගැන සොයා බැලුවොත් ලොකුම පිනක් වේවි .අපගේ සහෝදර රණවිරුවන් ගැන අද දිනේ සිටවත් සොයා බලා අසරණ වූ අයට සරණක් වීමට සිතට ගත්තොත් හොදයි නේද. ?එය උත්තරීතර පින්කමක් වේවි .
අැයි අනේ අනික් අයටත් එක්ක දානේ දුන්නා නම් මොකද වෙන්නේ? ප්‍රේමදාස, ජෙයරාජ්, ලක්ෂ්මන් කදිරගාමර්, කොබ්බෑකඩුව තව කොච්චර ඉන්නවද?