(දයාරත්න ඇඹෝගම)
 
මහවැලි එච් කළාපයේ අලුත් සහල් මංගල්‍යය උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුකන පිළිම වහන්සේ අභියසදී අද (25)  පැවැත්විණි.

 
මහවැලි එච් කළාපයේ ගොවි ගෙවිලියන් සාම්ප්‍රදායිකව වාර්ෂිකව පසුගිය මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් කළාවැව් පාමුල පිහිටි අවුකන බුදුරුවට පූජා කිරීමේ පිංකම අවුකන විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදී මහවැලි එච් කළාපයේ කොට්ඨාශ කළමනාකරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.
 
මෙම අවස්ථාවට  අවුකන රාජ මහා විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්, මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර අයි.එම් උභය කළ්‍යාණ කුමාර මහතා ඇතුළු රාජ්‍යය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා  ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගී වූහ.