IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහනුවර කුඹල් පෙරහර ඇරඹේ

(චමිල් රුපසිංහ)

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.16ට වයඹ දිශාභිමුඛව ගමන් කිරීම ඇරඹුනි.

පෙරහැර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, ඔස්සේ පන්සලපාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ විදීය, යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ ඉන්දි රාජා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස බුරුම රාජා සහ මියන්රාජා ඇත්තු ගමන් කළහ.

මෙවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 80 ට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවත් දේශිය සංස්කෘතිය විදහාපාන නර්තනයන්ගෙන් සමන්විත බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය.

අදින් ඇරඹුණු කුඹල් පෙරහර අගෝස්තු මස 20 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 21 සිට 25 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර හෙට (17) ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 7.07 ට දකුණු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය, ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසළ මහා මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (25) රාත්‍රී වීදි සංචාරය කර (26) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදි සංචාරය කිරීමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද  දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.



අදහස් (0)

මහනුවර කුඹල් පෙරහර ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site