(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (09) රාත්‍රී 7.45 දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය ) , යටිනුවර විදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් යළි දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය.
පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ සිංහ රාජා හස්ථියා වන අතර දැලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කළහ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රණ්දෝලි පෙරහැර හෙට (10) රාත්‍රී 6.23 ට දකුණු දිශාමුඛව සිව් දේවාලයන්හි රන්දෝලි බහා 7.32 දකුණු දිශාමුඛව රන්දෝලි පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඩි එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය) , පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා විදිය) ,ඊ එල් සේනානායක විදිය(කොටුගොඩැල්ල වීදිය) , රජ විදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදිමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd