IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහනුවර ඇසළ පෙරහරේ කප්රුක් මංගල්‍යය අද

(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)

මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා කප්රුක කැපීමේ මංගල්‍යය අද (11) අලුයම 5.34  යෙදුණු සුබ මොහොතින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නකු රාළ වෙත රිදී පොරව භාරදී අවසර ලබාදීමෙන් පසු  මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයේදි සිදුවිය.


කපා ගත් කප මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම( “ කල්ප වෘක්ෂ පෙරහැර “ ) අද (11) උදැසන මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයෙන් අරබා මහනුවර විෂ්ණුදේවාලය දක්වා ගමන් කිරීම ඇතුන් තිදෙනෙකු මගින් මාරුවෙන් මාරුවට සිදුකළ බව අලුත් නුවර දැඩිමුන්ඩ දේවාලයේ භාරකාර ධම්සිරි කරණාරත්න මහතා පැවැසිය.

 “ කල්ප වෘක්ෂ පෙරහර “ චාරිත්‍රානුකූලව පෙරහැරක් මගින් මහනුවර දක්වා වැඩම කල අතර 2016 වසරේ සිට අඛණ්ඩව මහනුවර නගරය තෙක් පෙරහරකින් ගෙන යන බව මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේනද්‍ර රත්වත්තේ මහතා පැවැසිය.


පෙරසකස් කර ගත් “ කප “ මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා අලි ඇතුන්ගේපිටි ගෙන ඒම සිදුවිය එය “ කල්ප වෘක්ෂ පෙරහැර “නමින් එය හැදින්වේ.කපාගත් කප මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප   පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි අද (11) පස්වරු 4.22 කප දේවාල හතරටම බෙදා දිම සිදුවේ.


හෙට (12) අලුයම 6.02 ට යෙදුනු සුභ මොහොතින් සිව් මහදේවාල ප්‍රධාන කොට දේවාල භුමියෙහි කප් සිදුකරයි. මෙම කල්ප වෘක්ෂ පෙරහැර කප රැගත් පෙරහැර අලුත්නුවර, හිගුල, ගනේතැන්න, පහළ කඩුගන්නාව, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය ඔස්සේ මහනුවරට ළඟාවී මහනුවර විෂ්ණු දේවාලය කරා කිලෝමීටර 26 ක් පමණ දුර ක්  ඇතුන් තිදෙනෙකු මතින් වැඩම කෙරිණි.


 “ කප් සිටුවීම “ චිරාගත චාරිත්‍රයකි. එම චාරිත්‍රය සදහා සියලු වගකීම් දරන්නේ සතර කෝරලයේ උරුමය සහිත මහා විෂ්ණු දේවාලයයි. එහිදී වඩා සැලකිය යුතු වැඩ කොටසක් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයෙන් ඉටු කරයි.


මෙම සංකේතාත්මක “ කප “ දෙවියන්ගේ පිහිට හා දෙවියන්ගේ ආකර්ශනය බලාපොරොත්තුවෙන් සිටුවිම විශේෂත්වයකි.



අදහස් (3)

මහනුවර ඇසළ පෙරහරේ කප්රුක් මංගල්‍යය අද

Siri Saturday, 11 August 2018 09:25 PM

සාදු! සාදු! අද ඉදන්වත් ලංකාවට වෙලා තියන නස්පැත්තිය දුරුවේවා!

:       370       358

kumar (gulf) Sunday, 12 August 2018 07:51 AM

මේවායෙන් රටට මොන සෙතක් වෙනවද?

:       456       336

arschfikaaSunday, 12 August 2018 09:05 PM

කිසිම සෙතක් වෙන්නේ නැහැ කුමාර් (ගුල්ෆ්), මෙරටේ ඉන්න ආණ්ඩුවෙන් පඩිගන්නෝ විතරක්, හොඳට ජීවත්වෙනවාය. ඔබ වගේ මැදපෙරදිග රටකින් ගන්න පඩියවගේ හතර ගුණයක්, මේ ආණ්ඩුවේ අය ගන්නවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site