(රොමේෂ් මධුෂංඛ)
හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහානාම ප්‍රාථමික විදුහලේ බුදු මැදුර විවෘත කළේය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක වල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම බුදු මැදුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියන් හා එම විහාරස්ථානයේ ශාශනික සේවිකා සමිතියයි.
මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසල රෝෂාන් මහනාම මහතා ගේ මූල්‍ය දායකත්වයන් ඉදිකෙරිණි.
බුදු මැදුර විවෘත කිරීමෙන් පසු ගම්වාසීන්ට වියලි සලාක බඩු මලුද දරුවන්ට අධ්‍යපනික උපකරණද මහානාම මහතා අතින් පිරිනමනු ලැබීය.
ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නළ ළිඳක් හා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමද කැන්ඩිලා ඒඩ්ස් ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරගත් පින ඔබතුමා සහ සියලු පවුලේ අයට අත්පත් වේවා, සියලු කාරණා හරියාකාරව ඉෂ්ඨ සිද්ද වේවා, තව මේ වැනි සමාජ වැඩදායී ක්‍රියාවලට හිත් ඇති වේවා.....!!!
රොෂාන් අයියේ ඔය යුග පුරුෂයෙක්. පූනරින් ප්‍රදේශයේ කුඩා පාසලකට උදවු කරන්න මම හිතාගෙන ඉන්නවා.. එත් මට සල්ලි ගොඩක් නැහැ,, ආධාරයක් කරන්න පුලුවන් නම් ලොකු පිනක්,
රොෂාන් මහානාම ඔයා අපේ දෙහිවල ශ්‍රී මහාබෝදී විහාරයේ මම දායක සභාවේ සභාපති දරන කාලයේ ස්වාමින් වහන්සේලාට ලැගුම් ගෙයක් ඔබගේ පුද්ගලික වියදමින් නිමකලා ඇත්තටම ඔබ බෞද්ධ ධානපතියෙක් ඔබට චිරං ජයතු...!!! රොහාන් දයාදර පැරිස්
රොෂාන් මහානාම නම් වූ සැබෑ ලංකා පුත්‍රයාට මගේ ප්‍රණාමය! දේශපාලනික හොරුන්ගෙන් තොරව, රණවිරුවන් හා එක්ව, ඇත පිටිසර ගමක දරුවන්ට ඔබ හිමිකර දුන් වටිනා සම්පත ඔබ රටට ගෙනදුන් කීර්තියට අමතරව ඔබේ නමට තවත් මිණි කැටයක් එකතු කර ඇත.
හොඳ මිනිස්සු... රටට ආදර්ශයක්... ඈත පිටිසර ගමක දරුවන්ට.
ඔබ ජාතියේ පිනට පහල වුණු මහා යුග පුරුෂයෙක්... ඔබ අපේ රටට අභිමානයක්, අපේ දේවල් වලින් යැපෙන හිඟන දේශපාලකයෝ ඉන්න රටක, අග හිඟකම් මහා පරිමාණයෙන් තියෙන මේ වගේ රටක, අනුන්ගෙන් යැපී යැපී ඉන්නේ නැතුව ඔබ ඔබේ ධනයෙන් දරුවන් රැසකගේ දෙනෙත් පාදන්නට උර දුන් මහා නායකයෙක් ලෙස ශ්‍රී ලංකික අපි ඔබව දකිනවා සේම අපේ ප්‍රණාමය ඔබට පුදකරනවා....! තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ලැබේවායි පතමි.
රොෂාන් අයියේ, ඔබගේ පියාත් බොහොම ගුණගරුක පුද්ගලයෙක්, ඔහු මෙහෙයපු වැඩසටහන් කිහිපයකට සහභාගිවෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතාමත්ම නිහතමානී සංවේදී පුද්ගලයෙක් ඔහු. පියාගේ ගතිගුණ ඔබටත් ඇතිබව අපට පැහැදිලියි.. ඔබගේ පියා මෙලොව හැර ගියේ අප සියලු දෙනාගේ අවාසනාවකට.. ඔබ කරන පින් අනිවාර්යයෙන් එතුමාටත් අත්වෙනවා.. බොහොම පින්..
රොෂාන් මහානාම මැතිතුමාට සම්මා සම්බුදු සරණයි!
සමහර පන්සිල් පද කඩන්නේ නැතුව ඔය සනත් ජයසූරිය මහත්තයත් යන තැනකට කියලා ඔය වගේ දෙයක් කර ගත්තොත් නරකද?
රොෂාන් මහානාම කියන්නේ අවංක නිහතමානී මහත්මයෙක්. මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔය දැන් මාධ්‍ය ඉස්සරහට සුදු රෙදි ඇඳගෙන ඇවිත් ලොකු කතා කියන අයගෙන් මෙතුමාට සැහෙන කෙනහිලිකම් සිද්ද වුන. එක නිසා රොෂාන් මහානාම අකාලයේ ක්‍රීඩා දිවියෙන් සමුගත්තා.