අමරපුර නිකාය බිහි කර ලක්දිව බුදුසසුන ජනසතු කළා වූ බෝධිසත්ව ගණෝපේත වැලිතර මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමියන් වහන්සේ ප්‍රධාන ආදි කර්තෘන් වහන්සේලා සිහිපත් කිරීමේ සම්භාවනා මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ මූලාසනයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08 ) සවස පැවැත්විය .
1802 දී බුරුමයේ අමරපුර දේශයේ සිට බුදු දහම මෙරටට රැගෙන වැඩම කළ බලපිටිය, මෝදර මාදුනදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා විනයකර්මය සිදු කිරීමෙන් අනතුරුව අමරපුර නිකාය බිහි කෙරිණි.
මෙම අවස්ථාවෙදී,මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා වෙත ගෞරව සම්මානයක් පිරිනැමු අතර මෙම අවස්ථාවට මහාසංඝරත්නය ඇතුළු , හිටපු අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර කුමාර මාණික්කාරච්චි ලේඛකයාට හිටපු ජනාධිපති ජයවර්දන මහතා ජනාධිපති සම්මානය පිරිනැමීම සම්බන්ධ යෙන් එවකට ඇත්ත පුවත් පතේ පළකර තිබුණ කාටුනයක් ගැන මගේ මිතුරෙක් සිහිපත් කළා.
චම්පිකට ගෞරව සම්මානයක් දෙන්නේ සිංහල බෞද්ධයා රවට්ටන එකටද ?
විමලතිස්ස නා හිමියන්ගේ ගුණ සමරන එකට මොකටද මේ තුට්ටු දෙකේ දේශපාලකයින් ගාවගෙන... එ්කට ගැලපෙන පින්තූරයක් දැම්මා නම් තමයි හොඳ...
අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේලා කියන කරන දේවල් අවබෝධයෙන් කළ යුතුවේ. රාජපක්ෂ රජයේ හොරකම් පෙනි පෙනීත් සමහර භික්ෂූන් වහන්සේලා එම හොරුන් ගැන අවබෝධයක් නැතිව වැඩ කළා අපට මතකයි. චම්පික රාජපක්ෂ රජයෙන් ඉවත් වී යහපාලනයක් කරපින්නාගෙන මේ රජයේ ඇමතිකමක් දරමින් යමපාලනයේ හොරුන් සමග එකට එකතු වී අපේ රණවිරුවන්, ජාතිය, ආගම පරිසරය විනාශ කරමින් සිටියි. අද චම්පික දේශපාලනයේ අතරමන් වී ඇත. චම්පික දැන් කරන්නේ නැවත බෞද්ධයා රවටා බෞද්ධ ඡන්ද මංකොල්ල කන්නට ඊළඟ ඡන්දයට ලෑස්ති වීමයි. මෙවැනි නරුමයින්ගේ ක්‍රියාදාමයන් වටහා ගෙන රටේ අනාගතය සුරකින ගෞරවනීය නායකයෙකුට ගෞරව සම්මාන පිදීම යහපත් වේ. අපේ ජාතිය, ආගම මුදලට පාවා දෙන්නවුන් ඉතිහාසයේ කුණු කූඩයට දැමිය යුතු කාලය එළඹ ඇත.