(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහ වැසි හේතුවෙන් ජලය බැස නොයාමෙන් කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් රැසක් විනාශ වි තිබේ.
දිගින් දිගටම පවතින මහ වැසි හේතුවෙන් මේ වනවිට කල්පිටිය අර්ධද්විපයේ දළුව , සේතපොල, මාන්පුරිය, ඉලන්තඩිය , නොරෝච්චෝල, ආලංකුඩාව,පනිඅඩිය කඩයමට්ට , නාරක්කල්ලිය, යන ප්‍රදේශවල අක්කර 500 කට ආසන්න වගාබිම් ජලයෙන් යටවි විනාශ වෙමින් තිබෙන බව වගාකරුවෝ පවසති.
මේ වන විට ගෝවා , මිරිස් , රතු ළුණු , බිට්රුට් , පිපිඤ්ඤා , කරවිල, ඇතුළු වගාබිම් ජලයෙන් යටවි තිබේන ආකාරය දැකගත හැකිය.
ශ්‍රී ලංකාවේ එළවළු අවශ්‍යතාවයෙන් 30%ක ට ආසන්න දායකත්වයක් කල්පිටිය අර්ධද්විපයෙන් ලබා දිම සිදුවන අතර විටින් විට පැමිණේන ස්භාවික විපත් හා රෝග හේතුවෙන් වගාකරුවන් දැඩි අසිරුතාවයන්ට පත්වි සිටිති .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ දහදිය මහන්සිය අපතේ යාම පිලිබදව අප කණගාටු වන්නෙමු.
ගොවි ජනතාවගේ වගා බිම්වලට ජලයෙන් හානිවීමෙන් රටේ එළවලු මිල ඉදිරියේදී මිල ඉහළ යාම වගේම හිඟයකට මුහුණ දීමට සිදුවන බවක් පෙනීයයි.
අදහන්න වටිනා මිනිස්සු ඉන්න පැත්තක්. වෙන පළාත්වල වගේ අපිට අරක මේක නැතෝ කියන්නේ නැතිව වගා කරළා රටට කන්න දෙන මිනිස්සු. කරදරයකදී රජයෙන් උදව් කරන්න ඕනේ මේ වගේ ස්වාධීනව ජීවත්වෙන රටට බරක් නැති මිනිස්සුන්ට.