(ශාන්ත රත්නායක)
මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සංවිධයක සුජිත් කුරුවිට මහතා අද (22) කොළඹ නගර සභාව අසල පැවති උද්ඝෝෂණයක දී පැවසීය.
‘මාර්ග නීති කඩකිරීමට අපි පක්ෂ නැහැ. මාර්ග නීතිකඩ කිරීම නවත්වන්න ඕනෑ. එයට පරිසරය හදන්න ඕනෑ. තදබදය අඩු කරන්න ආණ්ඩුව මාර්ග පුළුල් කරන්නේ නැතිව ආණ්ඩුව රථ වාහන තදබදය හා මාර්ග නීති කඩ කරන්න සිද්ධ වෙලා තියන තත්වය තමන්ට තව අදායම් මාර්ගයක් බවට පත් කරගන්නයි මේ යෝජනා කරලා තියෙන්නේ’ යැයි ඔහු සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක්නේ මේක. රටේ නීති හදන්ඩ ඕනේ බයික් කාරයින්ටයි ත්‍රීවීල් කාරයින්ටයි ඕන විදියටද? දෙන්ඩ තියෙන්නේ මේගොල්ලන්ට කැරලි මර්ධන පොලිසිය දාල
පේන හැටියට මේ පිරිස තමා මහපාරේ වැඩියෙන්ම වැරදි වැඩ කරන අය
නීති කඩන්නෙ නැතිව පාරේ යන්නකෝ එතකොට දඩ ගෙවන්න වෙන්නෙ නැහැනේ.. රුපියල් ලක්ෂයක් විතර දඩ ගන්න ඕනේ මේ අයට ....
ඔය කියන හැටියට මාර්ග පුළුල් කරන්න රටේ සල්ලි තියනවද? කල යුතුව තිබෙන්නේ, තිබෙන මාර්ග වල මාර්ග නීතිය පිළිපදිමින්, විනයගරුකව රිය පැදවීමයි. එසේ නොකොළොත් දඩ ගැසීම සාධාරනයි.
ඔබලාට සුමානෙ දවසක මේ වගේ කාලෙ කන්න පුලුවන්නම්, ඒ කියන්නෙ ඔබලා රස්සාවක් නොකරන අය. ගෙදරින් නිකන් කකා,තාමත් දෙමාපියන්ගෙන් යෑපෙන අය වෙන්න ඕනෙ.
දඩ වැඩි කරන්නත් එපාලු මාර්ග නීති කඩ කරනවාටත් එකඟ නැතිලු , හත්වලාමේ මොවූන්ට මොනවද ඕනේ ??? හරියට යනවම්නම් බය වෙන්න දෙයක් නැහැනේ , හැමදේම දේසපාලනය කරන්න එපා ?? කව්ද මේකේ පස්සෙන් ඉන්නේ ??
ඕනවට වඩා නිදහස දුන්නම හැම එකෙනාම එනවා කරපිට නගින්න. රටේ දවසට වන රිය අනතුරු පිලිබදව මේ අයට අවබෝධයක් තිබේද ??
අනේ මන්ද උද්ඝෝෂණ නැති දවසක් නෑ. මේවා සංවිධානය කරන අයට මොලයක් නැද්ද වැරදි නොකර පාරේ යනවනම් දඩ ගෙවීමක් අවශ්‍ය නෑනේ. මේ මිනිස්සු අත තියන විරෝධී පුවරු දැක්කම පෙනෙනවා සැබැ අරමුණ මොකක්ද කියන එක.
මමත් වාහන එලවනවා. යතුරු පැදි, කාර්, ලොරි සහ සමහර අවස්ථාවල බසුත් එලවනවා. මේ ක්‍රියාත්මක දඩ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන් හරියට යනවනම්
සාධාරණ උද්ගෝෂණයක්,
එතකොට ලාභෙට මාර්ග නීති කඩන්න දෙන්න කියලද මෙයාල කියන්නේ
අධික වේගයෙන් සහ නොසැලකීලි ලෙස රිය පදවා අනතුරු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් දිය යුතුයි
මාර්ග නීති කඩ නොකරන අය මොකටද දඩ වලට බය වෙන්නේ? මේ රටේ වෙන සමහර අනතුරු දිහා බැලුවම පොලිසියට ආණ්ඩුවට වෙන විකල්ප ඉතිරි වෙලා නෑ. අකමැත්තෙන් හරි කැමැත්ත දෙන්න වෙනවා..
මේ මොන විහිලුවක්ද ? මොන රටේද නීති කැඩීම සඳහා උද්ගෝෂණ කරන්නේ. කව්රු කව්රුත් මාර්ග නීති පිළිපැද්දොත් කිසිම දඩයක් නැනේ. මෙයාල කියන්නේ බීමතින් රිය පැදිමටත්, බලපත්‍ර නොමැතිව හා අඩු වයසින් රිය පැදීමට අවසර දෙන්න කියලද ??
මේ සුජිත් කුරුවිට කියන්නේ අන්තරේ හිටපු නායකයෙක් නේද? එදා තිබ්බ පුරුදු තාමත් තියෙනවා. තමන්ගේ කෙනෙක් මහමඟ අනතුරකින් විපතට පත් වුනාම මාර්ගනීති දැඩිව ක්‍රියාත්මක නොකිරීමේ ඵල විපාක පෙනෙයි. මේකෙන් ආණ්ඩුවට ආදායමක් යන එක වැරදි නම් කරන්න ඕන හරියට පාරේ යන එක. මේ දඩ වලට එරෙහිව ලොකුවට කෑ ගහන බයිසිකල්, ත්‍රීවීල් හා බස් පාරේ හරි අපූරුවට යනවානේ.
ඔය පෙළපාලිය යන වෙලාවේම පොලීසිය දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලලා හොඳ දඩයක් ගහන්න තියෙන්නේ. අනේ අපේ මිනිස්සු අනවශ්‍ය දේවල් වලට කාලේ කන හැටි. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ?
මාර්ග නීති හරියට පිළිපදිනවා නම් අැයි දඩවලට බය? මමත් රියැදුරෙක්...
විනීත රියදුරන් හදන්න මේ විදිහට දඩ ගහල විතරක් මදි ,බරපතල වැරදි කලාම අවමවශයෙන් මාස 3 ටවත් හිරේ දන්නා ඕන , අවමවසයෙන් අවුරුදු 1 වත් රියදුරු බලපත්තරය තහනම් කලයුතුව් වෙනවා. මේ නීති දෙසපලුවන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටත් වලංගු වියයුතුයි. ලෝකයේ වෙනත් රටවල යොදාගන්න මාර්ග නීති,රියදුරන්ගේ විනය පිළිබද ඇති නීති සහ මගියන්ගේ ආරක්ෂාවට යොදා ඇති නිති පද්දති ගැන මනාලෙස අධ්‍යනය කර අපිටම ගැලපෙන ක්‍රමයක් නවීන තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කලොත් , ශ්‍රී ලංකාවෙත් මාර්ග නීති පිළිපදින විනීත රියදුරන් ඉබේම ඇතිවේවි
ඇයි දන්නේ නැහැ හෙල්මට් දාගෙන යන්නේ?
මාර්ග නීති රැකිය යුතුයි එකේ තර්කයක් නැහැ. හැබැයි දඩ මුදල් වැඩි කිරීම පොලිස් රාලහාමිලාට නම් වෙස්වලාගත් ආශීර්වාදයක්. මා දන්නා තරමින් වාහනයෙන් බැහැල පොලිස් රාලහාමි ලඟට යන ටිකට දඩ කොලේ ලියලා ඉවරයි. අඩුගානේ වචනයක්වත් කතා කරලා පැහැදිලි කරන්නවත් ඉඩක් නැහැ. ඒ තරම් පහත් විදිහට පොලිස්කාරයෝ රියදුරන්ට සලකන්නේ. නමුත් කනේ වැලි ගෑවෙන්න යන ප්‍රයිවට් බස් වලට ඒ නීති නැහැ. ඒ දිනපතා කප්පන් ගෙවන නිසාද? දඩයක් ලියද්දි නිලධාරින් දෙදෙනෙකු සිටීම අනිවාර්යයිලු. ඒ සාක්කියක් හැටියට. නමුත් ඉතිහාසයේ කොහෙහරි තියනවද තම සහෝදර නිලධාරියාට විරුද්දව සාක්කි දුන් නඩුවක් එහෙම? නඩුත් හාමුදුරුවන්ගේ ,බඩුත් හාමුදුරුවන්ගේ. මෙහෙව් රටක ඉපදුන පාපේ.
මේ බයික් කට්ටිය නිසා තමයි වෙනත් වාහනවලටවත් නීතියට අනුව යන්න බැරි. වමෙන් ඉස්සර කරලා වාහනයට ඉදිරියෙන් ආයෙමත් දකුණට දාල තමයි මේ ගොල්ලන් බයික් පදවන්නේ. වමෙන් ඉස්සර කරන අයට දඩය තවත් වැඩි කරන්න ඕනේ. නැත්නම් මේ ගොල්ලන් කවදාවත් හැදෙන්නේ නැහැ.