(ක.ග.කරුණාරත්න)
මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ දියවර නිකුත් කිරීම මහා සංඝ රත්නයේ ආශිර්වාදය, සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ජලාශයේ ප‍්‍රධාන සොරොව්ව අසල පැවැති මේ උත්සව අවස්ථාවට පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන, අතිරේක දිස්ත‍්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම, පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ ගොවි නායකයින් ඇතුළු ගොවි ජනතාව විශාල පිරිසක්ද සහභාගී වූහ.
මාස් කන්නයේ පරාක‍්‍රම සමුද්‍රය යටතේ වගා කෙරෙන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 30,000ක් පමණය.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු මහ වැව් අතුරින් මාස් කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීම පළමුව සිදුකරනු ලබන්නේ පරාක‍්‍රම සමුද්‍රයේ බව වාරි නිලධාරීහු සඳහන් කළහ.




2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාස් කන්නය සඳහා පරාක්‍රම සමුද්‍රයේ දියවර මුදා හැරේ
nath Tuesday, 05 November 2019 06:10 AM
ඇති යාන්තම් දේශපාලකයෝ නැති උත්සව අවස්ථාවක් දැක්කා.
දිමුත්Tuesday, 05 November 2019 06:52 AM
ඔව්. හරිම සුන්දර දසුනක්.
ShehanTuesday, 05 November 2019 06:58 AM
මේ වෙලාවේ යාගන්න බැරි නිසා කව්රුත් නැහැ ඔතන. නැත්නම් බලන්න තිබ්බා ඔතනට ඔලුව දාන්න කීයක් එනවද කියලා.
sharm warn Tuesday, 05 November 2019 08:10 AM
මෙවැනි දේශපාලක කැනහිලුන්ගෙන් තොර වැදගත් අවස්ථාවන් වැඩි වැඩියෙන් දකින්න ලැබේවා!
de silva Tuesday, 05 November 2019 05:42 PM
මේක ඇරලා දමන එකට කිසිම උත්සවයක් අවශ්‍ය නැහැ , මෙම ජලාශය භාර ඉන්ජිනේරු තුමා සහ සේවකයන් දෙන්නෙක් හිටියම හොඳටම ඇති.