
එක කුස නිවුන් උපතින් එළිකර ගෙදර
මවු - පිය යුවළකට ගෙන දුන් දිවි මිහිර
ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප් සතර
මවකට ඔටුණු නොම වෙද සම්පත් සතර
පද ආරියසේන හඳුවල
(චමින්ද වැවතැන්න)
එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.
මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.
එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.
පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.
පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.


COMMENTS
වාසනාවන් ආදරණීය දරුවනේ!
ආදරණිය දරුවනේ,ඔයගොල්ලෝ අද ජිවිත පොතේ අලුත්ම පිටුවක් ආරම්භ කරන්නයි මේ යන්නේ.ඒ යන ගමනට චුටි අත්වැලක් වේ යයි සිතන දෙයක් මම මේ ඔයාලාට කියන්න යන්නේ. අපි හිතමු අපේ ජිවිත කාලය අවුරුදු 80 යි කියලා. එතකොට ..අපේ පාසල් ගමන යන්න තියෙනවා අවුරුදු 12 ක් විතර. අපිට ජීවිතයේදී මුහුනදෙන්නවෙන දුක,වේදනා,අගහිඟකම් ,ඒ වගේම සතුට සමබරව විඳගෙන ,කාගෙන් හොඳ හිත දිනාගෙන ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන ( අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් ) විභාග සමත්වෙලා ,සමාජයට වැඩදායක පුරවැසියන් වුනොත් ..ජිවිත කාලයේ අවුරුදු 65 ක් විතර ඔයාලාට සතුටින් ජීවත්වෙන්න පුළුවනි. ඔබේ ජිවිත වලට නිරෝගිබව , උගත්කම, අවංකබව ,සහ නිහතමානිබව කියන මහඟු ආභරණ තිබෙන තාක්කල් ඔබව වට්ටන්න කාටවත්ම බැහැ.හැබැයි . ඉගෙනගන්න තියෙන අවුරුදු 12 නාස්තිකරගත්තොත් ඒ කියන්නේ පිස්සු නැටුවොත් . ඔයාලාගේ ජිවිතයේ ඉතිරි අවුරුදු 65 මහා දුක්බර කෙදවාචකයක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩයි.ඒ නිසා අද පටන්ගන්න මේ අලුත් ජීවිතය වාසනාවන්ත එකක්ම කරගන්න නිතරම සිතට ගන්න, මම දන්නවා ඔයගොල්ලන්ට එය කරන්න පුළුවන් කියලා.වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් මගෙනුත්. " හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී "
අනේ වාසනාවන්. වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්. දරුවනේ හොඳින් ඉගෙගෙන රටට, ජාතියට, ආගමට වැඩදායි පුරවැසියන් වෙන්න වාසනාව, ශක්තිය, ධර්‍ය ලැබේවා... ඔබලාට සුබම සුබ අනාගතයක්.
වසනවන්ත දරුවෝ, වසනවන්ත දෙමපියෝ. බුදුසරණයි හෙමෝටම!
හොඳ යහපත් පුරවැසියන් ලෙස රටට සේවයක් කිරීමට පලමුවරට පාසලට පැමිනෙන සියලුම දරුවන්ට වාසනා ගුන මහිමය ලැබෙවායි මම ප්‍රාර්තනා කරමි.
අනේ හරිම ලස්සනයි ... පින්වත් ලමයි 4 දෙනෙක්