(ඩයනා උදයංගනී)
මෙරට වැඩිම රථවාහන තදබදයක් පවතින මාර්ගයක් වන මාලබේ සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ බස් මංතීරු ක‍්‍රමවේදය අද (29) සිට ක්‍රියාත්මක කෙරේ.
එහි පළමු අදියර ලෙස පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට බොරැල්ල දක්වා කොටසේ උදෑසන 6 සිට 9 දක්වා බස් මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළිසකර කරමින් පවතින අතර එම කටයුතු නිම වූ පසු නොවැම්බර් මසයේදී බොරැල්ලේ සිට මරදාන දක්වා ද ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කරන බව අමාත්‍යවරයා කියයි.
නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා මාර්ගයේ සවස් කාලයේ දී බස් මංතීරු ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවෙන අතර එය ද අද (29) සිට සවස 4.00 - රාත‍්‍රි 7.00 දක්වා ක‍්‍රියාත්මක බව ඇමතිවරයා පවසයි.
මෙම නව මංතීරු ආරම්භ කිරීමේ අවස්ථාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් අද (29) පොල්දුව මංසන්ධියේ දී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලබ පවතින අධික තදබදයට සුළු පිලියමක් උනත් මේ ගත්ත ක්‍රියාමාර්ගය අගය කරන්න ඕනි. බස් වගේම දුම්රිය වලටත් මේ ප්‍රමුකතවයම ලබා දෙන්න.
එක් දිශාවකට මංතීරු දෙකක් පමණක් ඇති කොටා පාර සහ බොරැල්ල මරදාන වැනි මාර්ග වල මෙම මංතීරු වෙන්කිරීම බස් රථ හැර වෙනත් රථවාහන තදබදය දෙගුණ තෙගුණ වීමට හේතුවකි. විධිමත් පොදු ප්‍රවාහන සේවයක් නැති මෙම මාර්ගයේ ක්‍රියාත්මක වන මෙම මංතීරු ක්‍රමය ඉතාම අනුවණ ක්‍රියාවකි. මංතීරු තුනකින් සමන්විත පාර්ලිමේන්තු මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් සිදුකර ගන්නා ලද මෙම තීරණය ඉතාම මෝඩ තීරණයකි.
ඉතාමත් හොඳ ආරම්භයක්