(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)
ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ ගල මුදුනේ බිම් මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේනමක ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගල මුදුනේ තැන්පත් කිරීම අද(19) පෙරවරුවේ සිදුකෙරිණි.
කිලෝග්‍රෑම් 3200ක් පමණ බරැති මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ උසින් අඩි හතහමාරක් පමණ වෙයි. ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ බිම් මට්ටමේ සිට උසින් අඩි 800ක් පමණ ගල මුදුනේ මෙම මෙම ප්‍රතිමාව තැන්පත් කිරීම මෙලෙස සිදුකෙරිණි.
වීරකැටිය මණ්ණාඩුව ක්‍රිඩාංගනයේ සිට මෙම බුද්ධ ප්‍රතිමාව අද පෙරවරුවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් ගෙනැවිත් තැන්පත් කෙරිණි.
මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන්ගේ මූලිකත්වයෙන් මෙය සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ සාදා තැන්පත් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ යුධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරින්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි.
මෙය ඇසළ පොහෝ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසිඩ් වලට මැකෙන්නේ නැති සෙල්ලිපියක් ගහලා වැටත් ගහන්ඩ... නැතිනම් ඉතින් මාවනැල්ලේ වගේ අවුරුදු දහස් ගණනක් පරණ සෙල්ලිපි අපේ සහෝදරයින් විසින් ඇසිඩ් ගහලා අලුත් කරලා දෙයි..
බොහොම ලස්සන අගනා ක්‍රියාවක් ... !!! හරිත වන්නන්තර හා කඳු පන්ති අතරේ මේ පිළිමය පෙනෙන කොට සුන්දර දසුන් මැවේවි ... !!! සිතේ ඊර්ෂ්‍යා, කුහක, මාන, කුළ මළ, ජාති ආගම් භේද ආදිය තබාගෙන බුදුන් වඳීම වෙනුවට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා බුදුන් පිදීම උතුම් බව සැදහති බවුද්ධව ජනතාව සිත් තබාගැනීම අගනේය.... !!!
දම් සිසිලස සියලුම ජන කොටස් වෙත පැතිරී ඔවුනට ශාන්තියක්ම වේවා...!!!
ඇයි ඉතින් ඕකට මහින්දම ?
හොඳයි.. ඒත් රටේ වෙන දැවෙන ප්‍රශ්න නැද්ද? දුප්පත්කම, බඩගින්න වගේ...
ප්‍රතිමාවල් අපිට හදාගන්න පුළුවන්.., ආණ්ඩුවක් විදිහට වඳවෙලා යන සිංහල ජනගහනය වැඩිකරන ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි.
මේ වගේ දේවල් අහන්න මම කැමතියි. අඩි හතහමාරක් උස කිලෝග්‍රෑම් 3200ක් බර ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් පරිස්සමෙන් ගෙනත් අඩි 800ක් උස මුල්කිරිගල රජ මහා විහාරයේ ගල උඩින් තැන්පත් කරමින් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ගුවන් හමුදාවත් සම්බන්ධ වෙලා කරපු හොඳ වැඩක්. නායක හාමදුරුවෝ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වුනු හැමෝටම ස්තුතියි. අතීතයේ අපේ රජවරු සියලු උස තැන්වල බුදු පිළිම සහ වෙහෙර විහාර ඉඳි කරලා තියෙනව මුහුදින් ඈතටත් පේන්න. මේ බුදු පිළිමය නිරාවරණය කලාට පස්සේ තමයි අවට පරිසරයත් එක්ක ලස්සණ බලන්න ඕනේ.
මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කරලා, මෙය ඇසළ පොහෝ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළාට පසුව... එතුමාගේ නමින් බෝඩ් කෑල්ලකුත් සවිකරන්න... එතකොට පින් අනුමෝදම් කරන්නත් පුළුවන්..
ගල් පිළිමය සහ බොල් පිළිමය මතක් වුණා...
ගුණදම් වඩමු. හැමෝටම කරුණාව, දයාව දක්වමු. එයයි අපි වැඩිය යුත්තේ... බුදුන් අපිට යන්න ඔනේ මාවත පෙන්නලා දීලා තියෙනවා. අපේ රට මෙත් සිසිලෙන් බැබළෙයි එවිට...
හැම දේටම විරුද්ධ වෙන අය ගැන 3% ජනතාවට වැඩක් නැත..
සම්බුදු දහම හැම හදකම ඇතිවේවා.! දම් සිසිෙලන් රටට සැනසුම ඇතිවේවා.! මුලු ලෝකයම සම්බුදු ගුණ ඇතිවේවා.! පවතින රෝ බිය දහමින් දුරුවේවා.! සාධු... සාධු... සාධු...!