
(ඩයනා උදයංගනී)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා වන කොටස ලබන නොවැම්බර් මාසයේදී විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් නිම වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මාර්ග කොටස විවෘත කිරීමට නියමිතව තිබුණේ ඉකුත් මැයි මාසයේ වුවත් යහපාලන රජය සමයේ ඉදිකිරීම් පමාවීම හේතුවෙන් එය නියමිත දිනට විවෘත කිරීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා කීවේය.
මාර්ගයේ මෙම කොටස විවෘත කිරීමෙන් පසු ජනතාවට ඉතා ඉක්මනින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කිරීමට පහසුකම් ලැබෙන බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවැම්බරයේ ඉඳන් කොමිස් ණය ගෙවන්න ලෑස්තිවෙමු.. සුබ අනාගතයක්...
මේකටත් අර පට්ටියේ ඉන්න 225ම නම් දාලා විවෘත කළා නම් හරි..!!!
අනුන්ගේ වැරදි අඩු පාඩු පෙන්නන එක තමයි මේ දෙගොල්ලන්ගේම උපන් ගෙයි පුරුද්ද? දැන් මෙයා තමයි කෙරුම කියලා පෙන්නන්න යන්නේ... හැබැයි මිනිස්සු ඔය දෙගොල්ලන් ගැනම දන්නවා.. ඔහේලාට තඩි පඩි ගෙවන්නේ, මාලිගා වගේ වාහන, ගෙවල් අපි දීලා තියෙන්නේ ඕවා කරන්න... ඒ හින්දා ලොකු ටෝක්ස් දෙන්න එපා ලොක්කා...
හොඳ වැඩක්. (1) කඩවත සිට මීරිගම දක්වා (2) පොතුහැර සිට කුරුණෑගල දක්වා (3) කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගවල තත්ත්වය කොහොමද? ඒවා විවෘත කරන්නේ කවදා වගේද?
ජොන්ස්ටන් වචන 10 කිව්වොත් 9ම පසුගිය රජය... පසුගිය රජය... පසුගිය රජය..
යහපාලන රජයෙන්නේ ඕක කරන්න පටන්ගත්තේ... ඔවුන් හිටියා නම් ඔයිට කලින් ඕක ඕපන් කරලා... මෙයාලා තමයි මේක පරක්කු කෙරුවේ. ඕක ලංකාවේ සමාගම් වලට තමයි දුන්නෙ මෙයාලා හිටියා නම් ඕකත් චීන්නුන්ටම තමයි දෙන්නේ...
මෙවන් ව්‍යාපෘතිත් රටට එපා කියන ජෙප්පන් ඉන්නවා.
මේ අධිවේගයේ කඩවත ඉඳන් මීරිගමට හැදෙන්නේ එක්කො ඊළඟ ආණ්ඩුව යටතේ... නැතිනම් ඊළඟ ආත්මයේ.. ගම්පහ අපි හරිම අවාසනාවන්තයි ඒ අතින්...
අපි තමයි මේ සියල්ල කලේ "අපේ පුද්ගලික" ධන පරිත්‍යාගයෙන් ඒ නිසා නම් ගම් රන් අකුරෙන් ලියන්න ඕනේ බෝඩ් ලෑලිවල මිට "විපක්ෂය
මේ මංතීරු දෙක ජාතියක් අධිවේගයෙන් ප්‍රපාතයකට ඇදගෙන යන හැටි ශෝචනීයයි.. භයානකයි.
දේශපාලුවන් ගසා කාපුවා නොවෙන්න මුලු රටේම පාරවල් හදන්න තිබුනා .