IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මියදෙන්න ගිය වාහන 25කට යුද හමුදාව පණ දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 25 ක් 4 වන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පසුගියදා කඳවුරුවලට බාරදුන්නේය.

යුද හමුදාවට නව රථවාහන මිලදීගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මෙම වාහන අලුත්වැඩියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.

බස් රථ 10 ක්, ට්‍රක් රථ 5 ක්,  යුනිකෝන් රථ 3 ක්,  යතුරුපැදි 5 ක්, ට්‍රැක්ටර්යක් සහ කැබ්රථයක් මෙහිදී අලුත්වැඩියාවෙන් පසුව කඳවුරුවලට භාරදුන්නේය. 



අදහස් (9)

මියදෙන්න ගිය වාහන 25කට යුද හමුදාව පණ දෙයි

කල්පනා Friday, 05 November 2021 01:20 PM

ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ආරියරත්න මැතිඳුන්ටත් එතුමා ගැන අපව දැනුවත් කළ මැතිඳුන්ටත් චිරාත් කාලයක් ලක්මවට සේවයක් කිරීමට නිරෝගී සම්පත්තියත්, දීර්ඝායුෂත් ලැබේවා...!!!

:       4       3

බද්රානි Friday, 05 November 2021 02:29 PM

ආයේ කතා දෙකක් නැහැ... ඉන්දියන් ටාටා බස් රථ 250ක් අලුතෙන් ගන්න යන වියදම කරලා ඇති මේ අලුත්වැඩියාවට..? අනික කවුද මේවට බස් රථ කියන්නේ, ලොරි චැසිවලට බස් එකක් වගේ ටකරන් ගහලා, තීන්ත ගාලා බැංකු තියලා වාඩිවෙන්න... ඒ කාලේ ලංකාවේ බෙන්ස් බස්වල, ඩබල් ඩෙකර්වල ගමන් ගිය අපට මේවට බස් රථ කියද්දී අර කොහෙන්ද මන්දා හිනායනවා. ඉන්දියාවේ යකඩ ගොඩවල් ටික ගොඩගහ ගත්තාට තමයි අපට අර සුවසැරිය ගිලන් රථ සේවය නොමිලේ ලැබුණේ පිනට...

:       10       8

යෝගා Friday, 05 November 2021 02:57 PM

සෑමදේකම දොස් පමණක් දකින අංගවිකල ජීවිත ගැන අපේ කණගාටුව...

:       3       12

kamalFriday, 05 November 2021 03:56 PM

69 ලක්ෂය... අහෝ... කවදා සත්‍යය ඇති සැටියෙන් දකීවිද?

:       0       1

බද්රානිFriday, 05 November 2021 05:34 PM

යකඩ ගොඩවල් රත්තරන් ලෙස බලලා සතුටින් ජීවත් වෙන "යෝගලා" දිහා බලලා අනුකම්පා කරලා අපිත් සතුටු වෙන එක හැර වෙන ඉතින් මොනවා කරන්නද? ලෝකයේ දියුණු රටවල බස් දැකල තියන අපට ලදරන් ලොරි බස් දකිද්දී ඇතිවෙන්නේ කලකිරීමක්. හොඳ දෙයක් ඇත්තෙම නැත්නම් ඉතින් එකට නරක නොකියා විවේචනය නොකර වෙන මොනවා කරන්නද? පාලකයින්ගේ සැප වාහන දෙස බලලා සතුටු වෙන වහල් මානසිකතත්වයෙන් යුත් අයට ඇත්ත ඇහෙද්දී අර "භූමිතෙල් ගෑවුණු ගැරඬි" වගේ දඟලනවා. ඒකට ඉතින් මොනවා කරන්නද? බස් එකේ එන්ජිම පරණ වුණත් පිටින් ගහන බොඩිය දැකලා වාහනේ අලුත් කියලා සතුටු වෙන අයට පව් අනේ.. වාහනෙන් පිටවන නැවුම් දුම එහෙම ශරීරයට හිතකර ඇති බැව් මගේ හිතේ?

:       0       3

ganegodaFriday, 05 November 2021 03:08 PM

ඔව් භද්‍රානි, මටත් ඒ විදිහට තමයි තේරුම් ගියේ... හොර බිල් දාන්න අපේ අය දක්ෂයිනේ...

:       0       2

සංජීවFriday, 05 November 2021 03:39 PM

කොමිස් ගහලා හොරකම් කරලා පෝසත් වුණු කෙනෙක්ගේ පුතෙක් වගේ...

:       0       1

නිපුන් Friday, 05 November 2021 03:19 PM

බලන්න ඉතින් හදලා ගන්න පුලුවන් ඒවනේ විසිකරන්න දාලා තියෙන්නේ.. අපේ හාමුදුරුවනේ..!!!

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 November 2021 04:31 PM

වාහන ගේන්න ඩොලර් සංචිත නැති වෙලේ මෙය තරමක වාසියක් වෙන්නට ඇතැයි කියා හිතමුකෝ.. ඒත්, මේවා නවීකරණය කළාට, ඒවායින් අලුත්ම වාහන වලින් ලබනා සේවය ලබන්නට නම් බැහැ. මේ රටේ අලුත්වැඩියා කරන වාහන වේගය 40 පැන්න ගමන්ම තනිකරම ඩක්කුවක ශබ්දය පරදනවා. හැබැයි එතකොට නලාව නම් ඕනෑ වෙන්නේ නැහැ. ටික කලක් යනවිට ඇන මුරිච්චි ඇතුළු කොටස් බුරුල්වී කොහේ යයිද කියන්නට බැහැ. තවත් පාරක් අලුත්වැඩියා කරනකොට එක වාහනයකට වාහන දෙකක මුදල් ගිහිල්ලා. අපේ රටේ සමහර මිනිසුන්ට මේවා තේරුම් ගන්නට නොහැකි වුණාට, දියුණු රටවල වාහන වසර කිහිපයක් පාවිච්චි කොට තලා පොඩිකොට දමනවා. මේ පරණ අබලන් වාහන නැවත අලුත්වැඩියා කිරීම ගැන සිනහා උපදවන කතාවක් ජනවහරේ පවතිනවා. එය නම්, "ආච්චිව මොනතරම් හොඳට අන්දවාලා මේකප් කරත් කිසිදාක මනමාලියෙක් කරන්නට බැහැ" යන්නයි. ළාමක මිනිසුන් මේවා තේරුම් නොගෙන උන්මත්තකයන් මෙන් පුහු තර්ක ගෙනාවත්, මෙවැනි කියමන් නිකමට කියවිලා නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site