
(මනම්පිටිය නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ මහවැලි රක්ෂිතයක මීට දින දෙකකට පමණ ඉහතදී මියගිය අලිපැටවුන්ගේ සිරුරු 2ක් අද (07) දහවල් සොයාගත් බව වැලිකන්ද වනජීවි කාර්යාලය පවසයි.
මහසෙන්පුර 44 කෙත් ඇළට නුදුරින් ඇති මහවැලි රක්ෂිතයක මෙම නිවුන් අලිපැටවුන් බිහිකර ඇති අතර එම පැටවුන් ඒ මොහොතේම මිය යන්නට ඇති බවට තමන් සැකකරන බව වැලිකන්ද ස්ථාන භාර වනජිවි නිලධාරි දිනේෂ් දිනුක මහතා අපකළ විමසීමකදී සඳහන් කළේය.
මෙවැනි නිවුන් අලිපැටවුන් බිහිකිරිම ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් එමෙන්ම එලෙස මිය යාමද අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බවත් දිනේෂ් දිනුක මහතා පැවසීය.
මේ පිළිබඳ ගිරිතලේ වනජිවි පශුවෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හෙට (08) සිදුකිරීමට නියමිතය.
අනතුරුව එය සැබවින්ම නිවුන් අලි උපතක්ද යන්න සොයා බලන බවත්, එලෙස මියයාමට හේතුව කුමක්ද යන්නත් සොයා බලා වනජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද වනජිවි නිලධාරීහු සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කණගාටුදායක දසුනක්...
කලින් පාර අලි මැරෙද්දි නැට්ට පාගන් තප්පුලාගෙන දඟලපු අය දැන් මොනවා කියයිද දන්නෙ නෑ. 'සර්' ගේ වාසනාවට වෙනදේවල් කියලා කියන්නත් පුළුවන්...
අනේ පව්... අහිංසකයින්ට මෙලොව එළිය දකින්න නොලැබීම. අප රටට වටිනා ස්වාභාවික සම්පතක් අහිමිවිය.
ඇඟේ තුවාල තියෙනවා, බලන්න. මිනීමැරුමක් හා සමාන අපරාධයක් වෙන්න පුළුවන්. බලන්න...
හරිම දුක්ඛිත දසුනක්.. ඒත් මේ චූටි පැටව් ජීවත් වෙලා, ලොකු මහත් වෙලා එයාලට හිමි නිජබිමක නිදැල්ලේ සැරිසරමින් කල් ගෙවන්නට තරම් සුදුසු පරිසරයක් අද කාලේ නිර්මාණය වෙලා තියෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්.. ඉවක් බවක් නැතුව කරන වන විනාශයන්, වෙඩි තැබීම්, හක්ක පටස්, දුම්රියට හසුවී මිය යෑම් මෙකී නොකී මොනතරම් බාධා, කරදර මැදද මොවුන්ට දිවි ගෙවන්නට වෙලා තියෙන්නේ..? නැත්නම් පොලිතීන් බෑග් වල තියෙන කුණු ගොඩවල් කෑමට ගන්නවා. එයාලට හිමි නිජභූමි, ඉවක් බවක් නොමැතිව එලිපෙහෙලි කරමින් දේශපාලුවන් කරන, වන විනාශයන් මැද අවිනිශ්චිත ජීවිතයකට මැදිවෙලා ජීවත් වෙන්නටයි වෙන්නේ. දෙපා සතා නැමති රුදුරු මිනිසාගේ කෙනෙහිලිවලට හසු නොවී, ඉපදුණු විගසම මේ පව්කාර ලොවින් සමුගන්නට සිදුවීම එක අතකට හොඳ නේදැයි මට නොසිතුණාම නොවෙයි. නුඹලා ඊළඟ භවයේවත්, මනුස්ස ආත්මයක් ලබා බුදුන් දැක, නිවන් දකිත්වා යයි පැතුම් පතන්නම්..
පරීක්ෂණ කිරීම ගැන මගේ ආචාරය...!!!