
(චාපා මධුභාෂිණී)
මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදාහැරිම නිසා වනෝද්‍යානයේ සිටින සතුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බව වනෝද්‍යාන බාරකරුවෝ පවසති.
කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා පාවිච්චිකරන මුව ආවරණ විශාල වශයෙන් වනෝද්‍යානයේ දෙපාසට විසිකර දමා ඇති අතර වඳුරන් මෙන්ම රිලවුන්ද ඒවා අතපත ගෑම සිදු කරයි. අලි ඇතුන් පවා ඒව හෙඬෙන් ස්පර්ශ කළහොත් එම සතුනට ද වයිරසය ආසාදනය විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
කිලෝමීටර 14ක පමණ දුරක් හබරණ කැලෑව මැදින් හබරණ සිට පොලොන්නරුව දෙසට දිවෙන මෙම මාර්ගය දෙපසට නිරන්තරයෙන් සත්ත්ව අපද්‍රව්‍යසේම මළ සිරුරු එම්බාම් කිරීමේදී ඉවත් කරන විවිධ කොටස් මෙම රක්ෂිතයට මුදාහැර තිබියදී හමු වූ බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා කියයි.
මින්නේරිය බටුඔය ප්‍රදේශයට යාබදව මීට මසකට පමණ ඉහතදී ඉස්සන්ගේ ඉවත දමන ලද හිස කොටස් ලොරියක පමණ ප්‍රමාණයක් මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබී හමු වූ බව ජාතික වනෝද්‍යානයේ නිළධාරියෙක් කියා සිටියේය.
මාළු අපද්‍රව්‍ය සහ ගොවිපල අපද්‍රව්‍ය නිරන්තරයෙන් මෙම හබරණ කැලෑ ප්‍රදේශයට බැහැර කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් නරුමයින්...!!! සත්තකින්ම ඔව්...
සත්තු මිනිස්සු වගේ මෝඩයිද? ඒ අය දන්නවා බොරුවෙන් ඈත හඳුනාගෙන ඒවත් එක්ක ජීවත් වෙන්න... ඒකට අපි කොරෝනා වවන් කනවා...
මේ අපද්‍රව්‍ය විනාශකරන වැඩපිළිවෙලක් නැද්ද?. කෝවිඩ් අපද්‍රව්‍ය බව දැන දැනත් ඒවා මතුපිට දමායන ජාති ද්‍රෝහීන්ට නිසි දඬුවම් ලබාදිය යුතුමයි...
තිරිසන් සතුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලාංකික ජනතාව සත්තුන්වත් ව්‍යවසනයකට අද නොදැම්මොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ. පරිසරයට සලකන ආකාරයෙන්ම හිතාගන්න පුළුවන්නේ... ලෝකෙන් උතුම් රටේ නරුමයින්ගේ කෙරුවාව.. ඇත්තම කියනවා නම් මොවුන් නම් ලෝකෙටම වෛරසයක්...
ලංකාවේ මිනිස්සු තරම් පරිසරයට හානි කරන මිනිස්සු කොටසක් මේ ලෝකේ නැතුව ඇති .අපිට මීළඟට ඔට්ටු වෙන්න වෙන්නේ මේ අපරාධය එක්ක තමයි .මිනිස්සු බොහොමයක් මුව ආවරණ බැහැර කරන්නේ කිසිම චාරයක් නැතුව .කොවිඩ් පැතිරෙන්න මේවත් හේතු වෙනවා .අපේ හැසිරීම් හදා නොගත්තොත් අපිම තමයි පව් ගෙවන්න වෙන්නේ කියලා මතක තියාගෙන ඉන්න