
(කාංචන කුමාර ආරියදාස)
මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක කිසිදු වරප්‍රසාදයකින් තොරව තම දරුවන් වෙනුවෙන් අකුරුකරවන ගුරුවරයකු විල්ගමුව හිඹිලයාකඩ ප්‍රාථමික පාසලෙදී අපට හමුවිය.
මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා ඇති විල්ගමුව හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් හය දෙනාට නොකඩවා අදටත් පාසලේ පන්තිය පවත්වාගෙන යන බව මවුපියෝ පවසති.
මෙම විද්‍යාලයේ සම්පූර්ණ දරුවන් ගණන 22කි. එයින් පස්වන ශ්‍රේණියේ එනම් මෙවර ශිෂ්ශතයත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් හත් දෙනෙකි .එයින් හයදෙනෙක් දිනපතා පාසල් පැමිණෙනෙති. පන්තිභාර ගුරු ගුරුවරයා බවට පත්ව ඇත්තේ පාසලේ සිට කිලෝ කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පදිංචිව සිටින වසන්ත ඒකනායක නම් වූ ගුරුවරයා ය.
තවම විද්‍යාලයේ දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම් සඳහා මෙම ගුරුවරයා දැඩි කැප කැපකිරීමක් කරන බවත් මුළු ලංකාවේම පාසල් පද්ධතිය වසා දමා තිබෙන මොහොතක ගුරුවරුන් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය පවා නවතා ඇති මොහොතක වසන්ත ඒකනායක ගුරුවරයා කිසිඳු අයකිරීමකින් තොරව අඩුම තරමේ ආහාර වේල්ක හෝ ලබා නොගෙන තම පෞද්ගලික වියදමින් දුරු බැහැර ගෙවා දිනක් හැර දිනක් පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරන බව දරුවන්ගේ මවුපියෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු හොරු අතර වූ සැබෑ ගුරු දෙවියෙක්..
මෙහෙම දැම්මොත් දැන් අනිවාර්යයෙන්ම මේ ගුරුවරයාට බලපෑම් එයි. මේ වැඩ නවත්වන්න කියලා. සමහර විට තර්ජන පවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ගුරු දෙවියෙක්... මුළුරටම වසංගතයක් එක්ක පොර බදන වෙලාවේ රටේ ආර්ථිකය අඩියටම වැටිලා තියෙන වෙලාවක තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කියලා වර්ජනය කරන ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න රටක සැබැවින්ම ඔහු ගුරු දෙවියෙක්...
ස්ටාලින්, අනුර කුමාර දිසානායක සහ බත් බැලයන් හැමදාම කරේ අල්ලගන්න ලේසිම අධ්‍යාපනය කරන සිසුන්, ගුරුවරුන් අල්ලාගෙන තෙල් බෙදලා මහපොළවේ ප්‍රායෝගික නොවන දේවල් පෙන්නලා මිනිස්සු අවුස්සපු එක. 88-89 සිසුන් දහස් ගණනක් මියගියා. දැන් ආයෙත් පටන් අරගෙන. මේ අය අපේ ජීවිතත් කාලකන්නි කරලා, අපේ දරුවන්ගේ ජීවිතත් කාලකන්නි කරන්නයි හදන්නේ... සරසවි සිසුන් කැට හොල්ලලා දෙන සල්ලි වලින් යැපෙන මේ අයට තියෙන්නේ පහේ පන්තියේ තියෙන දේශපාලන වෛරය විතරයි.
" වර්ජන රැල්ල පෙන්වයි තම සුපිරි බලේ .. දරදඬු රජය පෙන්වයි තම නියම මොළේ .. දෙපසින් තැලෙන සිසු දරුවන් රැඳෙයි දැලේ .. පින්වත් ගුරු දෙවිඳු මෙය අවබෝධ කළේ .. "
ජෝසප් ස්ටාර්ලින්ව ඔය පන්තියට සහභාගි කරවන්න කුමා...
හරිම ආදර්ශවත් සද්ක්‍රියාවක්... මෙවන් ගුරු දෙවියන් මුලු ලංකාව වටේම බිහිවේවා..!!!
පළමුව අප ලංකා මාතාවගේ දරුපැටවුන්ගේ ඇස් පෑදීමට ලාභ ප්‍රයෝජන පිළිබඳව නොතකා තම වටිනා සේවය ලබාදෙන මෙම "ගුරුතුමාට" යහපතක්ම වේවා යන්න අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. එලෙසම මෙම ගුරුතුමා තම සහෝදර ගුරු ප්‍රජාවටම මේ කරන්නේ අතිමහත් නිග්‍රහයකි, නිගාවකි, අවමානයකි. මක්නිසාදයත් මෙම ගුරුතුමා තම දුෂ්කර සේවය කරමින් මහජනතාවගේ මුදලින් වැටුප් ලබන අතර අනෙකුත් ගුරුවරු සේවය නොකර නිකන් මහජන මුදලින් වැටුප ලබාගන්නා බැවිනි. මෙම අදහස් පිනට පඩි ලබාගන්න "ස්ටාලින් බොබිලා ඇතුළු සියලුම වෘත්තීය සමිති නායකයින්ට මෙන්ම අනෙකුත් පින් මාමලාට නැන්දලාටද කියවීමට හැකි වේවා...!!!
තෙරුවන් සරණයි... ඔබතුමාට...!!!
පාසල් දරු දැරියන්, ගුරු භවතුන් අමතන්නේ මිස් නැත්නම් සර් කියලා... එම ඇමතීමට වඩා ගුරු දේව හා ගුරු දේවි කියලා අමතනවා නම් කොපමණ ලස්සනද මෙතුමාට සකල සෞභාග්‍යය උදාවේවා...!!!
මෙහෙම ගුරු දෙවිවරුන් දැක්කම අවංකවම සංතෝෂ වෙන්නේ දෙමව්පියන්. හැබැයි වඩාත්ම සංතෝෂ වෙන්නේ ආණ්ඩු කරන දේශපාලකයින්. ඒ ගොල්ලන් හිතන්නේ මේ වගේ හරක් ටිකක් බෝකර ගත්තොත් කිසි කරදරයක් නැතුව අපි ගොඩම ගොඩනේ කියලා...
මේ වගේ ගුරු දෙවිවරු අපටත් හිටියා... අපි පුංචි කාලේ. අපි අදටත් පින් දෙනවා ඒ උතුමන්ට...
උතුම් තුණුරුවනේ ආරක්ෂාවත් වසන්ත ඒකනායක මහතාටත් පවුලේ සියළු දෙනාටත් ලැබේවා... ඒ වගේම ඔබතුමාගේ දරුවන්ටත් ඔබතුමා කළ මෙම සත්ක්‍රියාවේ ආනිශංස ලැබේවා... ඔබතුමාගේ භවගමනටද මෙම කුසලකර්මය අනේක වාරයක් කුසල් රැස් කෙරේවා..!!!