රංජිත් රාජපක්ෂ
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති.
පසුගියදා එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වී සිටියේය.
උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන ලදී. එහි ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදෑසන කොටියා මිය ගිය බව වනජීවි නිලධරයෝ පවසති.
ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හයදෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවත් ඔවුහු කියති.
මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදි සිදු කිරීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක කළු නෙවේ රෝස පාටින් අාවත් සාධාරණයක් නෑ..
කරුණාකර වනජීවී එකේ ඉස්පිරිතාලෙට පිටරටින් දොස්තර මහත්තයෙක් ගෙන්නන්න.
අනේ !..... හරිම දුක හිතෙන ප්‍රවෘත්තියක්.. මෙයා ගැන අප නොදන්නා රසවත් තොරතුරු බොහොමයක්, මේ පිටුවෙන්ම අපට කියවන්න ලැබුනානේ. විජිත්, සමිත සේනක මහතුන් ඇතුළු අප සියලු දෙනා කෙසේ නම් මේ දුක දරා ගන්නද? වනජීවි නිලධාරියන් මෙයාගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ කැපවූ බව අප දනිමු. මන්දකට අසුවී මිය ගිය, අවසාන පැන්තරා පාදුස් වර්ගයේ කළුකොටියා මෙයාම වේවා !
මේ රටේ වටිනා යැයි මොනවා හම්බ වුණත් වැඩක් නැහැ. ඒ වටිනාකම දන්න මිනිස්සු නැහැ. වෙනරටක මෙවැනි සත්වයෙක් ආරක්ෂා කිරීමට දක්වන වෙහෙස අපමණයි.. කෝ ලංකාවේ පශු වෛද්‍ය පිඨවල ලොකු ලොකු උගත්තු මෙවන් සත්වයන් පිළිබඳව දක්වන ආරක්ෂිත වැඩ පිළිවෙල, කළ යුතු වැදගත්ම පියවර මෙන් වටිනා සත්වයන් ආරක්ෂා කිරීමට විදෙස් රටවල් වෙත ලබාදීමයි. මම දන්නවා විදේශ රටවලට දියයුතුයි කියපු ගමන් හැමෝම මට දොස් නගන බව එහෙත් විදේශයක අධ්‍යාපනය ලබන මම දන්නවා ඒ පිළිබඳ ඔවුන් උත්සුක වන ආකාරය...
ආයුධ පෙන්නන්න ගියා වගේ තමයි, වනජීවී එකෙන් කොටියෙක් අරන් ගිය කියන්නේ...
බේරා ගත්තොත් සතා මැරෙනවා. මෑතකදීත් ඔහොම කොටියෙක් බේරාගෙන මැරුණා. ක්‍රමවේදයේ වරදක්ද? සතාගේ කරුමෙද...?
පසුගිය 26දා එනම් මේ දුර්ලභ පැන්තර්ව නොමිනිසෙකු විසින් සතුන්ට අටවන ලද උගුලකට අසුවී මුදාගත් දාසිට... මට ලස්සන සිහිනයක් තිබුනා. වචනයෙන් ...මෙහෙමයි කියලා කියන්න බැරි තරම් සුන්දර සිහිනයක්....ඒ තමයි.. මෙයා අායෙත් එයා අයිති පරිසරයට.. එයාගේ ගමට යන දවස දකින්න. එ්ත් අද උදේම දුටු පුවතකින්... මගේ සිත කෑලි කෑලි වලට කැඩී, විසිරි ගියා. දින තුනක්.. මා සිත තුළ සිරවී සිටි ආගන්තුකයා ගැන මා මැවූ "සිහිනය මියගියා. "ආයෙත් නොඑන්නම.. මිනිසුන් අතර සිටින" නොමිනිසුන් " නැති.. අපි තවමත් අත්දැක නැති... එය මෙහෙමයි කියලා එක එක්කෙනා නොයෙකුත් විදිහට අර්ථ දක්වන.. අනුමානයට මිසක් අවධාරණය කරගන්නට බැරි ලෝකයකට එයා අපිටත් නොකියාම යන්න ගිහින්.. ඔව්, කැළෑ පාලුවන් නැති, අහිංසක සතුන්ට ගිනි බිඳින්නන් නැති, පරිසරය නසන, වනසන.. අපි ඔක්කොමව මරාගෙන මැරෙන "නොමිනිසුන්ගෙන් " තොර . ඈතම ඈත තිබෙනවා කියා සිතන ලස්සන ලෝකයකට එයා යන්න ඇති.. සසරේ යම් භවයකදී කරන ලද පව් නිසා .. නුඹ කළු කොටියෙකුවී ඉපදුණත්... ඒ පවු සියල්ලම ගෙවා .. දවසක බුදුන් දැක නිවන් දකින්නට නුඹට හේතු වාසනා වේවා. ඒ හැර මම වෙන මොනවා කියන්නද..?
කවද්ද අපේ වනජීවී එකෙන් සතෙක්ගේ ජීවිතයක් බේරාගත්තේ..? හැමදාම වෙන්නේ ඔය ටිකම තමා. උගත්කමක් ඇති වෛද්‍යවරු අවශ්‍ය වෙලාවක්...
මේ මිලකළ නොහැකි සතා නිර්වින්දනය කළ හැටිත්, රෙද්දක් දමා කරන විකාරයත් වීඩියෝ දර්ශනයෙන් දිටිමි. නිර්වින්දය කළ යුත්තේ නිහඬව සතා කලබලයට පත් නොකරයි. කලබලයට පත්වූ සතාගේ තිබූ තුවාල තවත් විශාල වන්නට ඇත. විකුම් කියන පරිදි විදෙස් රටවල අනුගමනය කරන පිළිවෙත් කොතරම් වටිනවාද දන්නේ එහි ජීවත්වන පිරිස පමණි. මම නම් මේ වීඩියෝ පටියෙන් දුටුවේ කොටියා මරන්නට දඟලන පිරිසක් ගන්නා තැතක් මෙනි. වනජීවියා පිටරටකට බාරදීම තමයි හොඳම ප්‍රතිකර්මය... එතකොට මේ රටවල දොස්තරලා සත්තුන්ව නිර්වින්දනය කරන හැටිත්, රැකගන්නා හැටිත්, හොඳට බලාගන්න අපේ පශුවෛද්‍ය වරුන්ට හැකිවේවි... රටට, ගහකොළට, සතා සිවුපාවාට හා ජනතාවට, ඇත්තටම හිතකාමී පාලනයක් මේ බුදුන් වැඩි රටේ බිහිවේවා..!
වනජීවී එකේ ඉන්නේ පශු වෛද්‍යවරුන්ද, කොන් දොස්තරලාද? මන්දකට අහුවුණු සතෙක්වත් බේරගන්න බැරි අයනේ... අනිවාර්යයෙන් සුදුසුකම් නැති පශුවෛද්‍යවරු වෙලා ඇති... ඉතින් ඒ අය දන්නවද සතෙකුට වේදකම් කරන්න.. පහුගිය දවස්වල අර තඩි දිවියෙක්ව මැරුවා.. දැන් මේ හොඳට හිටපු කළු දිවියව මැරුවා. වහාම වනජීවී එකේ එකාලගේ සුදුසුකම් පරීක්ෂා කරන්න. වනජීවී එකේ අයට ලැජ්ජා නැද්ද? නිකන් පඩි කකා ඉන්න.. සතෙකුට වෙදකම කරලා බේරගන්න බැරි එවුන් මොකටද? මේ අය වැඩක්ම නැති අය තමයි..,
ලෝකයේ සිටින ඇති දුර්ලභ සතෙක් ගැන කිසි වටිනාමක් නැතිව ඔහේ මැරෙන්න දීපු වනජීවී එකයි, වනජීවී ඇමැතියි මේකට වග කියන්න ඕනේ... වෙන රටක නම් මෙහෙ සතෙක් තවම ඉන්නවා කියලා දැනගත්තේ දවසේ ඉඳලා උෟට විශේෂ ආරක්ෂාවක් දෙනවා.. නමුත් අපේ රටේ අයට මේ කිසිම දේක වටිනාකමක් නැහැ. නිකන් ජනතාවගේ බදු මුදල්වලින් කකා බිබී ඉන්නවා විතරයි..
කරුණාකරලා නිර්වින්දන එන්නත්වල තත්වය හා සතුන්ට ලබා දෙන ප්‍රමාණය පරික්ෂා කරන්න.. නිර්වින්දනය කරොත් ඒ සතා මැරෙනවානේ...
වනජීවී එක වැඩක්ම නැහැ.
හරිම කණගාටුදායකයි.. සතා හමුවෙන්නේ 26 වෙනිදා නැතිවෙන්නේ 29 වෙනිදා.. මෙ දවස් දෙකේ සතාගේ තත්වය තේරුම් අරන් ප්‍රතිකර්ම කිරීමට බැරිවීම හරිම අවාසනාවන්ත දෙයක්... හේතුව නොහැකියාවද? හරිම දුකයි..
මේ දැවැන්ත කොටියාගෙන්, මේ ප්‍රදේශයේ වසන දුප්පත් කම්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අනතුරක් නොවීම පිළිබඳව සතුටු වෙමි...
වන ජීවී නිළධාරින්ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව පිළිබඳව නැවත සොයා බැලිය යුතුයි. ඔවුන්ගේ පවතින අඩුපාඩු දුර්වලතා අවම කිරීමට කාලය පැමිණ ඇත. පුහුණු වීම් පිළිබඳ ගැටලු නිරාකරණය කළ යුතු වෙනවා. එමෙන්ම මෙසේ අවසානාවන්ත ලෙස මිය යන දේශිය සත්ත්ව තුරුලතා ආරක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මහජනතාව දැනුවත්කිරීමේ වැඩ සටහන්ද අවශ්‍යයි. මේ කළු කොටියාව සංරක්ෂණය කර මහජනතාවට ප්‍රදර්ශනය සඳහා තැබීම කෙරෙහි අවධානය යොමු වේවා!
මේ වටිනා දුර්ලභ සතාගේ මරණය ඉතා සැක සහිතයි. මේ සතා අල්ලා ගනිද්දී හොඳට පණ තිබුනා. පෙනෙන්ට තිබුණ තුවාල මාරාන්තික නැහැ.මීට සති කිහිපයකට පෙරත් තේ වත්තක සිට නල්ලතන්නිය වනජීවී එකෙන් මන්දකට හසුව පණ පිටින් බේරාගත් ගත් කොටියාත් මැරුණා. මේ සතුන් සුව වූ පසු මෙම පරිසරයටම නැවත මුදා හරින නිසා තේ කර්මාන්තයට වන බලපෑම මත ඊට සම්බන්ධ කිසියම් හෝ පුද්ගලයන් පිරිසකගේ අවශ්‍යතාවට අනුව වනජීවීය විසින් මෙම ප්‍රදේශවල හසුවන කොටියන් මැරෙන්නට ඉඩ හරිනවාද යන්න ගැන ඉතා සැක සහිතයි. එබැවින් මෙම නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ගේ ක්‍රියා කලාපය ගැන ඉහළ පෙලේ පරීක්ෂණයක් වහාම පවත් විය යුතුයි. පරීක්ෂණ නිම වෙනතුරු එම කාර්යාලයේ සියලු සේවකයන්ගේ වැඩ තහනම් කළ යුතුයි. කෙසේ වෙතත් හොරුන්, ඩීල් කාරයන් රජ කරන රටක මෙවන් පරීක්ෂණ බල පොරොත්තු විය නොහැකි බව ද අපි දනිමු.
මෙම සත්වයා අල්ලන ක්‍රමවේදය ඉතා සියුම්ව නිරීක්ෂණය කළහොත් දක්නට ලැබෙන ආකාරයට කිසිම විද්‍යාත්මක ක්‍රමවෙදයක් නැහැ, මේක නිලධාරීන්ගේ වැරැද්දක් නොවෙයි. වනජීවි එකට නිලධාරීන් බඳවා ගැනීමේදී වන සතුන් පිළිබඳව කිසිඳු අවබෝධයක් නැති, පිරිස් දේශපාලනික වුවමනා මත බඳවාගනු ලබයි. අඩුම වනජීවි නිලධාරින්ගෙන් කී දෙනෙකුට වන සත්වයෙක් නිවැරදිව ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට අවශ්‍ය දැනුම පවතීද? සැබවින්ම මේවා දේශපාලනික වුවමනා වෙනුවෙන් වන ජීවින් හෝ වන ශාක පිළිබඳ කිසිඳු සාක්ෂරතාවයක් නැති පිරිස් බඳවාගනු ලබයි. අඩුම තරමින් මම යෝජනා කරනවා මෙවැනි තනතුරුවලට බඳවාගනු ලබන පිරිස් සඳහා හොඳ පුහුණුවක් ලබාදීම, මීට අමතරව විලේජ් life වැනි වැඩසටහන්වත් යම්තරමින් හෝ නරඹා එවායින් යම් යම් දේ ඉගෙන ගෙන කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ මේ සතුන් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස.... අපිට අපේ දේ දවසින් දවස නැතිවෙලා යනවා, ගහකොල, සතා සිව්පාවා, කරුණාකර දේශපාලනික දැක්මෙන් කියවන්න එපා. කලු කොටියෝ යලි නුඹ කොහේ උපන්නත් ලංකාවේ උපදින්න එපා...
මේකට.. අපේ මුතුන් මිත්තෝ කිව්වේ , ලෙඩා මළත් බඩ සුද්දයි කියල ..!
යමක්.. කමක් කරකියාගන්න හැකිතාවයකියුත් වනජීවී වෛද්‍යවරුන්.. අපේ රටේ නැති බව අපිට තේරුම්ගන්න පුළුවන් නේද..?
වෙනත් රටක නම් මෙලහටත් මේ ගැන පරීක්ෂණ කරලා අදාල ඇමති ගෙදර යනකම් විද්‍යුද් මාධ්‍ය කටයුතු කරනවා. ඒ වගේම මේ උගුල් අටවා අහිංසක සතුන් විනාශ කරන පාපතරයින්ට අධිකරණය මගින් දෙන දඬුවම් හා දඩමුදල් තුන්, හතර ගුණයකින් වැඩිකළ යුතුයි...
තනිකර බොරුවක් මේ මැරුණු කතාව. මැරිලා නැහැ මරලා තියෙනවා. බොරුවක් කියලා හොඳටම පේන්නේ මේ දුර්ලභ බ්ලැක් පැන්තර් මැරුණු එක සාධාරණීය කරලා තියෙන විදිහෙන්. මෙන්න කියලා තියෙන දේ. " ශ්‍රී පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හයදෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1%ක් පමණ වාසය කරන බවත්.." අප්‍රිකාවේ බ්ලැක් පැන්තර් 2019 හොයා ගත්තේ අවුරුදු 100 කට පස්සේ. මේ දුර්ලභ බ්ලැක් පැන්තර් ලංකාවේ මේ විදිහට දැක්කේ අවුරුදු 70කට විතර පස්සේ 2020 ජනවාරි. වනජීවී දෙපාර්තමේන්තුව ඊට කලින් කිව්වේ ලංකාවේ බ්ලැක් පැන්තර් වඳ වෙලා ගිහින් කියලා. එහෙනම් ජනවාරි මාසේ හම්බ වෙච්ච බ්ලැක් පැන්තර් ආරක්ෂා කරන්න කිසිදෙයක් කරන්නේ නැතුව මාස 6 තිස්සේ පොල් ගෑවාද? ස්වභාව ධර්මයේ දුර්ලභම දායාදයක් මැරුවා. මීට සති ගාණකට කලින් තවත් දිවියෙක් මැරුවා. මුළු ලංකාවටම ඉන්නේ දිවියන් 600 ගානක් විතරයි. 'ගෘහස්ථ මස් කඩ අරින්න ඉඩදීලා මස් අපනයනය කරනවා' කියල කියපු SLPP ඡන්ද පොරොන්දුවත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ කැලේ ඉන්න ඔක්කොම දුර්ලභ සත්තු ටික මරන්න පටන් ගනියි... ඇයි රාජ්‍ය අනුග්‍රහය තියෙන නිසා....
මේ කියන නමත් වැරදියි. "පැන්තරා පාඩියුස්" කළු කොටියන්" කියලයි වනජීවී දෙපාර්තුමේන්තුව කියන්නේ... "පැන්තරා පාඩියුස්" කියන්නේ දිවියන්ට. කොටියට කියන්නේ "පැන්තෙරා ටයිග්‍රිස්" කියලා. ලංකාවේ වනාන්තරවල කොටි නැහැ. ලංකාවේ කොටි ඉන්නේ සත්තු වත්තේ විතරයි. මේ ඉන්නේ "පැන්තෙරා පාඩියුස් පාඩියුස්." කොටියෙක් නම් "පැන්තෙරා පාඩියුස් ටයිග්‍රිස්" වෙන්න එපෑයැ. එහෙම වර්ගීකරණයක් නැහැ. වෙන රටවල බ්ලැක් පැන්තර් හම්බ වුනහම National Geographic සඟරාවේ දානවා. ලංකාවේ බ්ලැක් පැන්තර්ව එහෙම දැම්මේ නැහැ. දුර්ලභ සතුන් ආරක්ෂා කරගන්න කිසි වැඩපිළිවෙලක් නැතිබව එයින්ම පේනවා. මේ දුර්ලභ සතුන්ගේ වටිනාකම මොවුන් දන්නේ නැහැ. ලෝකේ පළවෙනිම අභය භූමිය තිබුනේ ලංකාවේ. ක්‍රිස්තු පූර්ව 5 වෙනි ශත වර්ෂයේ දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ මිහින්තලේ ලෝකේ මුල්ම අභය භූමිය විදිහට නම් කළා. දැන් බුදුහාමුදුරුවන්ගේම ශ්‍රී පාදය පිහිටවපු ශ්‍රීපාද කන්ද තියෙන කැලේ ඉන්න දුර්ලභ බ්ලැක් පැන්තර් මන්දවල් වලට අහුවෙනවලු... මේ රටට ආණ්ඩුවක් මොකටද?
යාපනයේ හිටියා නම් අපි ඉවර තමයි.. දීපු එන්නත් කොටින්ට හරි ගිහින් නැහැ.. වලසුන්ට දෙන බෙහෙත් කවලම් වෙලා...
කලු කොටි කිව්ව ගමන් තිගැස්සෙන කාලයක් තිබුණා.. එ්ත් මේක නම් හදවත් කම්පාවට ලක්වුණු සීන් එකක් තමයි.
වන ඇමතිකම ලැබුණු ගමන් ගිනි අවි ගත්තා නේද?
මේ කොටියව දාගෙන ගියේ ඌරෙක්ගේ ප්‍රමාණයට සකස් කරපු පෙට්ටියක.. හුස්ම හිරවෙලා මැරුණාද දන්නේ නැහැ. ඒ වගේම වනජීවී එකෙන් පාවිච්චි කරන නිර්වින්දන එන්නත් කල්ඉකුත් වූ ඒවාද විය හැකියි. මෙම සතුන් අල්ලා ගැනීමේදී මොවුන් අනුගමනය කරන ක්‍රමයේ යම් වැරැද්දක් මේ කොටි මරණවලට හේතුවිය හැකියි.
මේ මන්ද තියපු කෙනාව අත්අඩංගුවට ගන්න. යහතින් හිටපු සත්තු පුළුල් මාධ්‍ය ප්‍රචාර ලබාදීලා අන්තිමේදී මළගම සඳහන් කරන්නත් වුණා.