(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි.
යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද හිමිවූ අතර මන්ත්‍රීවරු 114 දෙනකු ඡන්දය අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකට ආචාර කර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ද ඉන් අනතුරුව සභා ගැබෙන් ඉවත්ව ගියහ.

(ඡායාරූපය හර්ෂ ද සිල්වාගේ ටිවිටර් ගිනුමෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවතුල විනයක් නැති නම් රටතුල විනයක් තිබියහැකිද? ලෝකයේ ඕනෑම රටක දියුණුව සඳහා විවස්ථාදායකය . විධායකය හා අධිකරණය යන අංශ තුනතුල විනය ඉතා ඉහල මට්ටමක පැවතිය යුතුවේ.
අපේ රටේ මිනිස්සු නිදහස බුක්ති විදන්න දන්නේ නෑ. වැඩි හරියක් නොදියුණු අය. පාර්ලිමේන්තුවෙත් එහෙමයි. අපේ රටේ වෙන්න ඇති උද්ඝෝසණ වැඩිම රට. කොළඹ ගිහින් වැඩක් කර ගන්න බෑ. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තුල මිනිස්සු අසීමිතව පිස්සු නටනවා. මමත් සිංහල බෞද්ධ. එහෙත් අපේ රටේ මිනිසුන් වෛරයෙන් වෙලිලා බලන්න මාධ්‍යයෙන් අදහස් දක්වනකොට මිනිස්සුන්ගෙන් මුහුණු වල තියෙන වෛරය. හැමදාම එකම ආණ්ඩුව තියෙන්නේ නෑ. බහුතර කැමැත්තට ඉඩදීලා පරාජිත අය ඉවසන්න වෙනවා. නැත්නම් අපේ දරුවන්ට රටක් නැතිවෙයි. අදාල බලධාරියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කරුණාකරලා රටේ විනය හදන්න. නැත්නම් මෙහෙම නිදහස දුන්නොත් ඒවා නිසි ලෙස බුක්ති විදින්න නොදන්න න මෝඩ මිනිස්සු නිසා රට නැති වෙයි.
පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ වයසක අයවත් සංවරව හැසිරිය යුතුය එත් ඔක්කොටම වැඩ නැති විදියට හැසිරෙන්නේ අඩුගනනේ මොන්ටිසෝරි ලමෙක්ගේ දකින්න තියෙන සංවර කම මේ වයෝවුද දේශපලකාන්ගෙන් කවදාවත් දකින්න තිබුනේ නෑ. මහජන මුදලින් වැටුපක් දීමනා ගොඩක් ගන්නවා රටට ආදර්ශයක් සහිතව වැඩ කරන්න බැරි මොකද විපක්ෂයේ විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ උනත් පාර්ලිමේන්තුවේ වැරදි ලෙස හැසිරෙන අය මේ වගේ පිටතට දැමිය යුතුය හොද දෙයක් මේ අරම්ඹ කරලා තියෙන්නේ.
චන්ද 22න් කොහොමද රජය පෙරලන්නේ? දැන්ම තේරෙනවනේ. කොහොම හරි සතියක තහන්චියෙන් සුළු මුදලක් රජයට ඉතුරුකළ හැකි.
පාර්ලිමේන්තුවේත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය නෑ
පාර්ලිමේන්තුවේ ඉන්න මේ වගේ වයසක අයවත් සංවරව හැසිරිය යුතුය එ්ත් ඔක්කොටම වැඩ නැති විදියට හැසිරෙන්නේ අඩුගනනේ මොන්ටිසෝරි ලමෙක්ගේ දකින්න තියෙන සංවර කම මේ වයෝවෘධ දේශපාලකයින්ගෙන් කවදාවත් දකින්න තිබුනේ නෑ.
පාර්ලිමේන්තුවේ තිබෙන සම්ප්‍රදායන්වලට ගරු කිරීමට වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් දන්නේ නැතිනම් නවක මන්ත්‍රීවරුද දන්නේ ? මෙම විමල් හබය කතානායකතුමා ගත් තීරණය ඔහුගේ තනි තීරණයක් නොවන බව ඔහු කී අතර එ.ජ.නි.පෙරමුණ යටතේ ජා.නි.පෙ තරඟ වැදුනේ තනි පක්ෂයක් ලෙස සන්ධාන ගතව නොව කිසිදු ගිවිසුමකට අත්සන් නොකර නම් ඔවුන් ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීවරයෙකු මෙන් සැලකිය යුතුය යන සරල තර්කය මොවුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
වෙලිච්ඡා වට්ටක්ක ගෙඩියක්
හරියට ඉස්කොලේවත් ගිහින් නැති ගොන්නු ටිකක් පාර්ලිමේන්තුවට දාගෙන නටන නැටිල්ලක්. ලැජ්ජයි.
මේ වගේ වයසක අයත් හැසිරෙන්න දන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක්. මෙයාගේ මොලේ වයස සමග දුර්වල වෙලාද ?
කතානායක අපක්ෂපාතී නොවීම නිසා සභාව පාලනය කර ගැනීමට නොහැකිව බොහෝ ප්‍රශ්ණ අනාගන්න ස්වරූපයක් පෙනෙනවා
ඡන්ද 22 ක් අරගෙන කොහොමද රජය පෙරලන්නේ කියන අයත් ඉන්නවා. මේකෙන් ජනමතය පේනවද ? එහෙනම් ඡන්ද තියන්න ඇයි බය?
කතා නායක වරයා පක්ෂ පාතිව තීරණ ගැනීම නිසා දැන් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවට සමානයි.
මේ පුද්ගලයා හැමදම පාර්ලිමේන්තුව තුල හැසිරෙන්නේ මෙහෙමනේ....
වයසට ගිහිල්ලත් රටට බරක් නොවී අසරණ මිනිසුන්ගේ බදු/දඩ මුදලින් ජිවත් වෙන, රටට සහ ජනතාවට බරක් වෙලා ජිවත් වෙන මිනිස්සු.
පාර්ලිමේන්තු ජෝක්ස්
පාර්ලිමේන්තුව මහජනතාවගේ විස්වාසය නැති කරනවා
සන්ධානයෙන් ඉල්ලා අස් වුණා නම් කට්ටියගෙම මන්ත්‍රීකම නැති වෙන බව දැන ගන්න ඕනේ .
උත්තරිතර පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුව තුළ මෙහෙම නම් රටේ සිවිල් නීතියට මොකද වෙන්නේ ?
දිගටම ඔය විදිහටම තීන්දු ගන්න....... බොරළු ගොඩ සිංහයාටත් ලැජ්ජයි ...මේවා අපි දුටුවා මොන්ටසොරි වැඩ .......ලැජ්ජයි ....ලැජ්ජයි ....ලැජ්ජයි ....!!!
දවස් හතකට නොව මෙයා සඳහටම පාර්ලිමේන්තුවෙන් අයින් කළ යුතුයි.
මෙය ඕනෑම පාර්ලිමේන්තුවකදී වන සාමාන්‍යය සිද්ධියක්. කලබල වෙන්න අවශ්‍ය නැහැ.
මේ ළඟදි එක් කෙනෙක් කිව්වා නේද අගෝස්තු වෙන විට පොදු පෙරමුණේ අවසානේ කියල එකේ පළවෙනි පියවර තමා මේක
ඕක දැන් කාලයක් තිස්සේ වෙන දෙයක් ..බොරුව ට කෑගහනවා හැරෙන්න වෙන රටට අවශ්‍ය දෙයක් කරන්න දෙන්නෙ නෑ . හොඳ දෙයක් කරන්න කරන්න හැදුවත් කෑගහනවා.
බොරලුගොඩ සිංහයාගේ නාමයටත් කැළලක් නේ වෙලා තියෙන්නේ? මන්ත්‍රීතුමනි, මීට වැඩ සංවර වන්න. බලයට කෑදර නොවන්න.
හොඳ කතානායකවරයෙක් ඕනෑකර තිබේ.
පියාගේ නමත් කන පුතෙක්
පාර්ලිමේන්තුවේ සිටින පැරණිම මන්ත්‍රී කෙනෙකු මෙහෙම හැසිරෙනවනම් එයදෙන්නේ නවකයන්ට වැරදි පූර්වදර්සයක් රටේම විනය විනාස කිරීමක් විනයක් නැත්නම් සාසනය විනාස වෙනවා කියල බුදුහිමියන් දෙසනකලා විනයක් නැත්නම් රටම විනාස වෙනවා කියල
උන්නැහෙ පාර්ලිමේන්තුවේ හිටියාය කියල පලකුත් නැහැනේ කාටවත්. මුන්නහෙට කොරන්න පුළුවන් එකම දේ, නිකං බොරු සෝබනේට ඉස්සරහට පැනලා පච පච ගාල කෑකෝ ගහන එක විතරයි.
මේ වනචාරී සතට මුළු ජිවිත කාලයටම ඔතෙන්ට ඒමට ඉඩ දෙන්න එපා.මොහු රාජපක්ෂගේ වහලෙක්
දෙමව්පියන්ගෙන්වත් ඉගෙනගන්න බැරි වුනාද පාර්ලිමේන්තුවේදි හැසිරෙන්න ඕන විදිය.
පරිනත බව කියන්නේ මේකට වෙන්නෙති
විමල්ට සන්ධානය නැතුව දිනන්න බෑ කිව්වා නේද ? දැන්නම් පෙන්නේ සන්ධානෙට විමල් නැතුව බෑ වගේ, රතන හිමිට ස්වාධීන වීමට අවසර ලැබීමත්, විමල්ට නොලැබීමත් අභාග්‍යයකි....!!!
මේ වගේ නාකි යක්කු අපේ රට කනවා. අපේ සල්ලි වලින් පඩි අරගෙන නේද මේ ජෝගි නටන්නේ.