(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමගාමීව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිප තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇල්වල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇත.
ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර විමසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමිම නතර වී ඇත.
ඩෙවොන් ඇළ පිටාර ගැලිම නිසා කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක පිහිටි නිවාස 20 ක් පමණ ඊයේ (13) ජලයෙන් යට වී තිබු අතර අද අලුයම වන විට පහත් බිම් ජලය බැස යාම හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නැවත තම නිවාස වලට පැමිණ ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක 2කට කලින් අපගේ පියවි ඇසට දක්නට ලැබුණු ඒ සුන්දර දිය ඇලි දෙක "එලෙසින්ම" අද දින ඡායාරූප මගින් දැකීමට ලැබීම පිළිබඳව අප ලංකාදීපයට ස්තුතිවන්ත වෙන්නෙමු. මේ අපේ ලක්මවගේ මිලකළ නොහැකි සුන්දරත්වයයි. එය වැනසීමට දේශපාලකයන් නැමැති අම්බරුවන් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන් සැමවිටම ක්‍රියා කිරීම අවාසනාවකි.