IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්


ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හි ක්‍රෙම්ලින් මන්දිරයේ දී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය පැය භාගයකට සීමා වී තිබුණ ද පස්වරු 3.40ට පමණ වනතුරුත් පැවැති බව එම අංශය පවසයි.



අදහස් (7)

මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්

dingirala Thursday, 23 March 2017 03:13 PM

අපරාදේ පුටින්ගේ පැය එකහමාරක් නිකම්ම විනාශ වුනා.

:       812       833

banda Thursday, 23 March 2017 09:33 PM

භාෂාව පරිවර්තනය කරන්න ගියාම ගොඩාක් වෙලා යනවනේ

:       16       76

arunalu Friday, 24 March 2017 07:00 AM

රනිල් ගියත් පුටින් එක්ක කතා කරන්න පරිවර්තකයෙක් ඕනේ වෙනවා පුටින් කතා කරන්නේ රුසියානු භාෂාව. ඉංග්‍රීසි අපි ලොකුකරගෙන ඉන්නේ අපේ යටත්විජිත මානසිකත්වය නිසයි. රුසියාව , ජපානය , චීනය වගේ රටවල් ඉංග්‍රීසිය ලොකුවට ගණන් ගන්නේ නැහැ.

:       3       223

sudesh Friday, 24 March 2017 10:48 AM

පුටින් කියන්නේ ඇත්තටම අපේ රටට ආදරය කරන නායකයෙක් . ඇමෙරිකාව ජීවිතේට අපේ රටේ නායකයෙකුට ආරාධනා කරලා තියෙනවද එයාලගේ රටට එන්න කියල.

:       1       99

nalin Saturday, 25 March 2017 02:42 AM

මෙම ඓතිහාසික අවස්ථා දෙස දේසපාලන කුහකත්වයෙන් බලන්න එපා. රුසියාව කිසිම විටක ලංකාවේ කුමන රජයක් තිබුනත් ශ්‍රී ලංකාවට හානිකර ක්‍රියාමාර්ග අනුගමනය කර නැහැ, ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට ගියත් භාෂා පරිවර්තනය කරන්න සිදුවෙනවා. ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන පුටින්ගේ සිනහමුසු මුහුනත් හෙළ ගැමි ජනතාව අතරින් බිහිවූ අපේ ජනාධිපතිතුමාගේ අදහස් කෙරෙහි ඔහු දක්වන අවධානයත් දෙස පහන් සිතින් බලන්න මිතුරනේ.

:       44       59

Dingirala Saturday, 25 March 2017 04:41 PM

මෙතන කිසිම දේශපාලන කුහකකමක් කවුරුවත් පෙන්වා නැහැ. අපේ ජනාධිපතිට ඉංග්‍රීසි ප්‍රවීනත්වය අඩුවීම වරදක්වත් නෙවෙයි. ඉංගිරිසිය සෑම රටකම ඉහලින්ම ගණන් නොගන්න බවත් ඇත්තයි. රුසියාව කවදත් අපිට මිත්‍රයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ හැම දේශපාලන නායකයෙක්ම මේ රටවල් වල සංචාරය කරලා ලබන අත් දැකීම් වලින් ආපහු ඇවිත් මොනවද මෙහෙ කරන්නේ කියල.උදාහරණයක් විදියට අපේ සෑම දේශපාලකයෙක්ම යන රටක් තමා සිංගප්පුරුව කියන්නේ.සිංගප්පුරුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන රටක්. දුෂණ, වංචා,මත් ද්‍රව්‍ය, මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ වලට කෙලින්ම මරණීය දණ්ඩනය දෙන රටක්. නමුත් අපේ නායකයෝ මෙරටට ගියා කියල එම රටේ හොඳ එකම එක නීතිමය ප්‍රතිසංස්කරනයක්වත් මෙහෙ සිදු කරලා තියනවද? එහෙම බලන කොට එම රටවල් වලට අපේ නායකයෝ ගිහිල්ල පැය ගණන් කතාකර කර ඉඳල සිදු කරන්නේ ඒ රටවල නායකයන්ගේත් කාලය කාදමන එක පමණි.

:       12       92

milan Sunday, 26 March 2017 07:52 AM

මේකේ කොම්මෙන්ට් දාල තියන dඩිංගිරාල කියන දේවල යම් ඇත්තක් තියන බව පේනවා. අපේ දේශපාලකයන් අතුරින් තමන් විදේශ වලදී දුටු මානුෂිය, දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ අපේ රටට ගැලපෙන විදියට අනුගත කරන්න යම් තරමකින් හෝ උත්සාහ කලානම් ඒ දිවංගත බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ මැතිනිය පමණි. අනිත් දේශපාලකයෝ කලේ තමන්ගේ නෑදෑයෝ මිත්‍රයෝ සහ හෙන්ච්චයියල සමග රටවල් වල ඇවිදලා, කාල බීල, තෑගිබෝග හුවමාරු කරගන, පොටෝ ගහල, ඇල්බම් හදපු එක විතරයි. කලින් අපටත් වඩා ඉතා දුක් විඳි ජනතාවන් සිටි රටවල් වන රුසියාව,චීනය,කියුබාව,සිංගප්පුරුව සහ නැගෙනහිර යුරෝපීය රටවල ජනතාව අද ලබා ඇති යහපත් ජීවන තත්වයන් අපේ රටේ ජනතාවට ලබා දීමට මේ කුහක දේශපාලකයෝ එකෙකුටවත් උවමනාවක් නැහැ. තමන් සහ තමන්ගේ වරිගේ එවුන් විතරක් සැප වින්දොත් ඇති කියන එකයි ඔවුන්ගේ එකම අරමුණ.එහෙම බලන කොට මුන් ගිහින් කරන්නේ එම රටවල නායකයන්ගේ එම රටවල්වලට හරි සේවය කරන්න තිබෙන ප්‍රයෝජනවත් කාලය විනාශ කර දැමීම නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site