IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක්

(රොමේෂ්  ධනුෂ්ක සිල්වා )

දේශීය මැණික් කර්මාන්තය වෙනුවෙන් තම ජීවිතය කැප කරන පතල් කැනීම් ශිල්පීන් සහ මැණික් නිර්මාණ ශිල්පීන් සඳහා විශේෂ ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (31) පැවැත්විණ.

 ‘රත්නාභිමානි උපහාර ’  ලෙස මෙය නම් කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ යෙදෙන තෝරාගත් කිහිපදෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිවරයා විසින් සංකේතවත් ලෙස ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් සහතික ලබා දෙන ලදී.

මෙම සංකල්පය හඳුන්වා දුන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන , අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

උත්සවය අවසානයේ ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේම අද ආරම්භ කෙරුණු ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයද නැරඹීය.



අදහස් (0)

මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site