IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මෝටර් රිය නිවසකට කඩා වදී

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ දී අද(20) අලුයම 2 මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසට හා මෝටර් රියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෝටර් රථය හබරණ දෙසින් පැමිණ ප්‍රධාන වංගුව හරවනවාත් සමඟම මීටර් 70ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට දුරකින් පිහිටි නිවසේ බිත්තිය කඩා ගෙන නිවස තුලට කඩා වැදුණු බව නිවැසියෝ පවසති.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මෝටර් රථය පැදවූ දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙක්  බව පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි. අනතුරින් බැංකු කළමනාකරු සුළු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු නිවසේ කාමර දෙකක නිදාගෙන සිට ඇති අතර ඔවුන්ට අනතුරින් හානියක් වී නැත.

 



අදහස් (9)

මෝටර් රිය නිවසකට කඩා වදී

rama Wednesday, 20 September 2017 05:38 AM

බිත්ති බැඳලා තියෙන පෙදරේරුවා තමයි වැරදිකරු, සවි ශක්තිය මදි

:       92       73

RaveendraWednesday, 20 September 2017 06:15 AM

rama මයා වෙත, ඔබගේ සුන්දර අදහසට අපද යමක් එකතු කිරීමට කැමැත්තෙමු. " ප්‍රමිතියක් නොමැති ගඩොල් "නිපදවූ ගඩොල් පෝරණු කරුවත් වැරදිය.

:       3       32

RaveendraWednesday, 20 September 2017 06:21 AM

තවද ප්‍රමිතියක් නොමැති රියදුරු බල පත්‍රයක් නිකුත්කළ රියදුරු බලපත්‍ර පරික්ෂකවත් පරීක්ෂා කල යුතුමය.

:       3       278

විජිත් Wednesday, 20 September 2017 07:17 AM

ප්‍රමිතියක් නොමැතිව හදලා තියෙන " පාර " ලිස්සන සුලු වීම නිසා මේ අනතුර වෙන්නටත් පුළුවනි...

:       4       47

janatha anura Wednesday, 20 September 2017 06:07 AM

පොඩි ළමයා බේරුනා දෙවි පිහිටෙන්

:       0       46

බණ්ඩාර -කැකිරාව Wednesday, 20 September 2017 06:09 AM

මේ වංගුව බහුලව මාරක අනතුරු සිදුවෙන ස්ථානයක්, එමෙන්ම පරිස්සම් විය යුතුම ස්ථානයක්, ඒ කොහොම වුවත් කාර් එකනම් පැයට කිලෝමිටර120 ක විතර වේගයකින්වත් එන්න ඇති මෙවැනි විනාශයක් වෙන්න

:       0       57

Aruna Wednesday, 20 September 2017 07:02 AM

මෙතන ගෙයක් හැදුව එකයි වැරදි. ගෙවල් හිමියාට වහාම දඬුවම් දෙනු

:       6       41

ධම්ම Wednesday, 20 September 2017 09:15 AM

රියදුරු බැංකු කළමණාකරුවෙකු නොවුනා නම් මේ අනතුර නොවෙන්නත් ඉඩ තිබුනා.

:       0       13

vipula Wednesday, 20 September 2017 09:35 AM

වංගු වල ගෙවල් හදන එක නවත්වන්න නීතිය ගෙන එන්න.

:       23       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site