
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මී ඔය රක්ෂීතය තුළ තිබු දැවැන්ත ශාඛ කපා ගිනි තබා විනාශ කර ඇති බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.
ආණමඩුව නවගත්තේගම මාර්ගයේ මී ඔය පාලම අසල ඇති මෙම රක්ෂීතය හිටපු සභාපතිවරයා විසින් පිරිසක් යොදවා යාන්ත්‍රික කියත් යොදා ගනිමින් කපා ගිනි තබා විනාශ කර ඇති බව ජනතාව චෝදනා කරති .
කෙසේ නමුත් මෙම රක්ෂීත සිමාවේ ගස් කිපයක් කපා දැමිම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මිට මාසයකට පෙර මෙම හිටපු සභාපතිවරයාට නඩුවක් පවරා එම හානියට දඩ මුදලක් පවා ගෙවිමට සිදුව තිබු පසුබිමක මෙම ස්ථානයේ නැවතත් මෙසේ විනාශ කිරීම බරපතල තත්වයක් බවට ජනතාව චෝදනා කරති.
මෙම රක්ෂීතය විනාශ කිරිමත් සමග වෙලේවැව ඇතුළු ගම්මාන රැසකට ජලය සැපයෙන ප්‍රජා මූල සංවිධාන ජලයේ ජල ටැංකියද මේ ස්ථානයේ තිබෙන අතර එයට යම් බලපෑමක් එල්ල විය හැකි බව ජනතාව චෝදනා කරති.
කෙසේ නමුත් සභාපතිවරයා මෙම රක්ෂීතව වැනසිමට පෙර පොල් ගෙඩියක් අයියනායක දෙවියන්ට උඩ තබමින් මෙම විනාශය සිදු කිරීම ද පුදුමය දනවති.
මේ සම්බන්ධන නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතාගෙන් කල විමසිමේදි සිටියේ මෙවැන්නකී.
“ මේ ස්ථානයේ අදාල අයට බලපත්‍රයක් ලබා දි තිබේනවා .නමුත් අපිට හැගෙන ආකාරයට එම සිමාවෙන් එහා ගිහින් තමා අදාල හානිය කර තිබේන්නේ .
මේ පිළිබදව පරික්ෂණයක් ආරම්භ වි තිබේනවා .ඒ පරික්ෂණය අවසන් වන තුරු කිසිදු කටයුත්තක් මෙම බලපත්‍ර ලාභියාට කිරීම සම්පුර්ණයෙන් නවතා දැමිමට කටයුතු කලා .
පිළිබදව චෝදනා එල්ලවන නවගත්තේගම හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.ආර්.එච්.එම්.තිලකරත්න මහතාගෙන් මෙසේ කීය.
“ මේ ස්ථානයේ මට රෑඩ් තුනකට බලපත්‍ර තිබේනවා ඒ නිසායි මම මේ ස්ථානය එළි පෙහෙලි කළේ .මී ඔය රක්ෂීතයට මම හානි කරලා නැහැ. කැලෑව ගිනි අරන් තිබේන්නේ මගේ ඉඩමට ගිනි තබද්දි ගනි පුපුරු ගිහින් .දැනට මෙහි වැඩ ප්‍රාදේශීය ලේකම් තුමා නවතා දමා තිබේනවා . පරික්ෂණයක් යන නිසා යැයි ඔහු පැවසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ඉතින්..සර් උන්නා නම් මෙහෙම වෙන්නෙ නෑනේ.. එක රටක්... එක නීතියක් ...
මගේ ඉඩම කියල කියන්නේ , කොහොමද ඔය සභාපතිය ඔය ඉඩම අරන් තියෙන්නේ ?
සෞභාග්‍යමත් රටක් !
ස්වභාවධර්මයා විසින් මේ "තිරිසන් බූරුවාගේ" සියළු දෑ ගිනි රකුසාට පුජාකරනු ඇත.තවද මේ "බුරුවාට" ජාති ජාතිත් මේ සදහා වන්දිගෙවීමට සිදුවනු ඇත. මෙම අදහස් එම "නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බූරුවාට" කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.......
ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් කරලා යැව්වොත් එයාට කොළඹට යන්න වෙනවා . එතකොට මේ කාලේ තවත් විනාශ කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ . මේ ආරාධනාව 69 ලක්ෂයටයි . ඔන්න නැවත ජාතිමාමකවැඩක් කරන්න අවස්ථාවක්
රවීන්ද්‍ර මේ වැනි කාලකන්නි පාපතරයෙකුට බූරුවා වැනි අහිංසක සතෙක් සම කරන්නෙ ඇයි? ඒ සතාට අපහාස කරන්න එපා.
මෙම මී ඔය රක්ෂිතයට සිදු වූ විශාල විනාශයට වගකිව යුතු මෙවැනි මෝඩ, ආත්මාර්ථකාමී හා වගකීම් විරහිත දේශපාලන නායකයින් සිටීම අප සැබවින්ම කනස්සල්ලට පත් විය යුතු කරුණකි.
බලපත්‍ර දෙන්නේ රජයේ ඉඩම් වලටයි. එසේනම්, මේ ඉඩම රජයේයි. ඒ කියන්නේ, මේ බලපත්‍රය දීලා තියෙන්නේ, රක්ෂිත ඉඩමෙන්. වරද තියෙන්නේ, බලපත්‍රයේ. හෙමි හෙමීට රක්ෂිතය කපා ගිනිතබා ඉඩම ලොකුකර ගන්නවා. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. ඒ නිසා වහාම බලපත්‍රය අහෝසිකොට ඉඩම රක්ෂිතයට යාකළ යුතුයි. පරිසරයට ආදරය කරන මිතුරනි, මේ බව ඔබ සැමගේ අවධානය පිණිසයි.
පැරකුම් මයා වෙත, එම අහිංසක සතාට අවනම්බු කිරීම පිලිබදව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර සියලුම පාඨකයන්ගෙන් ඒ පිලිබදව නැවතත් සමාව අයදිමි.....
වනාන්තරයත් විනාශ කරනවා
තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න සඳහා සොබාදහම හෝ එහි වාසය කරන අසරණ සත්ත්වයින් පලි නැත. ඔවුන්ගේ නිවහන සොබාදහමයි. ඔවුන්ගේ කුරුළු කූඩු සහ පැටවුන්, බිත්තර ආදිය විනාශ කර දමා මෙවන් අපරාධ කරන්නවුන් හට සොබාදහමෙන්ම දඬුවම් ලැබේවා...