අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි‘සදහම් මැදුර’ ශාලාවේදී පැවැත්වුණි.




අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි‘සදහම් මැදුර’ ශාලාවේදී පැවැත්වුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රතන හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උපදේශකත්වය පස්සේ ගිහින් පහුගිය කාලේ අපි ලොකු අමාරුවක වැටුණා. ආයේ නම් යෝගා නෙවේ මොනවා දෙනවා කිව්වත් අපි නම් ඔය පැත්තවත් බලන්නේ නෑ.
මෙච්චරයි අපේ හාමුදුරුවරුන්ට අඩුව තිබුණේ. රතන හාමුදුරුවන්ට පිං...
ඉස්සෙල්ලා විනය පිටකය බලන්න... නැතිනම් ගෙදර යන්න. බුදුදහමට නිගා නොකරන්න.
ඊට වැඩිය හොඳ නැද්ද භික්ෂූත්වයේ ගෞරවය ගැන සැලකිලිමත් වෙන ගමන් විහාරස්ථාන ආරක්ෂා කරගනිමින් ජංගම දුරකතනයෙන්, අන්තර් ජාලයෙන්, මුහුණු පොතෙන්, සින්දු කීමෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන්, නැටුම් පුහුණුවෙන්, රජයේ රැකියාවල යෙදීමෙන්, ආධාරක පන්ති පැවැත්වීමෙන්, හදි හුනියන්, ඇස් බැන්ඳුම්, පේන කීම්, ඉන්ද්‍රජාල ගුරුකම් වලින් අත්මිදී අඩු ගානේ පන්සිල්වත් ආරක්ෂා කරගනිමින්, ශාසනික සේවයේ යෙදෙන්නේ කොහොමද කියලා පුහුණුවීමක් දුන්නොත්... ඒක තමයි හොඳ.
කොතරම් අවාසනාවක්ද? අද ඉන්න තරුණ ස්වාමීන් වහන්සේලාට එරමිණියා ගොතා ගෙන වාඩි වෙන්නට බැරි හැටි.. බලන්නකෝ ඉන්න හැටි...
පන්සල්වලට ඉන්දියන් දේවාල ඇතුළුකලා මදිවට දැන් භික්ෂූන් වහාන්සේලාට ඉන්දියන් යෝග ක්‍රම ඉගැන්වීම් ඇතුළුකරලා බුදුසසුනට තවත් බරපතල විනාශයක් කරන්න අරඅඳිනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට කොතරම් දුරට එකඟද අතුරලියේ රතන හිමියනි?
හාමුදුරුවනේ එක්දින සමථ භාවනාවේද සටහනකුත් කරමුද? පගා දීලා, බොරු කරලා, රවටලා නිවන් යන්න බැහැනේ.
අයියෝ, සංඝයාට ගිය කලක්.. එකපාරටම නිඝන්ඨයෝ වුණාද? මේ ගොල්ලො ජිම් එකටත් යවමුද ? "චරිත භික්ඛවේ චාරිකං"
එක් දිනක් ඕක කරලා හරියන්නේ කොහෙද? හැමදාම කරන්න.
යෝගවල අත් දෙකෙන් හිටගන්න ඉරියව්වක් නැද්ද?
මේ මොනවත් නොවෙයි, හාමුදුරුවන්ට ඉස්සෙල්ලම බුද්ධ ධර්මය උගන්වන්න.
ක්‍රීඩා ඇමති තුමත් සම්බන්ද වෙලා තියෙන්නේ හාමුදුරුවන්ගේ ෆිට්නස් හදන්න වගෙයි.
මේ මොනවද අපේ දෑස් වලින් දකින්නේ? අහෝ දුර්ලබ වූ බුදු දහම, ශාසනය විනාශ නොකොට, ඔබ වහන්සේ කලිසම් කෝට් ඇඳගෙනම පාර්ලිමේන්තු යමින් අඩු තරමි පන්සිල් පද 5 වත් රකිමින් හොඳින් ජීවත් වෙන්න.
රතන හාමුදුරුවනේ,දැන් සැපද?මටනම් හිතෙන්නේ යෝග නෙමේ අවි පුහුණුවයි දැන් දෙන්න වෙන්නේ.පසුගිය කලේ හාමුදුරුවරුන්ට වෙච්චි දේවල් දිහා බලුහම.
බුදුහාමුදුරුවෝ මොන සුත්‍රයේද යොගා කිරීමෙන් නිවන් මාර්ගය අවබෝධ වෙනවා කිව්වේ? මම නම් දන්නා විධියට යොගා කරන අයගේ ඔලුව ටිකක් හරි නැහැ. හොඳින් නිරීක්ෂණය කර බලන්න.
යෝග බොහෝ දුරට හින්දු ආගම සමග සම්බන්ධතාවයක් ඇත , බුදු දහම අදහන අපි අපේ රටතුල , අපේ සමාජයේ සහ අපේ පන්සල් තුල පවා හින්දු දෙවියන්ගේ ප්‍රතිම පවා තබාගනිමින් සුහදව ආගම ඇදහුවද , ලංකාවේ හෝ ඉන්දියාවේ හින්දු දේවල තුල බුධාගමට මේ පිළිගැනීම නොමැත , භික්ෂුන්ට යෝග කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කලේද නැත , කරුණාකර ඔය වැඩේ අපට එපා , ඔහොම ගියොත් අන්තිමට වෙන්නේ තැඹිලි පාට යෝග කලිසම් ඇදගත් හාමුදුරුවරු සංචාරක හෝටල් වල ඔලුවෙන් හිටගනිමින් "හරේ රාම" හරේ ක්‍රිෂ්ණ " මන්තර මතුරමින් සංචාරකයන්ට යෝග වියායාම පුහුණු කිරීම සාමාන්‍ය දෙයක් වීමය .
හින්දු වැඩ බුදු දහමට වැඩක් නැහැ.සතර සතිපට්ටන බාවනවා මනසට ගතට හොද වියායමයක්.බුදුසසුනට තවත් බරපතල විනාශයක් කරන්න අරඅඳිනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට කොතරම් දුරට එකඟද
ඔය ටයි දාගෙන යෝග කරන්න බැහැ ලූස් ඇඳුම් ඇඳගෙන එන්න ඕනේ .
මෝඩ මිනිස්සු යෝග කියන්නේ ආගමක් නොවේ, එය හිතට ඇඟට සහ ආත්මයට නිරෝගී බාවය ලැබෙනේ දෙයක්.. බුදුන් වහන්සේ ගේ කාලෙත් යෝග කලා, එයට බුදුන් වහන්සේ කිසි දිනක එපා කියා නැහැ.. යෝග කියන්නේ විශ්වයේ ස්වාභාදර්මයෙ සම්බන්ධ දෙයක්.
අපේ හාමුදුරුවනේ ඔය පලක් නැති දේවල් පසුවට තබා මේ දවස්වල නියගයෙන් පීඩාවට පත් වී සිටින පුත්තලම පැත්තේ දුෂ්කර ගම්මානවල අන්ත අසරණව සිටින මිනිසුන්ට වතුරපුරවපු බවුසර ටිකක් අරගෙන එනවද. ඔබ වහන්සේට පිං. ඔය පැත්තෙ නෝනල මහත්තයල එකතු කරගෙන මේ වැඩේ ඔබවහන්සේට හොදට කරන්න පුළුවන්. ඔබ වහන්සේ දන්නවද මේ පැත්තේ සමහර ගම්මානවල ජනතාවට දින ගණන නාන්න නෑ.ඇදුම්පැළදුම් හෝදගන්න විදියක් නෑ. රජයෙන්සහනාධාර මල්ලවත් ලැබුණෙ නැත්නම් සමහරුන්ට කන්නත් නෑ. නියගය නිසා කන්න දෙකක් වගාවක් නෑ. ගහකොළ මැරිලමිනිස්සු හරියට දුක් විදිනව. ඒවගේ තත්වයක් රටේ පවතිද්දි ඔබ වහන්සේලා මොවද මේ කරන වැඩ
මේ කරන්නේ බුදුන් වහන්සේ නිවන් දකින්න කරන්න කියපුවද අර කොසොල් රජතුමා දැකපු හීන එකින් එක සබැ වේගෙන වගේ එන්නේ . අමුඩයකුත් ඇන්දුවා නම් නියම හින්දු යෝගී තමයි. අපොයි සාසනයට යන කලක්. දේසපාලකයෝ ගෑවුනොත් ඒක ඉවරයි
කමක් නැහැ කමක් නැහැ කලිසමක් හරි ෂෝටකුත් අන්දලා ගන්න අපේ හාමුදුරුවනේ
නරකද කුන්ග් ෆු ටිකකුත් ඔය එක්කම පුරුදු ෙවුනා නම්?
මහායාන දහමයි හින්දු දහමයි එකට කලවම් කරලා ගෞතම බුද්ධ සාශනය නසන වැඩපිළිවෙලට හවුල් වෙන්න එපා. එක එක අයගේ තනි කැමැත්තට එක එක දේවල් ගෙනත් බුද්ධ දහමේ හර පද්ධතිය විනාශ කරන එක යහපාලනයෙන් දැන් ජයටම කෙරීගෙන යනවා. කතෝලිකයෙක් වශයෙන් හුගක් කනගාටුයි...!!
බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධර්මය සහ ක්‍රියාමාර්ග අතහැරලා තමයි භාවනා අභ්‍යාසයෙන් නිවන් අවබෝධ කරගත්තේ. උන්වහන්සේගේ අනුගාමිකයින් නැවතත් බ්‍රාහ්මණ යුගයට යාම මට නම් පෙන්නේ විහිළුවක් වගේ.
අපේ පන්සල් වල හින්දු දෙවියන් අදහන්න පටන් ගත්ත , දේවාලවල වස්කවි කියන්න , කොඩිවින කරන්න යන්ත්‍ර මන්ත්‍ර කරන්න හාමුදුරුවරු පටන්ගත්ත කෙටියෙන් කියනවා නම් බුද්ධපුත්‍රයන් දේවාලේ කපුවන් බවට පත්වුණා , යෝග කියන්නේ ශරීරය මනසට සුවධායක දෙයක්, යෝග වියායාම කරන්න පෙර සහ පසු මනස එකතැන් කරගැනීමට භාවිත කරන භාවනා මතුරන මන්තර හින්දු ආගමට සම්බන්ධ මන්තර එ්ක ගිහියෝ කරගන්නවානම් හොඳය , නමුත් අර පන්සල් වල දේවාල හැදුව වගේ මේකත් පන්සල් ඇතුලට ගත්තොත් , අපේ නිර්මල බුදුදහමට තව දුරටත් අච්චාරුවක් බවට පත්වෙලා විනාශ වෙලා යාම වැළකිය නොහැක
රතන හාමුදුරුවනේ, ඔබ වහන්සේ රජරට වකුගඩු රෝගය මැඩපැවැත්වීම සදහා ලොකු මැදිහත්වීමක ඉන්න බව දන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී හදිසි අවශ්‍යතාවයක් කොට සලකලා නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් දයමක් කරන්න බලන්න. විශාල පිනක්... !!!
වස විස නැති ගොවිතැන වවාගෙන කන්න බැරිවෙච්චි නිසා දැන් අලුතෙන් වන් ඩේ යෝග ට්‍රේනින් අරඹලා. මෙවැනි ශාසනයද විනාශ කරමින් ජනතාව මුලා කරන මහණුන් පාර්ලිමේන්තුවෙන් එලවා දැමිය යුතුමයි. වස විස නැති ගොවිතැනින් මගින් පැරණි වී වගා කරවපු දුප්පත් ගොවින් තම අස්වනු විකුණාගත නොහැකිව අන්ත අසරණ කරවීය.
දේශපාලනය හා පක්ෂග්‍රාහිත්වය කරපින්නාගෙන අඳුරේ අතපත ගාමින්, අයාලේ ගමන් කරමින් ඉන්නා, සිංහල බෞද්ධයා ලොව උතුම් බෞද්ධ දර්ශනය ආගමක් බවට පරිවර්තනය කරගෙන කෝලම් කරනවා මදිවාට, මානසික සුවය හා වර්ධනය ඇතිකරන ඒ මානසික අභ්‍යාසීය භාවනාවත්, ආගමක් කරගෙන පිස්සු කෙලින්න හදනවා වගෙයි. රත්න හිමියන් විසින් මෙහෙයවන බුද්ධ පුතුන් වෙනුවෙන් කරන ඒ උතුම් ක්‍රියාව වත් අවබෝධ කර ගැනීමට නොහැකි අය කෙසේද බුද්ධ දර්ශනය අවබෝධ කර ගන්නේ?
මේ ව්‍යාපෘතිය මගේ මතකයි.. නිවැරදි නම් පස් වැන්නයි. තවම ඉලක්කගත ගණකයට ලං වෙලා නැතෙයි?
හැම දෙයකම වැරදි දකින එක මානසික ලෙඩක්. මේ කමෙන්ට් දැක්කාම ඒක පේනවා.
සිග්මන් ප්‍රොයිඩ්ද කියලා කව්ද දාර්ශනිකයා කියලා තියෙනවලු හැම මිනිහෙකුටම මොකක් හරි පිස්සුවක් තියෙනවා කියලා. බලාගෙන ගියාම හරියටම හරිනේ !!!