(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළීමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.
යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ සිට යාපනයට වඩුක්කොඩ්ඩෙය් මාර්ගයේදී ඔස්සේ ධාවනය වූ මෙම බසය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි පොලිසිය කියයි.
බස් රථය පෙරළී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පැවති වැසි සහිත කාලගුනය හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකු ගේ තත්ත්වය තරමක් බරපතල බව පොලිසිය කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd