දෙදෙනකු වුවද එකලෙස එක්වී දෙහද
එකතැන එකම දින එක මවුකුස ඉපිද
ලොව බබළවන මතුකර හසරැලි සුහද
බල මැන නිවුන් අසිරිය පිබිදෙන නිබඳ
(ආරියසේන හඳුවල)

(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රථම නිවුන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය කිරිමැටියාගාර දේවස්ථානයේදී පෙර දින සවස පැවැත්විණි.
මීට සමගාමීව ලොව ප්‍රථම නිවුන් සංගීත කණ්ඩායමද එළිදැක්වීය .
ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් සංවිධානය කළ මෙම කැරොල් ගී ප්‍රසංගයට ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් පරිදි නිවුන් දරුවෝ ජෝඩු 125 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ .
මීට සියලු ආගම් නියෝජනය කරමින් ගිහි පැවැදි නිවුන් භික්ෂුන්,නිවුන් පුජකවරුන්,නිවුන් පුජකවරියන් සහ නිවුන් මවුලවිතුමන් ලා සියලු ආගම් නියෝජනය කරමින් නිවුන් සොහොයුරු සොහොයුරින් එක් වූහ.
නිවුන්,තුන් නිවුන් ,සිව් නිවුන් ,පස් නිවුන් දරුවෝද මීට එක් වූහ.
ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ සහ චමරි ගමගේ යන නිවුන් සොහොයුරියෝ මෙය සංවිධානය කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු ලස්සන වැඩක්... ලෝකයේම අවධානයට ලක්වේවි...!
හැමතැනින්ම අසුබ ආරංචි ලැබෙන කාලයේ මෙය නම් සිතට සැනසිල්ලක්... වැලි කතරක කෙම්බිමක් බඳුයි..
බොහොම ඉහළින්ම අගය කළයුතු දෙයක්. මෙම ප්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍යයට යොමු කළාද? එහෙමනම් මුලු ලෝකෙන්ම යහපත් ප්‍රතිචාර ලැබෙන්න ඕනෑ. මගේ සුබපැතුම්..!!!
ඉතාම අගය කළයුතු දෙයක්... විශිෂ්ඨයි. මෙවැන්නක් නිර්මාණය කරපු, ඊට සහභාගි වූ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය...!
"නත්තල් කැරොල් ගී මැද උඳුවප් මාසේ ... නිවුන් හඬින් පිබිදෙන මෙම ලක් දේසේ ... ප්‍රථම වරට ලොව ලබනා ලද උපදේසේ ... ජේසු සමිඳු සිහිකර සැම සිත් සතොසේ ... "
මේ වගේ අහිංසක කටයුත්තකටත් අකැමැත්ත පල කරන්න තවම මානසික රෝගියෝ නෙමෙයිනේ මේ රටේ ඉන්නේ ඉතින්. රට දියුණු කරනවා තියා අඟලක් ඉස්සරහට තියන්න පුළුවන්ද?