IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බල මැන නිවුන් අසිරිය පිබිදෙන නිබඳ

දෙදෙනකු වුවද එකලෙස එක්වී             දෙහද

එකතැන එකම දින එක මවුකුස              ඉපිද

ලොව බබළවන මතුකර හසරැලි             සුහද

බල මැන නිවුන් අසිරිය පිබිදෙන             නිබඳ

(ආරියසේන හඳුවල)

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම නිවුන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය   කිරිමැටියාගාර දේවස්ථානයේදී පෙර දින සවස පැවැත්විණි.

මීට සමගාමීව ලොව ප්‍රථම නිවුන් සංගීත කණ්ඩායමද එළිදැක්වීය .

ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් සංවිධානය කළ මෙම කැරොල් ගී ප්‍රසංගයට ශ්‍රී ලංකාවම නියෝජනය කරමින්  පරිදි නිවුන් දරුවෝ ජෝඩු 125 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ .

මීට සියලු ආගම් නියෝජනය කරමින් ගිහි පැවැදි නිවුන් භික්ෂුන්,නිවුන් පුජකවරුන්,නිවුන් පුජකවරියන් සහ නිවුන් මවුලවිතුමන් ලා සියලු ආගම් නියෝජනය කරමින් නිවුන් සොහොයුරු සොහොයුරින් එක් වූහ.

නිවුන්,තුන් නිවුන් ,සිව් නිවුන් ,පස් නිවුන් දරුවෝද මීට එක් වූහ. 

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ සහ චමරි ගමගේ යන නිවුන් සොහොයුරියෝ මෙය සංවිධානය කළහ.



අදහස් (6)

බල මැන නිවුන් අසිරිය පිබිදෙන නිබඳ

සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 December 2021 10:32 AM

අපූරු ලස්සන වැඩක්... ලෝකයේම අවධානයට ලක්වේවි...!

:       12       46

Sunil Monday, 20 December 2021 03:50 PM

හැමතැනින්ම අසුබ ආරංචි ලැබෙන කාලයේ මෙය නම් සිතට සැනසිල්ලක්... වැලි කතරක කෙම්බිමක් බඳුයි..

:       3       16

Bunny Preena Monday, 20 December 2021 04:44 PM

බොහොම ඉහළින්ම අගය කළයුතු දෙයක්. මෙම ප්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍යයට යොමු කළාද? එහෙමනම් මුලු ලෝකෙන්ම යහපත් ප්‍රතිචාර ලැබෙන්න ඕනෑ. මගේ සුබපැතුම්..!!!

:       2       14

පිටරැටියා Monday, 20 December 2021 05:32 PM

ඉතාම අගය කළයුතු දෙයක්... විශිෂ්ඨයි. මෙවැන්නක් නිර්මාණය කරපු, ඊට සහභාගි වූ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය...!

:       1       15

සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 December 2021 07:02 PM

"නත්තල් කැරොල් ගී මැද උඳුවප් මාසේ ... නිවුන් හඬින් පිබිදෙන මෙම ලක් දේසේ ... ප්‍රථම වරට ලොව ලබනා ලද උපදේසේ ... ජේසු සමිඳු සිහිකර සැම සිත් සතොසේ ... "

:       0       1

sharm warn Friday, 24 December 2021 12:50 PM

මේ වගේ අහිංසක කටයුත්තකටත් අකැමැත්ත පල කරන්න තවම මානසික රෝගියෝ නෙමෙයිනේ මේ රටේ ඉන්නේ ඉතින්. රට දියුණු කරනවා තියා අඟලක් ඉස්සරහට තියන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site