( ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල කුණු කන්දේ නොදිරන ද්‍රව්‍ය වෙන් කිරීම අද ( 19) පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු සේවකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, බදුල්ල මහ නගර සභාව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රධාන අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු ආයතනවල නිලධාරීහු කුණු කන්දේ තිබෙන ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු බෝතල්, ටින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය එකිනෙක වෙන් කළහ.
කාර්යාල රාජකාරීවලින් අද දිනයේදි බැහැර වු නිලධාරීන් ඇතුලු සේවකයින් කසල තේරීම කළ අතරදිනකට බදුල්ල නගර සීමාවේ නිවෙස් ඇතුළු ආයතන වලින් කසල ටොන් 23ක් කුණු කන්දට බැහැර කිරීමෙන් කසළ ටොන් 75000ක් පමණ ගොඩ ගැසී ඇති බව නගර සභාව කියයි.
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ සංකල්පයක් මත කුණු කන්ද බදුල්ලෙන් ඉවත් කිරීමේ වැඩ සටහන ආරම්භ කර සති දෙකක් තුළදී නොදිරන ද්‍රව්‍ය ටොන් හයක් පමණ මේ වන විට වෙන්කර අක්කර බාගයක පමණ භුමි ප්‍රමාණයක් පිරිසිදු කර තිබේ.
කුණු ගොඩින් එකතු කළ නොදිර ද්‍රව්‍ය කර්මාන්තශාලා සදහා ලබාදීමටද නියමිතය.
බදුල්ල නගරයට වසර 40ක කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව තිබු කුණු කන්ද ඉවත් කර වැවක් සහ උද්‍යානයක්ස්ථාපිත කරන බව ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.
බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි,ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ,පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියදාස රත්නායක යනමහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු සහ සේවකෙයා් මෙම කටයුතු සිදු කළහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ නැහැ.. මේ පිට රටවල තියන ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලවල් ලංකාවේ කරන්නේ නැත්තේ මොකද කියලා? පිටරටවල මේවා මහලොකු ප්‍රශ්න නෙමේ.. කොච්චර කල් ඉඳන් මේ කුණු ප්‍රශ්නය නිසා ලංකාවේ මිනිස්සු බැට කනවද...? ප්‍රතිචක්‍රීකරණ වැඩ පිළිවෙලවල් වලින් තවතව දේවල් නිපදවාගන්න පුළුවන්... ක්‍රමවේදවල් ඕනෑතරම් තියනවා. ජපානය, චීනය වගේ රටවල හොඳ තාක්ෂණයක් භාවිතා කරනවා.. මට නම් මහා උභතෝකෝටික ප්‍රශ්නයක් මේ ලංකාවේ කුණු ප්‍රශ්නේ සම්ප්‍රදායෙන් පිට පැනලා කිසිම රජයක් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මේකට විසඳුමක් ගේන්නේ නැත්තේ මොකද කියලා... කිසිම රටක මෙහෙම කුණු කඳු ගොඩ ගහගෙන නැහැ..
මුළු රටපුරාම සතියකට වරක් මෙය කළයුතුය.
කුණු කනවා.. එකෙක් එන්න එපා. අපේ ගම්පළාතේ ඕවා ගිහින් දමපල්ලා දියවන්නාවේ අරලිය ගහ මන්දිරේ..
කව්රුත් මේ වගේ ක්‍රියාත්මක වුනොත්, හැම නගරයකම ලස්සන සහ සුවතාව හොඳින් පවත්වාගත හැකියි.
ඇමතිතුමෝ මේ කර්තව්‍යයට සහභාගි වෙලා ඉන්න අයට රුපියල් ලක්ෂය බැගින් ලබාදෙන්න... රටටම ආදර්ශයක් වෙන්න.
අගය කළයුතු වැඩක්.ඇයි මේ වෙන්කිරීම ගෙදරින්ම සිදුකිරීම අනිවාර්ය කරන්නේ නැත්තේ.දැන් ගොඩක් රටවල ආහාර අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම තහනම් .වෙන් කරලා ලේසියෙන් දිරා යන එක පාලනය කරන්න පුලුවන්. හැමදෙයක් ම මිනිස්සු විසින් එකතු කරලා ප්‍රශ්න ගොඩක් ඇති කරනවා. සැශේ පැකට් වල ඉඳලා මෙගා බෝතලේ දක්වා නොදිරන ආවරණ එකතු කිරීම නිෂ්පාදකයාට අනිවාර්ය කළ යුතුයි.
ඉතාම අගයකලයුතු වැඩක්..
මෙතෙක් කල් මේ රටේ යහපත් වැඩක ප්‍රවුර්තියක් හැටියට දැක්කේ මෙච්චරයි . මේ ආදර්ශය අනිත් නගර වලත් නොගන්නේ ඇයි ? මෙයින් නොනැවතී ගෘහස්ත කසල වර්ගීකරණය කරන්නත් පියවර ගන්න . මොකද මෙතන සුද්ද කරපු අක්කර බාගේ ආයෙමත් පුරවන්න තියන්න බැහැනේ ... ඔබට බොහොම ස්තුතියි මේ ක්‍රියාවට දායක වුනාට ...