(ජේ.ඉඳුරුවගේ )
බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින් ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අද (21) අලුත්ගම කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි.



(ජේ.ඉඳුරුවගේ )
බුදු සසුනට එරෙහි බලවේගයන්ට සත්‍ය අවබෝධ වේවා‘යැයි පතමින් ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සංවිධානය කළ භික්ෂුන් වහන්සේලාගේ සත්‍යග්‍රහයක් අද (21) අලුත්ගම කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔබ වහන්සේලාටත් මහරජාගේ බණ නොව බුදු හිමිගේ බණ මතක් වී ධර්ම අවබෝධය ලැබී සියලු මිනිසුන් හා සත්වයන් වෙනුවෙන් කැපවී කටයුතු කලයුතු බව අවබෝධ වේවා!!! එසේ නැතිව පක්ෂයක්, පවුලක් වෙනුවෙන් උතුම් බුදු දහම කිලිටි නොකරේවා !!!
දුශ්ශීල මහණන් දුටු විට ඒ අයව පිළිකුල් කරන ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වේ.
බුදු සසුනට එරෙහිව වැඩ කරන්නේ ඇතැම් පුද්ගලයෝය. එදා ප්‍රභාකරන්ගෙන් වත් බුදු දහමට මෙතරම් තර්ජනයක් තිබුනේ නැහැ. සමහර ටිකිරි මොලවල ශ්‍රද්ධාව වැඩිකමට ද මන්දා ප්‍රඥාව ඇත්තේම නැහැ.
සාසනේට ගිය කල !.
සමහර හාමුදුරුවරුන්ගේ විනය විරෝධී ශාසන විරෝධී කටයුතුවලට විරුද්ධ වීම බුදුදහමට විරුද්ධ වීමක් නොවෙයි.
භද්‍රානි කොහොමද? ඔයා දකින්න ලැබෙන්නේ හාමුදුරුවරු ගැන ප්‍රවෘත්තියකදී විතරයිනේ.
හාමුදුරුවනේ බුද්ධ සාසනය බේර ගන්න ඕනේ දුස්සීල මහනුන්ගෙන්. අද බොහෝ භික්ෂුන් ජීවත්වෙන්නේ බුදුන්ගේ උතුම් ධර්මය අනුවද ? අද හැම තැනම ඉන්නේ බුදුන් පිරිනිවන් වූ කල අබද්ද වචනක් කිව්වා සුබද්දල.
දේශපාලකයන්ට, කහිණ බව අපට නොපෙනෙන්නට අතින් කට වසාගෙන හොරෙන් කහින හාමුදුරුවරු අපි නං පිළිකුල කරනවා.
"මේ අය දුශ්ශීල අය වෙන්නැති. එත් අපිට එහෙම තීරණය කරන්න බෑ. ඒ වගේම කියනවට, දුශ්ශීල මහනුන් පිළිකුල් කරන්න කියලා, බුදු දහමේ කොහෙවත් කියල නෑ . ඒක බොරුවක්. නමුත් බුදු සසුනට එරෙහි වන්නේ කවුද යන්න, අපිට කියන්න අවශ්‍ය නෑ . එයාලට ධර්මයට සහ විනයට අනුව ඒ දේ තේරෙන්න ඕනේ. එහෙම තේරුනොත් ගන්න දානය, හරිද , පිලිස්සී ගිනිගන්න දැව කොටයක් හා එය සමාන බවත් තේරේවි. සඟ විනිශ්චය ගිහියන්ට බාර දීලා නෑ කියලා මතක තබා ගත යුතුයි.
දේසපාලනය කර ගසා ගත් ලින් ගෙම්ම්බන්ට අද මේ රටේ සිංහල බෞද්ධ ඓතියට සිදුවෙන විනාසය පෙනෙන්නේ නැහැ. දැන් සිදුව ඇත්තේ උපවාස කිරීමට නොව සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට. නායකයාගේ අසුචිත් සුවද යි කියන මේ දේසපාලන ගැත්තන් තව ටික දිනකින් කියාවි රුවන් වේලි සෑ චෛත්‍ය රාජයා ඉදිරිපිටත් අන්‍ය ආගමික සිද්ධස්ථාන හදන්න ඉඩ දෙන්න කියල. මේ දේසපාලන ගැත්තන් නොදෙන්නේ තමන්ගේ බිරින්දන් පමණි.
බුදු සසුනට එරෙහි බලවේගයන් කියන්නේ මොනවාද? අපේ ව්‍යවස්ථාවෙන් පවා රකින බුදු දහම නැති කිරීමට සංවිධානාත්මක බලවේග තිබේ නම් ඒවා එකක් හෝ නම් කල යුතුයි. අද බුදු හාමුදුරුවන්ගේ රූපය තිබෙන ඇඳුමක් ඇඳගෙන ගියත් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නා යුගයක් තිබෙන්නේ. ඉන්දියාවේ හිටපු බුදුන් වහන්සේගේ රුවක් ඉන්දියන් මිනිසුන්ට පවා පාවිච්චි කරන්න ලංකාවේ ඉන්න අපි ඉඩ දෙන්නේ නැති එකේ මොනවද බුදු සසුනට එරෙහි බලවේග?
බුදුන් වදාළ නිවන් මගමය සත්‍ය. ඒ නිසා මුලින්ම මේ උන්නාන්සේලාට සත්‍යය අවබෝධ වේවා!!
අපි දන්නා විදිහට නම් බුද්ධාගම කියන්නේ උතුම් දර්ශනයක්. එත් සමහරු හිතාගෙන ඉන්නේ බුද්ධාගම දේශපාලන පක්ෂයක් කියලයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන මිනිස්සු ඉන්න රටේ බෞද්ධ දර්ශනයටත් ඔහොම කරන එක අමුතුවෙන් අහන්නත් දෙයක්ද? අර "වැටත් නියරත් ගොයම් කයි නම්" කියන කතාව මතක් උනා. "මගේ දහම මෝඩයින්ට අවබෝධ කර ගත නොහැක" ලෙස බුදුන් වහන්සේ වදාළේ කට කහනවට නොවේ. කොහොමත් ඉතින් මෝඩයින්ට ඇත්ත තිත්තයිනේ එකනේ, ඇත්ත, පැත්තකින් තියලා බොරුවට ආවඩන්නේ???
සහන්ලට භද්රානිලට සමීරලට මේ තරම් කේන්ති යන්නෙ ඔයාලවගේ මේ හාමුදුරුවරු අාණ්ඩුවට කඩේයන්නෙ නැති නිසාද?
‘බුදු සසුනට එරෙහි වන්නන්ට සත්‍ය අවබෝධ වේවා‘ - හොඳ ප්‍රාර්ථනාවක් හාමුදුරුවනේ ! ඒ සමගම අපේ රටේ විසූ වියතකු මෙන්ම හොඳ බෞද්ධයකු වූ ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් ශුරීන් මීට දශක ගණනකට පෙර මාළිගාකන්ද පිරිවෙනේ භික්ෂූන් අමතා කළ දෙසුමකට ඇතුළත් වූ එතුමන්ගේ අවසන් ප්‍රාර්ථනය නැවත සටහන් කිරීමේ වැදගත්කම දැනේ. මෙන්න ඒ පැතුම. “මා මිය යන්නට පෙර මේ රටේ එක හාමුදුරු කෙනෙක් හරි බුද්ධ ධර්මයට හැරුණොත් මට ඒ ඇති”!