
(රංජිත් රාජක්ෂ,ගාමිණි ඉලංගන්තිලක,අජිත්ලාල් ශාන්ත උදය සහ ලසන්ත නිරෝෂණ)
කොරෝනා නව සෞඛ්‍ය හුරුපුරුදුවලට මූලිකත්වය දෙමින් අදට යෙදි ඇති උඳුවප් පුන් පෝය දිනෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්,බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය අද උදැසන යෙදුණු සුභ නැකතට අනුව දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසු තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.
ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති, සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මධින්න නායක හිමියන්ගේ ප්‍රධානතවයෙන් උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මධ්‍යයේ මහා සංඟරත්නය සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීම සිදු කෙරිණි. අනතුරුව බැතිමතුන්ගේ සාඳුනඳ මධ්‍යයේ ප්‍රථම ශ්‍රීපාද පුෂ්ප පූජාව පැවැත්විණි.
ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි ප්‍රථම ශ්‍රීපාද වන්දනා නඬයේ සාඳුනඳ මධ්‍යයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරිම සුභ නැකත් අනුව සිදු කෙරීමෙන් අනතුරුව මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.
නිරෝධායන මාර්ග උපදෙස් පිලිපදමින් හැටන් මාර්ගයේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල පළමු දිනයේ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණ සිටිහ.
හැටන් නගරයේදි සමන් දේව පෙරහැරට නිරෝධායන උපදෙස් වලට අනුකුලව වන්දනා මාන කර ගැනිමට විශාල පිරිසක් නගරයට පිවිස සිටිහ.





ඡායාරූප ලසන්ත නිරෝෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිපාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා, මගක් නගිනකොට...
ශ්රී පාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා..., මගක් නගිනකොට...
සාදූ .. සාදූ .. සාදූ .. සම්බුදු සිරිපා ... වඳිනෙමු බැතියෙන්.
ආයෙත් ලොක්ඩවුන් එකකට සහ විශාල මරණ ගනනකට මුලක්....
මෝඩයින් වැඩිවෙන තරමට පූජකයින්ගේ කල්ල මරේ...
වන්දනාවේ යන අයගෙන් වැඩි කට්ටියගේ ශ්‍රද්ධාවයි ,භක්තියයි තියෙන්නේ කටේ විතරයි.හදවතේ නැහැ.බොහෝ දෙනෙකු ට යන්නම් වාලේ යන නිකන් ජොලියට යන ගමනක් වෙලා තියෙන්නේ.නැතිනම් නීති දාන්න ඕනේ නැහැනේ