






කේ ඩි දේවපි‍්‍රය
මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත.
ගිනි අතර බඩගින්න තරම් ඉවසීමට නොහැකි ගින්නක් තවත් නැති බව බුද්ධ දේශනයේ පවා කියවේ.
රටේ පවතින කොරෝනා වයිරසය මුල් කර ගෙන කා අතරත් නිතර කියවෙන ආහාර ගැටලූවට පිළියම් මිනිසා විසින් උපක‍්‍රම ලෙස විස දා ගනු ලැබුවත් මිනිසුන් හමුවේ ජිවත් වෙන සතුන් ද මේ වනවිට උග‍්‍ර ආහාර හිගයකින් මේ වනවිට පෙලෙමින් පවති.
කතරගමට පැමිණෙන බැතිමතුන් රැගෙන එනු ලබන පළතුරු පුජාවේ ඉතිරී වන පළතුරු කැබිළි කා දිවී ගෙවු වදුරන් රිළවුන්, ගවයින්,සුනඛයින් හා බුත්තල කතරගම මාර්ගයේ සිටින මේ වනවිට වන්දනා බැතිමතුන් නොපැමිණිම මත දැඩි පීඩනයකින් පසුවේ.
වෙන දා කිරිවෙහෙර ඇතුලූ පුජා භුමියේ බුද්ධ පුජාවෙන් පසුව ඉවතලන දන් කෑමට හුරු වු සුනඛයින්ද ඉතා අසරණව සිටින අතර බැතිමතුන් කසළ බදුන් වෙත මුදා හරිනු ලැබු පළතුරු කැබිළි කා දැමු අසරණ ගවයින්ද හුදාකළා වී පුජා භුමියේ සිටිති.
මෙයට අමතරව වන්දනා කරුවන්ගේ පුජා වට්ටියට පැන පළතුරු පැහැර ගෙන හා බැතිමතුන් ලබා දෙනු ලබන පළතුරු කා ජිවත් වු වදුරන් මේ වනවිට ගස් වලින් බිමට බැස කුසගින්නේ පසුවේ.
කිසිදු වන්දනා බැතිමතකු නෙපැමිණිම මත මිනිසතුන් ද සතුන් සිපාවුන් ද මාසයකට ආසන්න කාලයක් තුල ආහාර හිගයකින් පසුවේ වන්දනා බැතිමතුන්ගේ නොපැමිණිම මත කතරගම ජනයා ද දැඩි ආහාර හිගයකින් පසු වෙන මේ අවස්ථාවේ දි කිසිදු පිහිටක් මිනිසුන් සමග ජිවත් වන සතුන්ට ද අහිමි වී පිඩනයකින් පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි පොට්ටනි ගහගෙන ඉන්න ධනවත් මිනිසුනේ , මෙන්න කරනවානම් කරන්න තියෙන හොඳම පුණ්‍ය කර්මයක්.. දුප්පතාට බඩගින්න අමුතු දෙයක් නොවෙයි..එහි ඉවසීමේ සීමාව ඉක්මවා ගියාම මේ අසරණයෝ කුමක් කරන්නද.? පන තියෙන සියලුම සත්වයන්ට "බඩගින්න " කියන හැගීම තියෙනවා..කතාකරන්න බැරි තිරිසන් සතුන් , අසරණ විදිහට බලා ඉන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද.? මොනතරම් සල්ලි මිටි පොට්ටනි ගහගෙන හිටියත් ,ඔව්වා මැරෙන කොට අරන් යන්නේ නැහැ. බඩගින්නේ ඉන්න කෙනෙකුට ආහාර ටිකක් දීමෙන් අත්වෙන අති මහත් පුණ්‍ය කර්මය ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. .පුළු පුළුවන් අය මෙවන් අසරණ මිනිසුන්ට, අසරණ සතුන්ට පිහිටක් වෙන්න..
කතරගම විතරක් නෙමෙයි, අනිකුත් දේවාල පන්සල් පල්ලි පාසල් උද්‍යාන හෝටල් තැබෑරුම් ඔක්කොම පාළුවෙලා යන තැනට ස්වභාව ධර්මයත් ලෝක පාලන දෙවියනුත් අපට කියා දුන් අරුම පුදුම පාඩම COVID-19. ලෝකෙම වැහෙන තැනට මෙහෙම වෙන්න ලංකාවේ ඉරණම බලපෑවද කියන එක ගැඹුරු මාතෘකාවක්. මේ වෙලාවේ පොහොසත් දේවාල සහ පන්සල් වලට කරන්න දේ තියෙනවා. ඉස්සෙල්ල ඒ ගැන ලියපු එකක් වැටිලා තිබුනේ නැහැ. ඒ හින්ද මේක පරිස්සමින් ලියනවා. දේවාල වැහිලා යන්නේ දෙවියෝ දේවාලවල නැති නිසා. දෙයියෝ නැති තැන යක්කු ඩෙඟා නටනවා කිව්වට මෙදා පාර වටේ හිටපු යක්කුත් කරබාගෙන. කනගාටුදායකම දේ අපේ රටේ බොහෝ මිනිස්සුන්ටත් සත්තුන්ටත් බඩගින්නේ ඉන්න සිද්ධ වීම. මෙතුවක් කල් ලංකාවේ සියලු දේවාල නඩත්තු කලේ බැතිමතුන්. ඉහලම පොහොසතත්, අන්තිම දුප්පතත් පිළිසරණක් හොයන ආව කතරගම දේවාලය, දැන් අසරණ වෙලා ඉන්න බැතිමතුන් සහ සතුන් වෙනුවෙන් යමක් කල යුතුයි. කතරගම සුරිඳු නමිනුත් දේවාලේ ආරක්ෂා කරපු කඩවර යකාත් නිසා ලැබුණු අතිවිශාල ධනස්කන්ධයෙන් සොච්චමක් වියදම් කරල, ඇඳිරි නීතිය නැති වෙලාවේ සතුන්ට පලතුරු ටිකක් දුප්පත් මිනිස්සුන්ට හාල් පොල් ටිකක් දෙන්න පටන් ගත්ත නම් හොඳයි නේද?
බලනකොට කතරගම මිනිස්සුන්ටයි, සතුන්ටයි වත් දෙවියන්ගෙ පිහිට තිබිල නැහැනේ...
".....වචන වලින් කියාගන්න බැරි තරම් වේදනාවක් ..හදවතේ කොහේදෝ තැනක හිරවී තිබෙන නිසා ..මේ අපෙන් ජීවිතය ඉල්ලන..අහිංසකයින්ගේ මුහුණු නැවත නැවතත් බලා ආවර්ජනය කිරීමට තරම් ශක්තියක් මට නොමැත. ඒ නිසා දෑස් තදින් පියාගෙන...දෙසවන් අගුලුලාගෙන ...
සත්තු කෙසේවෙතත් ඔතන ඉන්නා හොර කපුවෝ ටික නං මිනිස්සුන්ගේ සල්ලි නැතිව අමාරුවෙන් ඇත්තේ. ඔතන වෙන හොර මැරකම් හැටියට දෙවියෝ හිටියොත් පුදුමයක්....
ඔව් සුමේධ, කතරගම දෙවිකෙනෙක් ඉන්නවනම් මින්ස්සුන්ට කොහොම වෙතත් අඩු ගන්නේ මේ සත්තුන්ට හරි පිහිට වෙන්න ඕන. අසරණකම අතින් නම් මේ වෙලාවේ අපි උන්ට වඩා අන්තයි. උන්ට තියෙන්නේ බඩගින්න විතරයි. අපට දසතම මරුවා විලිස්සාගෙන. මොනම දෙවියෙක්වත් බූතයෙක්වත්, නක්ෂත්‍රකරුවෙක්වත්, පේන කරුවෙක්වත්, යාඥා බලෙන් ලෙඩ හොඳ කරන කෙනෙක් වත් මේ වෙලාවේ හොයා ගන්න නැහැ.
සංවේදී සිත් ඇත්තන්ට , මෙවැනි දසුනක් බැලීමට අමාරුයි . මේ දසුන් දැකපු අය මෙයාලාට පිහිටක් වෙයි කියලා සිතනවා. ලංකාදීපයට ස්තුතියි .
සමලිංගික විවාහ වලට අනුබල දීම, ගබ්සාව නීති ගත කිරීම, මුහුද දූෂණය කිරීම, වාතය දූෂණය කිරීම, දරුණු ආයුධ නිපදවීම, විවිධ මත් පෙති නිපදවීම, ලිස්ට් එක දිගයි... අපිට මේ කියා දුන් පාඩම හදුනා ගනිමු.
කතරගම නායක හාමුදුරුවනේ බැංකුවට ගිහින් මුදල් අරගෙන සත්තුන්ට කන්න දෙන්න... කපු මහත්තුරුනේ දේවාලේ පින් පෙට්ටිය කඩල සත්තුන්ට කන්න දෙන්න... දැන්වත් දෙවිවරු නැති බව පිළිගන්න මොහිදෙන් බෙග් මහත්මයනේ කීවේ " මිනිසාමයි ලොව දෙවියන් වන්නේ " එම පිවිතුරු කටහඬ අද තාමත් ඇසෙන්නේ සත්‍යයේ කතාවයි .
වනාන්තර එළි කරලා සතුන් නෙරපා දැම්මේ අපි. වන සතුන්ට අපේ ආහාර පුරුදු කළෙත් අපි. දැන් අපි ඔවුන්ගේ කුස ගිනි නිවමු.
මුදල් නෝට්ටු ගෝනි ගණන් ගොඩගසනා කතරගම කපු මහතුනි, මෙය තනිකරම ඔබලාගේ වගකීමයි.
චිනා බල්ලෝ, පුසෝ, නයි, වවුල්ලු ආදී අසාමාන්‍ය ආහාර පරිභෝජනය කිරීම මුළු ලොවම විනාශයට ගෙන ගොස් ඇත. අපේ උතුම් ලක්දෙරණට මේ අයගේ පැමිණීම අනාගතයේ නොවේවා කියා මම ප්‍රාර්ථනා කරමි.
සුනඛයන් ඇරෙන්න අනෙත් සත්තුන්ට කන්න දෙන්න ඕනේ නෑ. උන්ට තමන්ගේ කෑම සපයාගන්න පුළුවන්. මිනිස්සු නැති වුනහම මේ සත්තු ආපසු පුරුදු වනාන්තරේටම යාවි. ඉතින් වෙලාවකට කොරෝනා ආපු එකත් හොඳක් වෙලා තියෙනවා. මිනිස්සු නිසා ලෝකයේ ඇති වුනු විකෘති සුව වෙනවා.
රිලවු වදුරන්ට අවේනික වුන ආහාර වනාන්තරයේ තිබෙනවා. ඔවුන් ඒවා ආහාරයට ගන්න ඕනේ... මිනිස්සු දමන ඉඳුල් කන්න පුරුදු වුනහම මේ සතුනත් මිනිසාගෙන් විවිධ ලෙඩරෝග බෝ වෙලා එම වෛරස් ඔවුන්ගේ ශරීර තුලදී විරූපී වෙලා නැවත මිනිසාට බෝ වුනහම ඒවා කොරෝන නිසා වෙන විනාශය විශාල වෙන්න පුළුවන් , මිනිසා විසින් ඉවතලන අපද්‍රව්‍ය කන අලි කි දෙනෙක් මිය යනවද ?
ශුනඛයා හැරෙන්න අනෙක් හැම සතාම ආදි කාලෙදි මිනිසුන් සමග සහභෝජනයෙන් ජීවත් වුන සතුන් නෙවෙයි. මිනිසා විසින් වනන්තර කැපීම හේතු කොටගෙන ඔවුන්ගෙ අහාර සොයා ගැනීමේ මාර්ග නැතිවෙලා ගියා. ඒ නිසා ඔහුන් මිනිසුන් සිටින ප්‍රදේශ වලට කෑම සොයාගෙන එන්න පුරුදු උනා. මිනිසුන් විසින් හිතාමතාම ඔවුනට ආහාර දීම හෝ මිනිසුන් විසින් අහක දමන කෑම හෝ කෑමට ඔවුන් පුරුදු වුනා. ඒ හේතුවෙන් ඔවුන් ස්වාභාවිකව භුක්ති විඳි ආහාර වලින් ටික ටික මිදුන. බලන්න අලි ගැන. වැඩි ඈත ගැන හිතන්න ඕනි නැහැ 60-70 දශක වල උනත් වල් අලි ගැන මිනිසුන්ට තිබුනෙ පුදුම භියක්. වල් අලි ගෙවල් කිට්ටුවලට ආවෙත් නැහැ. නමුත් මිනිසුන් ඔවුන්ට කෑම දීමට පටන් ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ටික ටික ලං වුනා. දැන් උඩවලව-තනමල්විල පාර කතරගම -බුත්තල පාර අයින කොච්චරනම් වල් අලි එනවද? මේ තත්වය තව ටික කලක් මෙහෙම වුනොත් ශූනඛයන් හැර අනෙක් හැම සතෙක්ම තනියම කෑම සොයා ගැනීම පිනිස නැවතත් වනයට යන්න පුරුදු වෙනව. (කැලයක් ඉතිරිවෙලා තියෙනව නම්). ඉන්පස්සෙ හරක් පොලිතින් කවර කෑම නවත්වල කැලෙන් තනකොල කයි. වල් අලිනුත් එහෙම වෙයි. වඳුරො බත් පාන් කෑම නවත්වල නැවතත් අත්තෙන් අත්තට පැන පැන කොල කයි.
අතපය හොදට තියෙන්නේ. ඔය කැළේකට ගිහින් ගහකින් වැළකින් ගෙඩියක් කොළයක් වවාගෙන කන්න පුරුදු වෙන්නකෝ. අපිත් අපේ ගෙවල්වල දැන් කන්න බොන්න ඕනෑ කරන දේවල්ටික හදාගන්නවා ඔය කොරෝනාවට පින් සිද්ධවෙන්න.....
අනුන් දෙන දේම කාලා ඉන්න පුරුදු වුනොත් කාටත් ඔය වැඩේම වෙනවා. අපි වගේ තමයි වදුරොත් ගෙවල් හදන්න කතාවෙන්නේ වහින වෙලාවටනේ අපිත් වවන්න කතාවෙන්නේ කෑම හිඟවුණාම.