IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (8) උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කර්මාන්ත රාජ්‍ය ඇමැති  දයාසිරි ජයසේකර, තරුණ කටයුතු  රාජ්‍ය ඇමැති  දුමින්ද දිසානායක, ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු  ඇතුළු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විශාල පිරිසක් මෙම අවසථාවට එක්ව සිටියහ.


 ඡායාරූප-  ගයාන් අමරසේකර 


 



අදහස් (10)

බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

siri Wednesday, 08 January 2020 08:57 AM

මොන දෙයක් කරන්න හරි ඔය ප්‍රතිමාව ඔතන තවමත් තියෙන එක ගැන කවුරු කවුරුත් සන්තෝෂ වෙන්නට ඕනෑ කියලයි සමහරු කියනවා ඇහෙන්නේ. එතුමාගේ පිළිරුව අයිති ඉඩම චීනෙට සින්නක්කර ලියලා දීලා කියලා නේද කියන්නේ?

:       0       166

kamal Wednesday, 08 January 2020 09:06 AM

48 පස්සේ ප්‍රථම වතාවට ලංකාවේ දේශපාලනයට බෞද්ධ භික්ෂූන් දේශපාලනයට ගෙනැල්ලා, පැසුණු බුද්ධියකින්, ජීවන අත්දැකිම් වලින් තොර, ආවේගකාරී ක්ෂණික විසඳුම්වලින් ලංකාවේ දේශපාලනයත්, බුද්ධාගමටත් කළ විනාශයේ ප්‍රතිඵල අද දැකියි හැකියි නේද?

:       0       87

225ත් ගෙදර යවමු Wednesday, 08 January 2020 09:47 AM

මේවත් දැන් විහිළුවක් වෙලා...

:       0       35

lalithm Wednesday, 08 January 2020 09:49 AM

මොකද 48 කියන්නේ? බය නැතිව 56කින් තිබුණා නේද? අද තත්වය නම් භික්ෂුව නොවේ චීවරධාරීන් දේශපාලනයට ගේනවා කියන්න ඕනේ. හැම චීවරධාරියෙක්ම බොදු භික්ෂුවක් නොවෙන හින්දා. රූප පෙට්ටිය බලපුවාම දුක හිතෙනවා.

:       0       55

gaminiWednesday, 08 January 2020 11:54 AM

48දී තමයි සර්වජන ඡන්දෙ ලැබුනේ..., 48 පස්සේ පළමුවෙනි වතාවට බුද්ධාගම දේශපාලන අවියක් බවට පත්කළේ 56 මෝඩකමයි. පෝය නිවාඩුව රට කම්මලිකළා. පෝය නිවාඩුවට පස්සේ රටේ එක රහතුන් නමක්වත් ඇති වෙලා නැහැ. රටේ මිනීමැරුම්, බාල අපරාධ අඩුවෙලා නැහැ පෝයට නිවාඩු දුන්නා කියලා. මේවා තුට්ටු දෙකේ බාල දේශපාලන උප්පරවැට්ටි... අද අපි ඒවාට පව් ගෙවනවා...

:       0       127

krishantha perera Wednesday, 08 January 2020 12:31 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරලා පේනවා නේද සිරාගේ කපටි හිනාව... අර නෝනට කැත විදියට සලකලා...

:       0       128

d.upul Wednesday, 08 January 2020 01:54 PM

රාජ්‍ය භාෂාව සිංහල කරලා පංච මහා බලවේගය කියලා සිංහලයව ගොනාට අන්දලා සිංහලයාගේ ඡන්ද ටික මංකොල්ල කාපු මෙයාලට තවමත් උපහාර දක්වන අය ගැන දුකයි...

:       0       154

P. de. silva - North America Wednesday, 08 January 2020 02:35 PM

මෙහෙමත් විහිලු... පවුලේ අය පැත්තක කොහෙවත් නැති හාල්පාරුවන් රටට, ලෝකෙට පෙනෙන සේ බැහැලා වැඩ... පරම්පරාගත දේපළ හිමි බණ්ඩාරනායකලා දේ තවත් පවුලක් දකුණේ කොපි කරනවා. රජයේ ඉඩකඩම් සහ මුදල් අවභාවිතා කොට දේශපාලනිකව රටම කොටස් වශයෙන් යන කොමඩි ටෙලි නාට්‍යයක් බඳුයි. කවදා අප රට නියම සතුටෙන් සාමයෙන් පිරි යුගයක් බිහිවේද? අඩුම ගානේ, ඉදිරි මතු පරපුරටවත්, මේ දේශපාලු විගඩම් නවතා පිටරටවල සිටිනා විට මැනවින් පෙනේ. ජය ශ්‍රී ලංකා නෙමේ අදහස් පාට, දේශපාලනෙන් තොර කොහේ සිටියත් උපන් රට වෙනුවෙනි.

:       0       18

Amula Thursday, 09 January 2020 04:27 AM

ඇත්තටම මේ අය අපිටනේ මේ බොරු කරන්නේ..........

:       0       2

Kumar Friday, 10 January 2020 05:01 PM

බණ්ඩාරනායක මහත්මයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා දෑස් පියාගත් දිනේම නැතුව ගියා. එතනින් පසු සිටිය සෑම නායකයෙක්ම කළේ රට කෙසේ වෙතත් තමන්ගේ වාසියට ඒ පක්ෂය යොදා ගැනීමයි. පක්ෂය පාවාදුන් සිරිසේන දැන් මල්මාලා දානවද? මල්මාලා දමනකොට පිළිරුවට කම්මුල් පාරක් ගැසුවේ නැති එක පුදුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site