






ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (8) උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් මෙම අවසථාවට එක්ව සිටියහ.
ඡායාරූප- ගයාන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙයක් කරන්න හරි ඔය ප්‍රතිමාව ඔතන තවමත් තියෙන එක ගැන කවුරු කවුරුත් සන්තෝෂ වෙන්නට ඕනෑ කියලයි සමහරු කියනවා ඇහෙන්නේ. එතුමාගේ පිළිරුව අයිති ඉඩම චීනෙට සින්නක්කර ලියලා දීලා කියලා නේද කියන්නේ?
48 පස්සේ ප්‍රථම වතාවට ලංකාවේ දේශපාලනයට බෞද්ධ භික්ෂූන් දේශපාලනයට ගෙනැල්ලා, පැසුණු බුද්ධියකින්, ජීවන අත්දැකිම් වලින් තොර, ආවේගකාරී ක්ෂණික විසඳුම්වලින් ලංකාවේ දේශපාලනයත්, බුද්ධාගමටත් කළ විනාශයේ ප්‍රතිඵල අද දැකියි හැකියි නේද?
මේවත් දැන් විහිළුවක් වෙලා...
මොකද 48 කියන්නේ? බය නැතිව 56කින් තිබුණා නේද? අද තත්වය නම් භික්ෂුව නොවේ චීවරධාරීන් දේශපාලනයට ගේනවා කියන්න ඕනේ. හැම චීවරධාරියෙක්ම බොදු භික්ෂුවක් නොවෙන හින්දා. රූප පෙට්ටිය බලපුවාම දුක හිතෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරලා පේනවා නේද සිරාගේ කපටි හිනාව... අර නෝනට කැත විදියට සලකලා...
රාජ්‍ය භාෂාව සිංහල කරලා පංච මහා බලවේගය කියලා සිංහලයව ගොනාට අන්දලා සිංහලයාගේ ඡන්ද ටික මංකොල්ල කාපු මෙයාලට තවමත් උපහාර දක්වන අය ගැන දුකයි...
මෙහෙමත් විහිලු... පවුලේ අය පැත්තක කොහෙවත් නැති හාල්පාරුවන් රටට, ලෝකෙට පෙනෙන සේ බැහැලා වැඩ... පරම්පරාගත දේපළ හිමි බණ්ඩාරනායකලා දේ තවත් පවුලක් දකුණේ කොපි කරනවා. රජයේ ඉඩකඩම් සහ මුදල් අවභාවිතා කොට දේශපාලනිකව රටම කොටස් වශයෙන් යන කොමඩි ටෙලි නාට්‍යයක් බඳුයි. කවදා අප රට නියම සතුටෙන් සාමයෙන් පිරි යුගයක් බිහිවේද? අඩුම ගානේ, ඉදිරි මතු පරපුරටවත්, මේ දේශපාලු විගඩම් නවතා පිටරටවල සිටිනා විට මැනවින් පෙනේ. ජය ශ්‍රී ලංකා නෙමේ අදහස් පාට, දේශපාලනෙන් තොර කොහේ සිටියත් උපන් රට වෙනුවෙනි.
ඇත්තටම මේ අය අපිටනේ මේ බොරු කරන්නේ..........
බණ්ඩාරනායක මහත්මයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා දෑස් පියාගත් දිනේම නැතුව ගියා. එතනින් පසු සිටිය සෑම නායකයෙක්ම කළේ රට කෙසේ වෙතත් තමන්ගේ වාසියට ඒ පක්ෂය යොදා ගැනීමයි. පක්ෂය පාවාදුන් සිරිසේන දැන් මල්මාලා දානවද? මල්මාලා දමනකොට පිළිරුවට කම්මුල් පාරක් ගැසුවේ නැති එක පුදුමයි.