(ඩයනා උදයංගනී)
දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරුම නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්විණි.
දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 19 වැනි ගුණ සැමරුම හා හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 11 වැනි ගුණ සැමරුම් ද මීට සමගාමීව පැවැත්විණි.
පැන් වඩා බණ්ඩාරනායකවරුන්ට පිං පැමිණවීම, බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීම, ආබාධිත ජනතාව වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම, දෘෂ්‍යාබාධිත ප‍්‍රජාව වෙත වියළි ආහාර පිරිනැමීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුකෙරිණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ මෙච්චරද?
ජනාධිපතිතුමා තැනට ගැලපෙන විදියටම හිනහ වෙන එක දකින්න සතුටුයි. මෙතුමා හිනහා වෙන්නේ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා පටන් ගත්තු දේශපාලන පක්ෂයට තමන් කරපු සේවය මතක් වෙලා.
රට වෙනුවෙන් ඇස්, ඉස්, මස් නැති කරගනිපු මිනිසුන් මහ පාරේ හිඟාකනවා. මිනිසුන්ගේ මුදල් ගිලපු, රට කාපු දේශපාලකයින්ට හැමදාම සැමරුම්...
අද රටේ කොණ්ඩය පාට කරන ඩයි නොතිබුණා නම්, මේක මහල්ලන්ගේ රැස්වීමක් වගේ තිබෙන්නට ඉඩ තිබුණා.
බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බිහිකළ පක්ෂය නැත්තටම නැතිවෙන තැනට කටයුතු කළ කට්ටිය ගුණසමරුවට සහභාගී වුනේ රෙදිත් ඇඳගෙනද කියලයි අහන්න තියෙන්නේ. නිර්පාක්ෂික වෙනවා කියලා තනතුර අරගෙන පස්සේ පක්ෂයේ සභාපතිකම ගත්තු එක තමයි හෙනේට හිටියේ...
මියගිය ඥාතීන්ට පින් පමුණුවන එක උතුම් ගුණයක්. සමාධියක් හදපු එකත් බොහොම වටිනා දෙයක්. නමුත් වළගම්බා රජ්ජුරුවන්ට, පැරකුම්බා රජ්ජුරුවන්ට, දුටුගැමුණු රජ්ජුරුවන්ට, එහෙමත් සමාධියක් හදලා මෙහෙම ජනාධිපතිලා, කතානායකලා ගිහින් පින් පමුණුවනවා නම් රටට කළ සේවයට...
කෝ බොලේ පොහොට්ටු සාටකලා?
වසර 5ටම මෙදින තමයි සහභාගී වුනේ. මෙයාට දැන් වෙලාතියෙන්නේ දියේ ගිලුණු මිනිහට වුණු දේ. දැන් තමයි එල්ලෙන්න මතක් වෙලා තියෙන්නේ...