IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බණ්ඩාරනායක ගුණ සැමරුම හොරගොල්ල සමාධිය අසළදී

(ඩයනා උදයංගනී)
 
දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ 60 වැනි ගුණ සැමරුම නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්විණි.
 
දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 19 වැනි ගුණ සැමරුම හා හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 11 වැනි ගුණ සැමරුම් ද මීට සමගාමීව පැවැත්විණි.
 
පැන් වඩා බණ්ඩාරනායකවරුන්ට පිං පැමිණවීම, බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීම, ආබාධිත ජනතාව වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම, දෘෂ්‍යාබාධිත ප‍්‍රජාව වෙත වියළි ආහාර පිරිනැමීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදුකෙරිණි.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
                                   
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (10)

බණ්ඩාරනායක ගුණ සැමරුම හොරගොල්ල සමාධිය අසළදී

sandy123 Thursday, 26 September 2019 10:25 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ මෙච්චරද?

:       12       29

Gamarala Thursday, 26 September 2019 12:00 PM

නෑ තව ඉන්නවා කාණ්ඩේ හොඳ නැති නිසා එන්න විදිහක් නැහැ.

:       103       15

ලුම්බිණි Thursday, 26 September 2019 10:30 AM

ජනාධිපතිතුමා තැනට ගැලපෙන විදියටම හිනහ වෙන එක දකින්න සතුටුයි. මෙතුමා හිනහා වෙන්නේ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා පටන් ගත්තු දේශපාලන පක්ෂයට තමන් කරපු සේවය මතක් වෙලා.

:       0       113

රුවන් Thursday, 26 September 2019 02:48 PM

ඒ සිනාවේ මන්ද මානසික ගතියක් පේන්නේ මට විතරද? ඔක්ස්ෆෝර්ඩ් ගිහින් හදපු පක්ෂයක් අට පාස් අය නැතිකළ හැටි තමයි....

:       0       4

wimal Thursday, 26 September 2019 11:26 AM

රට වෙනුවෙන් ඇස්, ඉස්, මස් නැති කරගනිපු මිනිසුන් මහ පාරේ හිඟාකනවා. මිනිසුන්ගේ මුදල් ගිලපු, රට කාපු දේශපාලකයින්ට හැමදාම සැමරුම්...

:       0       0

naveen Thursday, 26 September 2019 11:32 AM

අද රටේ කොණ්ඩය පාට කරන ඩයි නොතිබුණා නම්, මේක මහල්ලන්ගේ රැස්වීමක් වගේ තිබෙන්නට ඉඩ තිබුණා.

:       4       0

sirimal Thursday, 26 September 2019 11:52 AM

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බිහිකළ පක්ෂය නැත්තටම නැතිවෙන තැනට කටයුතු කළ කට්ටිය ගුණසමරුවට සහභාගී වුනේ රෙදිත් ඇඳගෙනද කියලයි අහන්න තියෙන්නේ. නිර්පාක්ෂික වෙනවා කියලා තනතුර අරගෙන පස්සේ පක්ෂයේ සභාපතිකම ගත්තු එක තමයි හෙනේට හිටියේ...

:       0       8

chandima Thursday, 26 September 2019 02:50 PM

මියගිය ඥාතීන්ට පින් පමුණුවන එක උතුම් ගුණයක්. සමාධියක් හදපු එකත් බොහොම වටිනා දෙයක්. නමුත් වළගම්බා රජ්ජුරුවන්ට, පැරකුම්බා රජ්ජුරුවන්ට, දුටුගැමුණු රජ්ජුරුවන්ට, එහෙමත් සමාධියක් හදලා මෙහෙම ජනාධිපතිලා, කතානායකලා ගිහින් පින් පමුණුවනවා නම් රටට කළ සේවයට...

:       0       4

Chanak los angeles Thursday, 26 September 2019 10:05 PM

කෝ බොලේ පොහොට්ටු සාටකලා?

:       5       0

hemantha disanayaka Friday, 27 September 2019 10:38 AM

වසර 5ටම මෙදින තමයි සහභාගී වුනේ. මෙය‍ාට දැන් වෙලාතියෙන්නේ දියේ ගිලුණු මිනිහට වුණු දේ. දැන් තමයි එල්ලෙන්න මතක් වෙලා තියෙන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site