
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට(26) යෙදී ඇත.
බණ්ඩාරනායක ගුණ සැමරුම නිමිත්තෙන් වාර්ෂිකව 60 වසරක් පුරා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවති ගුණ සැමරුම මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නොපැවැත්විණි.
එසේ වුවත් බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් බණ්ඩාරනායක සමාධිය අසලට අද (26) උදෑසන ගොස් පුෂ්පෝපහාර දැක්වූහ.
ශ්‍රිලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂ නායකයින්ද අද (26) උදෑසන බණ්ඩාරනායක සමාධිය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අද වැටුණු ප්‍රපාතයට මූලික වූ පළමුවැන්නා.... ආයතන ජඩයින් සතුකිරීම ආරම්භ කළ පුද්ගලයා...