(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)
හම්බන්තොට පහළ අන්දරවැව විනාශවෙමින් යන බන්ඩි ගොයමට පොහොර දෙන්නැයි ඉල්ලා ගොවීහු පහළ අන්දරවැව කුඹුරු යායේදී අද (18) විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවයට එක්ව සිටි ගොවීන් පැසුවේ පොහොර නොමැති විම නිසා බන්ඩි ගොයම විනාශ වෙමින් යන බවයි. කණකර උගස් කර සිදුකල වගාව ආරක්ෂා කර ගැනිම සදහා අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙස විරෝධතාවයට එක්ව සිටි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරට වෙලා රූපවාහිනිය බලලා සතුටුවෙන්න... පොහොර නැහැ.
ගොවි මහත්තයෝ, අපිට දැන් පිටරටින් පොහොර ගෙනෙන්ට විදේශ විනිමය නැහැ. මොනවා කරන්නද? මේක හැමෝටම අමාරු කාලයක්...
නොමිලේ පොහොර දෙනවා කියලා නේද විරුවා කියලා රැවැට්ටුවේ... දැන් සනීපයි නේද?
කොහොමහරි රසායනික පොහොර කාර්යක්ෂමව ලබා දිම කරන්න
ජනතාවට විස කවන ගෙවීන් රටින් පන්නලා දාන්න ඔනි
දේශපාලකයන්ගේ බණ්ඩියට නම් හොඳට පෝර වැටිලා තියෙන බව පෙනෙනවා..
තවත් බොහෝ රටවල ගොවීන් පිළිබඳව ඇත්තේ ඉහළ පිළිගැනීමක් බව නොරහසකි. මක්නිසාදයත් ඒ ඒ ගොවීන්ගේ ක්‍රියාවන් තුළින් මුළු ජනතාවම කුසගින්න නිවාගන්න බැවිනි.. එබැවින් ඒ ඒ රටවල මොන පක්ෂයක් බලයට ආවත් ගොවියා පිළිබඳව ඇති ප්‍රතිපත්ති මෙන්ම ඔවුන්ව තව තවත් ශක්තිවන්ත කරනවාය. එහෙත් බෝහෝ ආසියානු රටවල එයට විරුද්ධ ක්‍රියාවන් ගොවීන් පිළිබඳව නිතරම දැකීමත් කණගාටුවකි. දියවන්නාව ගාලේ බලය ලබාගැනුම වෙනුවෙන්ම මේ අහිංසක ගොවීන්ව තම මුග්ධ අරමුණු වෙනුවෙන් අතකොලු ලෙස පාවිච්චි කිරීමත් එහි බරපතලකම ඒ ඒ දේශපාලුවන්ට නොතේරීම ඔවුන්ගේ ඔලුතුල ඇත්තේ තිරිසන් මොළ බව උන් විසින්ම ඔප්පුකිරීමක් බවත් නොරහසකි.
මිනිස්සුනේ දැන් කණකර උකස් කරලා මදි අපිට ප්‍රාඩෝ ගන්න සෆාරි යන්න සල්ලි ඕනෑ... පුතාට අමෙරිකාව ගෙයක් අරන් දෙන්නත් ඕනෑ. දුවට එංගලන්තය උගන්වන්න ඕනෑ. දැන් මැදපෙරදිගින් සල්ලි එන්නෙත් නැහැ..
තවද මෙම ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී මේ ගොවියා නම් කිසිදා කුඹුරකට පය නොතබපු ඡායාරූපයට පමණක්ම පෙනී සිටින මෙන්ම දහදිය හෙලා මහන්සි වී වැඩ නොකරන ගොවියෙකු බව "ඔහුගේ දේහ ලක්ෂණවලින්" පෙනෙන්නේ අපට පමණමද?
69 ලක්ෂයෙන් එක්කෙනෙක් වුණාට කමක් නෑ... ඒත් ගොවියන්ට අපහාස කරන්න එපා...!!!
ගොවියා රජෙකි... ඔහු වැරහැලි අඳින හිඟන්නෙක් යැයි සිතන කෙනෙක්ද?