කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය විසින් සංවිධානය කරන ලද ඩී එස් සේනානායක විද්‍යාලයීය සිසුන්ගේ සන්නාම සම්මාන උළෙල (ඩීඑස් ස්ටුඩන්ස් බ්‍රෑන්ඩ් අවෝඩ්) මලලසේකර මාවතේ වරලත් ගණකාධිකාරී ආයතන ශ්‍රවණාගාරයේ දී අද (22) පස්වරුවේ පැවැත්විණි.
මෙම සම්මාන උත්සවයේදී පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානය දිනා ගත්තේය. එම සම්මානය ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහතා විසින් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පිරිනමන ලද අවස්ථාව. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ආර් එම් එම් රත්නායක මහතා ද ඡායාරූපයේ සිටී.
ඡායාරූප ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝෂණ මහත්තයා මගේ සුබ පැතුම්!!! මම සුජීව
'සත්‍යයේ මිණි පහන් ටැඹ ලංකාදීප' යයි.ඔබට අපගේ සුබාශිංසන.
මගේ උණුසුම් සුබපැතුම් !!!
හෙට ගැන යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පාදක වන ප්‍රවෘත්තියක්. මිනිසෙකුට තම නිම් වළලු පුළුල් කර ගැනීමට ඇති හොඳම මග කියවීමයි. අධ්‍යාපනයේදී විදේශ භාෂා යම් තරමකට වැදගත් වුවත් සිංහල දරුවන් සිංහළ භාෂාවෙන් පොත පත කියවන්න අනිවාර්යයෙන්ම පෙළඹිය යුතුමයි. ඉපැරණි ඉතිහාසයක් ඇති චීන, ජපන්, කොරියන් ආදී රටවල තම මව් භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමේ ප්‍රතිපලය අපට ඇස් පනාපිට පෙනෙනවා. අපගේ තවම පර්යේෂණයට ලක් නොකළ උපන්‍යාසයක් වන "ජාන ක්‍රියාකාරිත්වයේ වර්ධනය මව් භාෂා විධාන තුල සැඟව ඇත" යන්න ලංකාදීප පුවත් පතේ කර්තෘ මහතුන් ළඟ අවිඥානිකව හෝ ක්‍රියාත්මක වන බව වරින් වර ඒ පුවත් පතට ලැබෙන ගෞරව පුද සත්කාර තුළින් පැහැදිළි වෙනවා.
හැමදාම ජනතාවට හරි දේ තිලිණකරණ ලංකාදීප බොහෝ කල් දිනේවා.
හෙට ගැන යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පාදක වන ප්‍රවෘත්තියක්. මිනිසෙකුට තම නිම් වළලු පුළුල් කර ගැනීමට ඇති හොඳම මග කියවීමයි අධ්‍යාපනයේදී විදේශ භාෂා යම් තරමකට වැදගත් වුවත් සිංහල දරුවන් සිංහළ භාෂාවෙන් පොත පත කියවන්න අනිවාර්යයෙන්ම පෙළඹිය යුතුමයි. ඉතිහාසයක් ඇති චීන, ජපන්, කොරියන් ආදී රටවල තම මව් භාෂාවෙන් අධ්‍යාපනය කරගෙන යාමේ ප්‍රතිපලය අපට ඇස් පනාපිට පෙනෙනවා. අපගේ තවම පර්යේෂණයට ලක් නොකළ උපන්‍යාසයක් වන "ජාන ක්‍රියා කාරිත්වයේ වර්ධනය මව් භාෂා විධාන තුල සැඟව ඇත" යන්න ලංකාදීප පුවත් පතේ කර්තෘ මහතුන් ළඟ අවිඥානිකව හෝ ක්‍රියාත්මක වන බව වරින් වර ඒ පුවත් පතට ලැබෙන ගෞරව පුද සත්කාර තුළින් පැහැදිළි වෙනවා.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, සිසුන්ගෙන් සහ දෙමව්පියන්ගේ මුදල් බලෙන් කොල්ල කා, කරනු ලබන මෙවැනි බොරු වැඩ වහා නැවැත්විය යුතුයි. සිසුන්ගේ කාලය, මුදල් සහ ශ්‍රමය ව්‍යාපාරිකයන්ගේ පිම්බීමට ලක් කරන්නේ කුමටද?
ජනසන්නිවේදනය මැනවින් දත් සිසුදරුවෝ තම සම්මානය තම ජනප්‍රියතම ජාතික පුවත්පත වන ලංකාදීපයට පිරිනැමීම එම දරුවන්ගේ ගුණවත්කම ලොවට කියා දීමක්. මෙවන් දරුවන් රටටම වාසනාවක්...