රොමේෂ් මධුෂංඛ
වත්මන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරි පක්ෂයක් වන ප්ලොට් සංවිධානයේ 29 වැනි ගුණානුස්මරණ විරු දිනය වව්නියාව කෝවිල්කුලම් උමාමහේස්වරන් විරු ස්මාර්කය අසලදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
1989 වසරේදී එවකට ප්ලොට් සංවිධානය අවිගත් කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ අතර එම වසරේ ජුලි 16 වැනදා එවකට ප්ලොට් නායකයා වූ කේ.උමාමහේස්වරන් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇත.
එවක පටන් ප්ලොට් සංවිධානය සෑම වසරකම ප්ලොට් සංවිධානයේ විරු දිනය ජුලි මස 16 වැනි දා වව්නියාව කෝවිල්කුලම් උමාමහේස්වරන් විර් ස්මාර්කය අසලදී සමරනු ලබන්නේ යුද්ධය වෙඩි ප්‍රහාරයන්ට හා බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය සෙසු සාමාජිකයින් ද සිහිගන්වමිනි.
වව්නියාව කෝවිල්කුලම් ප්‍රධාන මාර්ගය නම් කර ඇත්තේද උමාමහේසවරන් මාර්ගය යනුවෙන් වන අතර රජය විසින් සියලු අවිගත් කණ්ඩායම් වෙතට අවි භාරදෙන ලෙසට දැනුම් දීමෙන් පසුව ප්ලොට් සංවිධානය විසින් සියලු අවි රජයට බාරදී දේශපාලන පක්ෂයක් වශයෙන් ජනතාව අතරට පැමිණියහ.
වත්මන් ප්ලොට් නායකයා වන්නේ ධර්මලිංගම් සිද්ධාර්ථන් වන අතර ඔහුගේද සහභාගීත්වයෙන් ඊයේ (16) මියගිය ප්ලොට් විරුවන් සමරනු ලැබූ අතර එම අවස්ථාවට මියගිය ප්ලොට් සාමාජිකයින්ගේ ඥාතීන් රැසක් ද සහභාගී වී සිටියහ.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්ලොට් සංවිධානයේ 29 වැනි විරු දිනය සැමරේ