IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොල් රාජ්‍ය ඇමති පොල් ගසකට නැග පොල් කඩයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පොල්, කිතුල්, තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන , අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පොල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් යොදාගෙන ්සිය ඉඩමේ පිහිටි පොල් ගසකට නැග අද (18) පොල් කැඩනු ලැබීය.

මෙම පොල් කැඩීමේ උපකරණය වරකාපොල අංක 86 මැණික්කඩවල ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතා  විසින් නිර්මාණය කර ඇත.

පොල් කැඩිමේ උපකරණය  පොල් ගසට සවිකර පාද හා දෑත් ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.

මෙම උපකරණය නිපදවූ උපුල් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.

         “ වසර 20 කට පෙර මම ඇස් දෙකෙන් දැක්කා පොල් කඩන අයෙකු ගසින් ඇද වැටී මරණයට පත්වනවා .එයින් මා කම්පා වී මේ ගැන විවිධ අවස්ථා වලදී පොල් ගසට නැගීමට උපකරණ කිපයක් හැදුවා.

නමුත් එයින් සාර්ථකම උපකරණය වුනේ මෙයයි .පොල් ගසට නගින පුද්ගලයාට කිසිම කරදරයක් නැතිව විනාඩි කිපයක් ඇතුළත පොල් කඩා දමා නැවත පහසුවෙන් පහළට පැමිණීමට හැකියාව ඇත.

මෙම උපකරණය සුදු යකඩින් නිෂ්පාදනය කර තිබෙන නිසා මල බැඳීමක් සිදුවන්නේ නැහැ .

ඒ සමගම පිරිමි පුද්ගලයින්ට පමණක් නොව කාන්තාවන්ටත් කිසිම බියක් නැතිව මේ උපකරණය ආධාරයෙන් පොල් කඩන්නනට හැකිවීම විශේෂත්වයකි.

මෙය අද දවසේ පොල් ඇමැතිවරයාට පළමු වරට ක්‍රියාත්මක කර පෙන්වා  ඉන්පසුව ඉදිරියේදී වෙළද පොලට හඳුන්වා දීමට කටයුතු කරනවා‘‘ යැයි ඔහු පැවසීය.

මෙම උපකරණය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව නිපදවා ඇති බවත් උපකරණය ඉදිරියේදී වෙළඳ පොලට හඳුන්වාදීමට කටයුතු කරන   බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

=======================================================================================

(ඡායාරූප - හේමලතා ඩි හේවගේ)

 

 



අදහස් (15)

පොල් රාජ්‍ය ඇමති පොල් ගසකට නැග පොල් කඩයි

nimal Friday, 18 September 2020 04:55 PM

මේ දිනවල ලංකාවේ පවතින පොල් ගෙඩියක මිල ඉතා ඉහළය. සමහර විට රාජ්‍ය ඇමැති එලොව පොල් සොයායාමට දරණ උත්සාහය කෙසේ වෙතත් ගස් නගින උපකරණය සමග රක්ෂණයක් ලබාදීමටත් කටයුතු කරන්න.

:       35       158

xyzSaturday, 19 September 2020 12:53 AM

පොල් ගසක් නිසාම ඔරොත්තු දෙන්න ඇති !

:       0       11

ජනිත් Friday, 18 September 2020 05:00 PM

කලින් හිටපු ඇමති පොල් මිල අඩු කරන්න පොල් මද ගෙනැල්ලා අනාගත්තා. ඒ මදවලින් යවපු DC ආපසු එව්වා. පොල්වතු හිමියෝ වතු නඩත්තු කරගන්න බැරිව වික්කා. මම අද දැක්කා ඔහු සිරිකොතෙන් යන්න බඩු අස්කරනවා කියලා... ඔබතුමා බොහොම නුවණක්කාර විදියට හිතලා තියෙනවා පොල් පිටරටින් නොගෙන්වන්න... ඔබට ජයවේවා!!!.

:       72       94

විජිත්. Friday, 18 September 2020 07:22 PM

දියවන්නාවේ භූත මාලිගාවේ ඉන්න මන්ත්‍රීලාට, ඇමතිලාට මේවා නුපුරුදු දේවල් නොවෙයි. භූත මාලිගාවේ ටෙම්පරි ජොබ් එකට එන්න ඉස්සර ඔය කට්ටියගෙන් වැඩි හරියක්ම කලේ රෑට හොර පොල් කඩන්න ගස් බඩගාපු එක.. හැබැයි මෝඩ බයියන්ගේ ඡන්දයෙන් දියවන්නාවේ භූත බංගලාවට ගියාට පස්සේ ඒ ඉතිහාසය ඉබේම අමතකවෙලා යනවා. ඊට පස්සේ නමට ඉස්සරහින් සද්ගුණවත්.. ඊට පස්සේ.. තුමා කෑල්ල දානවා . කොහොමහරි මෙයත් එතනෝල්වලට සම්බන්ධ කෙනෙක් නිසා පොල් ගහට නගින එකේ වරදක් නැහැ.

:       0       39

Kowins Friday, 18 September 2020 10:48 PM

කොහොමත් දංකොටුවේ පොල් තමා කැඩුවේ.. පිනට පත්වුණු ඇමැතිලා. කිසිම දැනුමක් නැහැ.

:       0       8

AbilinSaturday, 19 September 2020 04:22 PM

ඇයි එයා දවල්ට විතරද පොල් කඩන්නේ? රෑට පොල් කඩන්න ඕනෙ නැති නිසා වෙන්න ඇති.

:       0       0

chandima Saturday, 19 September 2020 12:35 AM

ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා දැනුවත් කරලා නේද නැග්ගේ?

:       0       7

චමින්ද Saturday, 19 September 2020 01:22 AM

මෙතුමා කිතුල් සම්බන්ධයෙනුත් ඇමති නිසා කිතුලකට නැගලා මලක් කඩනවා පෙන්නුවොත් නරකද? ඒ වගේම මිනිසුන්ට කිතුල්මල් මැදීමට තිබෙන අවහිරතා හඳුනාගෙන ඒවා ඉවත්කිරීමට කටයුතු කළොත් හොඳයි නේද? කිතුල් මදින අයට රා ටිකකුත් පෙරා ගැනීමට දුන්නොත් අවශ්‍ය අයට ලොක්කන්ගේ පින්තූර එල්ලාගෙන පෙරන වසවිෂ සහිත දේවල් නැතිව හොඳයි කියලා පිළිගැනීමක් තියෙන රා ටිකක් බොන්නත් පුළුවනි...

:       0       5

kamal Saturday, 19 September 2020 02:03 AM

සුදුස්සා රස්සාව තෝරගන්නවා වගේම සමහරවිට රස්සාවත් සුදුස්සා තෝරගන්නවා.

:       7       139

ලුම්බිණි Saturday, 19 September 2020 04:05 AM

රා පෙරන අයටත් යොදා ගත හැක.

:       0       6

විජේ Saturday, 19 September 2020 05:06 AM

අලුත් විදිහේ සෙක්කුවක් එහෙම හැදුවොත් මමත් යනවා බලන්න..

:       0       4

rana Saturday, 19 September 2020 10:34 AM

වෙන රටවල ඇමතිවරු කන්තෝරුවල කෝව්ඩ් පසු සමයේ තමරට පෙරට ගැනීමට දිරි දෙනවා. අපේ අය ගස් නගිනවා. අපොයි අපට ගිය කලක්...

:       57       8

Hafeel Saturday, 19 September 2020 01:12 PM

මෙයා ඔය උපකරණයෙන් එතනෝල් කැඩුවත් පුදුමයක් නොවේ.

:       0       6

CHANDIMA Saturday, 19 September 2020 04:51 PM

ඇමතිකම් කළත් පරණ රස්සාවටම යන්න වුණු එකනේ පුදුමේ...!!!

:       0       0

Bamunuarachchi Sunday, 20 September 2020 02:23 AM

ඉතින් අර හාදයා ගස් නැග්ග එක, ඒදණ්ඩේ ගිය එක ගැන කතා මොකටද? තවත් ලූස් පොරවල් ඉන්නකොට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site