(ඡායාරූප - ගයාන් අමරසේකර)
පසුගිය පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට චෙක්පත් ප්‍රදානය කිරීමේ උළෙලක් අද (11) පෙරවරුවේ කොල්ලුපිටිය සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී එම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 30 දෙනෙකුගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් වන්දි ප්‍රදානය කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ... දෙමාපියන්ගෙන් ලැබුණු බූදලේ ජනතාවට බෙදන ලස්සන..
රවී ඇමතිතුමා හරිම හැඟීම්බරයි.. වාසනාවයි..
තමන්ගේ පවුල්වල අය අනපේක්ෂිත ලෙස නැතිවෙලා ඉන්න මේ මිනිසුන් මොකටද උත්සවවලට ගෙන්වන්නේ? උදව්වක් කරනවා නම් කරන්න. බොරු උත්සව තියලා මෝඩ දේශපාලනය පෙන්වන්න එපා මහත්වරුනි...
වන්දි කියලා කීයක්ද දීලා තියෙන්නේ කියලත් දාන්න. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් හම්බ වුණු සල්ලිවලින්ද කියලත් දැනගන්න පුලුවන් නම් හොඳයි, එතකොට මේකේ අන්තර් සම්බන්ධය තේරුම් ගන්න පුළුවන්...
ඔතන හරින් ප්‍රනාන්දු නැතෙයි?
ලැජ්ජයි... මෙහෙමද උදව් කරන්නේ...?
මේ අමන පාලකයින් ලැජ්ජා වෙන්න ඕනෑ. මිනිස් ජීවිත වලට මිලක් නියම කළාට. ඔවුන්ට වැසිකිළියට යන්නත් ආරක්ෂකයන්.. සාමාන්‍ය ජනතාවට.. අනික ගෙදරින් ගෙනැල්ලා දෙනවා වගේ බෙදන අපූරුව...
එහෙන් බෝම්බ ගහනවා, මෙහෙන් පොටෝ ගහලා සල්ලි බෙදනවා. මාරයි මෙයා, ඌ මට ගහනවා.. මට ඌ ගහනවා වගේ. ලබන ඡන්දෙ මම දෙන්නේ මෙතුමාලටමයි. ඉදිරියටම කරගෙන යන්න වැඩි වැඩියෙන් ඡන්ද ලැබෙනවා.
තුට්ටු දෙකක් දෙන්න අවශ්‍ය නැහැ. මේ අසරණයින්ට අන්තවාදීන්ගේ මුදල්, රන්, මැණික්... මිලියන ගණනින් අත් අඩංගුවට අරන් තියෙන්නේ... මේ මුදල් සියල්ලක්ම අයිති මේ අසරණයින්ට... නැතිනම් 225ට නෙමේ... ඔය ලැබුණු මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය නැහැ. ළඟදීම මේවා අතුරුදහන් වෙන්න කලින් කාදිනල්තුමාට බාර දෙන්න මේ මුදල්... නැතිනම් ප්‍රභූලගේ දොර ළඟ මුදල් මල්ල තිබුණා කියයි. හරියට කඩුව හැදුවේ ගෙදර ඉන්න කෙල්ලගේ ආරක්ෂාවට කියලා නායකයා කිව්වා වගේ... ගෙදර කඩුව තියන් මල් වට්ටිය පූජා කරන්නේ. දොහොත් මුදුන් දීලා, උදේ, හවස පිරිත් කියන එක නතර කරන්න.
යකෝ, ඔය මහජන මුදල් දුකෙන්, වැලපෙමින් ඉන්න මනුස්සයින්ට ගෙවල් වලට ගෙන ගොස් දෙන්නට හැකියාවක් තිබුණේම නැද්ද?
රට ආරක්ෂා කරන්න