
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජ්‍ය සේවක දිවුරුම දීමේ උත්සවය පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා කීවෙි අන් කවරදාටත් වඩා අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අවස්ථාවක රටේ උත්තරීතරම ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ජනතා අපේක්ෂා වගකීමෙන් ඉටුකිරීමට නව වසරේ පෙළ ගැසිය යුතු බවයි.
නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ප්‍රධාන පියගැට පෙළ අසලදී ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය නව වසරේ රාජකාරි ඇරඹීමේ චාම් උත්සවය පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෙ හොරුන් අල්ලස් ඩුශකයන් මිනිමරුවන් ජාවාරම්කාරයන් මන්කොල්ලකාරයන් අදවෙනකම් කිසිම දෙයක් නොකර දැන්වගේ වැඩ පටන්ගන්න හදන්නෙ. එකත් ඉතින් නියම හොර දෙයකින්ම පටන්ගනිමු නේද?
අපිත් ඕක කාලයක් කළා... පපුවට අතක් තියාගෙන තවත් කෙනෙක් කියවන දේ ගිරවා වගේ කියවලා එතැනින් හැරිලා යන්නේ කිව්වේ මොනවද කියලා මතකත් නැතුව තමයි... ඕක කියවන්න ආරම්භ කළ කාලයේ සිට පිළිපැද්දා නම් මේ රට සුරපුරයක් වෙනවා..
කෝ අපේ දේශපාලකයෝ?
රටේ නීතිය පසෙකලා දේශපාලුවන්ට උවමනා ඕනෑම කුප්ප වැඩක් කිරීමට අපි මෙයින් ප්‍රතික්ඥා දෙමු