IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්


 


පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. 
 
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ‘වහා පාර්ලිමේන්තුව කැඳවනු’, ‘අශීලාචාර පාර්ලිමේන්තුවක් වෙනුවට ශීලාචාර පාර්ලිමේන්තුවක්’, ‘ප්‍රජාතන්ත්‍රවාදය මුදලට විකුණන්න එපා’, ‘ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑමට එරෙහිව’, ‘මගේ ඡන්දය විකිණීමට නෙමෙයි’ යනාදිය පාඨ දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. 

(ළහිරු හර්ෂණ)



අදහස් (14)

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්

sandy Sunday, 04 November 2018 01:22 PM

හොඳම දේ ඡන්දය භාවිතා කිරීම වර්ජනය කරමු. නැතිනම් අපි දන්නෙත් නැතුව අපිව විකුණලා.

:       0       142

sandy123Sunday, 04 November 2018 03:06 PM

එහෙමත් නැතිනම් ඡන්දය දාන්න ලොකු මුදලක් ඉල්ලමු. මොකද මේ අය පහු වෙනකොට අපිව වෙන්දේසි කරනවනේ...

:       0       3

JayanthaSunday, 04 November 2018 05:07 PM

අවුරුදු ගණන් ඡන්දය පවත්වන්නේ නැතුව ඉන්න කොට මෙයාලට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුනේ නැහැ.

:       0       0

saman Sunday, 04 November 2018 02:04 PM

NGO කුක්කන් මේ දවස්වල කප්පම් නැතුව පාරට බැහැලා...

:       787       610

IndunilMonday, 05 November 2018 04:14 AM

හැම දෙයක්ම එන්ජීඕ වෙන්නේ නෑ ...... මොලේ තරම පේනවා .

:       7       109

සචිත් පී පී ලියනගේ Sunday, 04 November 2018 02:10 PM

NGO නඩය, ඔහොමම විරෝධයක් දාන්නකෝ " දී ඉලෙක්ශෝන් මස්ට් බි හෙල්ඩ් "කියලා.

:       220       256

lalith Sunday, 04 November 2018 02:36 PM

සල්ලිවලට පක්ෂ පනින්න ලජ්ජා නැතිද?... කිසි ලැජ්ජාවක් නැහැ. කොයි පැත්තට ගියත් ඔහෙලා අායෙත් අපටම ඡන්දෙ දෙනවනේ...

:       1       66

ලුම්බිණි Monday, 05 November 2018 02:30 AM

විරෝධය පාන්නේ NGO ද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදිව විසඳ ගත යුතු දෙයක් කුමන්ත්‍රනකාරිව විසඳ ගැනීමට යාම තමයි ප්‍රශ්නය.

:       0       0

DD Monday, 05 November 2018 02:44 AM

පච පුස් වැඩ .......

:       18       28

samank Monday, 05 November 2018 04:42 AM

ඡන්ද කල් දම දමා ඉන්න කොට, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය කොහෙද දන්නේ නැහැ තියාගෙන හිටියේ. කොහෙන් හරි ඩොලර් ලැබුණම තමා ප්‍රජාතන්ත්‍රය මතක්වෙලා තියෙන්න.

:       69       256

Bamunuarachchi Monday, 05 November 2018 06:24 AM

එතකොට අර මහා බැංකුව කොල්ල කාපු අය හොරු නොවෙයිද උඹලට?

:       31       152

Bamunuarachchi Monday, 05 November 2018 06:27 AM

මහා බැංකුව කොල්ල කාපු එවුන් කොල්ල කන්න උදවු කොරලා ඇමතිකම් නැති කර ගත්ත එවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඉඩ නොදෙන මුන් හොරු නෙවෙයිද ?

:       1       60

Bamunuarachchi Monday, 05 November 2018 06:29 AM

2020 වන තුරු පාර්ලිමේන්තුව කැඳවන්න එපා............

:       33       47

Sujeewa Monday, 05 November 2018 03:13 PM

සූ ගාලා 19 දෙනෙක් සහභාගිවූ ආණ්ඩුව පෙරලීමට තරම් හයියක් ඇතැයි සිතන මෝඩ රැලක්. මේ පින්තුර පඩි ගෙවනා ජාත්‍යන්තර NGO මූලස්ථාන වලට යැව්වම ඉක්මනින්ම දෛනික වැටුප US$100 කින් වැඩිවනු ඇත. පින්තුර වල ඉන්න අයගෙන්, ඔවුන් නියෝජනය කරන්නේ කව්දයී පාටක අපට සිතා ගත හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site