
(අංජුල මහික වීරරත්න)
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමෙි උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ඊට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ එක්ව සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මාස්ක්?
ප්‍රතිපත්ති කියවනවා.., ටික කලක් එයට අනුව වැඩ කරනවා. වැරදීමක් පේනවිට කල්දාලා ආයෙත් ප්‍රතිපත්ති කියවනවා. අවුරුදු 74ක් කලේ මේ ටිකම නේද? රටකට ගිය කලක්...
ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්නේ නැද්ද සර් එතකොට...? ඇයි මෙහෙම අපරාධ වෙනකොට අම්මලා, තාත්තලා කට වහගෙන ඉන්නේ? තමුන්ගේ දරුවා ඉන්න ඕනේ ඉස්කෝලේ නේද? පාර්ලිමේන්තුවේ නෙමෙයි නේද? කෝ ලංකාවේ චක්‍රලේඛ ගහන අය....
කවුද අවසර දුන්නේ මේවැනි දේකට?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කියන්නේ රස්තියාදුකාරයින් ගැවසෙන තැනක් බව මුලු ශ්‍රී ලංකාවම පිළිගන්නා දෙයක්... එහෙව් තැනකට පාසල් දරුවන් සහභාගි කරගන්නවාට අකැමැතියි. ඔවුන්ගේ හෙංචයියලා ඇරෙන්න... මෙවැනි අය හැසිරෙන තැන්වලට ගැහැණු දරුවන් යැවීම ගැන නම් මහජනතාව වශයෙන් අප විරුද්ධය.
මොනවද මේ විකාර කෝලම්...? හීනමානයෙන් පෙලෙනවුන්ගේ නාඩගමක්...!
කුඹුරක මීහරක් දක්කන විට දුරට ඇසෙන හඬ, හරියට මිහිරි සංගීත රාවයක් වගෙයි. ඒ විෂය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විෂය ධාරාවක් ලෙස ඇතුලත් කිරීම ගැන එම විද්‍යාලයට හා අධ්‍යාපන අමාත්‍යංශයට මාගේ උපහාරය!! ඒ වගේම මේ විෂය ප්‍රගුණ කරගත් සිසුන්ට අනාගතයේදී පාලකයින් වෙනුවෙන් ගීත නිර්මාණය කරන නලා කරුවන් බිහිවීම ගැන අනාගතයේදී අපට බොහෝ ආඩම්බර විය හැකියි.
පාසල් ළමුන් දේශපාලන වැඩට යොදවන්නේ නැහැ කියලා කවුදෝ කිව්වා වගේ මතකයි.
පාසල් සිසුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා කරගෙන දේශපාලුවන්ගේ වැඩවලට මොකට ගෙන්වනවාද? ඊට වැඩිය හොඳ නැද්ද මහා සංඝරත්නය ගෙන්වලා පිරිතක් කියවලා, අත්වල නූල් බැන්දුවා නම්..?
නොදකින් විතරක්... ඔය කාලකන්නි හැතිකරේට ජයමංගල ගාථා කියන්නත් වෙලානේ...!
ඔය ළමයි එදාට එනකොට ලොකුවට වියදම් කරනවා එහෙම නෙවෙයි ඔන්න. චාම්ව ඇඳගෙන එන්න. මේක්අප් අනන් මනන් වලට වියදම් කරන්න එපා. කොණ්ඩ මෝස්‌තර මොනවත් එපා. තියෙන සපත්තුම දාගෙන එන්න. අපට මේවාට කලින් වගේ අත දිගඇරලා වියදම් කරන්න බෑ. පිටරටවල වන්දනාවේ, නත්තල් නිවාඩුවේ, ලෙඩ බලාගන්න සිංගප්පුරුවේ එහෙම යන්න සල්ලි තිබුණාට මේ දවස්වල අතේ සතේ නැතුව ඉන්නේ. තෙරුණානේ...!!!
මොනතරම් මුදල් නාස්තියක්ද... මේ දේවල් අවශ්‍යද ?
අදහස් වලට ඩිස්ලයික් දාන්න සර් වගේ වෙනම ඒකකයක් ඇරලා වගේ